මොනවද මේ අසයිමන්ට්ස්? | Whatis the Assignments?

වැඩේ සාර්ථකව යන නිසා පාඩම් වලට අමතර දෙයක් කියලා දෙන්නත් එපැයි. 

දැන් ඉතින් ඉස්කෝලෙ වගේ නෙවෙයි. වැඩේ ටිකක් සීරියස්. පොත අමතක වුණා, පොත නැති වුණා වගේ කතන්දර කියන්න හම්බෙන්නෙ නෑ. හෝම් වර්ක් ඔන් ටයිම් දෙන්න ඕනි. නැත්නම් ලකුණු නෑ. ශේප් එකක් දාගන්නවත් කවුරුත් නෑ. ඉස්කෝලෙ දුන්න හෝම්වර්ක්ස් වලට කැම්පස් එකේදි අසයිමන්ට් කියලත් කියන්න පුලුවන්.

මොනාද මේ අසයිමන්ට් ? එහෙම නැත්නම් පැවරුම්.

ඔයා ඉගෙනගන්න හැම සබ්ජෙක්ට්ස් එකකටම අසයිමන්ට් එකක් හෝ උපරිම දෙකක් හම්බෙනවා. ඊට අමතරව වයිවා, ප්‍රසන්ටේෂන්, වගේ දේවලුත් තියනවා. ඒ ගැන අපි වෙනම කතා කරමු. 

එක සෙමෙස්ටර් එකකට ඔයාට සබ්ජෙක්ට්ස් 10ක් වගේ ලියන්න වෙනවා. ඉංග්‍රීසි , It, සහ දෙමළත් එක්ක. ලොකු වෙනකොට සබ්ජෙක්ට්ස් ගාන අඩුවෙනවා. බය වෙන්න එපා. මේ සබ්ජෙක්ට්ස් ගොඩාක් අමාරු නෑ. හරිම ලේසියි වගේම ඉගෙනගන්නත් ආස හිතෙනවා.

ඉතින් මේ සබ්ජෙක්ට්ස් එක අන්තිම හරියෙදි ඔයාට කරන්න තියෙන අසයිමන්ට් මොනවද කියලා ඔයාට ඔයාගෙ ලෙක්චර් කියනවා. ඒ සබ්ජෙක්ට්ස් වලට අදාලව තමයි අසයිමන්ට් මාතෘකා හම්බවෙන්නෙ. 

එතකොට ඉස්කෝලෙ වගේ නෝට්ස් ,පොත් ලගට හම්බෙන්නෙ නැති නිසා ඔයාට ටිකක් මේකට මහන්සි වෙන්න සිද්ධ වෙනවා. තමන්ට හම්බ වුණ මාතෘකාවට අදාලව කරුණු හොයන එක එහෙමත් නැත්නම් සාහිත්‍යය විමර්ශන කරන එක තමයි මූලිකම දේ.

ඒවා කොහෙන්ද හොයන්නෙ කියන එක තමයි ඊළග ප්‍රශ්නෙ...බයවෙන්න එපා. ඒකට ඔයාලට ලොකූ පුස්තකාලයක් තියෙනවා. මේ වෙනකොට පුස්තකාලෙ කොහෙද තියෙන්නෙ කියලා හැමෝම දන්නවා කියලා හිතනවා. පුස්තකාලෙන් අදාල රාක්ක හොයාගෙන මාතෘකාවට අදාල පොත් අරගෙන එන්න හරි කරුණු ලියාගන්න එක හරි ඔයාට කරන්න පුලුවන්.

ඊට අමතරව අන්තර්ජාලය භාවිතා කරලත් ඔයාට කරුණු එක්රැස් කරන්න පුලුවන්. පුස්තකාලෙ පොත් ඉක්මනට ඉවර වෙන නිසා ඔයාට කරුණු හොයන්න පොත් නැති වෙන්න පුලුවන්. හැබැයි අන්තර්ජාලයෙන් ඔයාට ඩේටා කලෙක්ට් කරගන්න පුලුවන්. ඔයාට හිතලා කරුණු එකතු කරන්න පුලුවන්. ලෙක්ච එක්ක කතා කරලා නොදන්න දේවල් අහගන්න පුලුවන්. නැත්නම් අයියලා අක්කලත් ඉන්නවා.

දැන් ප්‍රශ්නෙ අසයිමන්ට් එක හදන එක. ඉස්කෝලෙ හදපු පොත් වගේ පාට පාට පෑන් පාවිච්චි කරන්න බෑ. Fm abaya ෆොන්ට් එකෙන් තමයි ටයිප් කරන්න ඕනි. Font size එක 12. ඒ වගේම පිටුවට බෝඩර් එකක් දාන්න ඕනි.මේ බෝඩර් එකට නියමිත නිශ්චිත ප්‍රමාණයක් තියනවා.

උඩින් අඟලක්, පහළින් අගලක්, වම් පැත්තෙන් අඟල් 1.5 ක් සහ දකුණු පත්තෙන් අඟල් 0.5 ක ඉඩක් එක්ක කොලේ රාමුව ඔයා හදන්න අවශ්‍යයි.

අසයිමන්ට් එක පලවෙනි පිටුව එහෙම නැත්නම් Cover Page එක ඔයා කැමති විදිහට නිර්මාණය කරන්න පුලුවන්. ඒත් Cover page එකේ දකුණු පැත්තෙ පහළින් ඔයාගෙ MDS එක ( ඒ කියන්නෙ විභාග අංකය) ඇතුළත් වීමේ අංකය (Index number එක) කැම්පස් එකේ නම (University of colombo ,sri palee campus ) ඔයා ඉන්න වසර, සබ්ජෙක්ට්ස් එකේ නම , ලෙක්චර්ගෙ නම, සෙමෙස්ටර් එකේ නම (එකද දෙකද කියන එක) ඇතුළත් වෙන්න ඕනි.

Cover page එකෙන් පස්සෙ එන පිටුවෙ ඔයාගෙ අසයිමන්ට් මාතෘකාව එක පිටුවක ලියන්න ඕනි. සමහර අය මේක භාවිතා කරන්නෙ නෑ. ඒක ලෙක්චර් එක්ක කතා කරගෙන විසදගන්න පුලුවන්. ඊලග පිටුවෙ ඉදලා ඔයාගෙ අසයිමන්ට් එකට අදාල කරුණු. 

අන්තිම් පිටුවෙ මූලාශ්‍ර. මේ මූලාශ්‍ර යොදනකොට අපිට ඕනි විදිහට දාන්න බෑ. ඒකට් ක්‍රමයක් තියනවා. ඉන්ටර්නෙට් එකේ APA style කියලා සර්ච් කරලා බලන්න. අන්න ඒ ක්‍රමයට තමයි ඔයා ඔයාගෙ රෙෆරන්ස් ඒ කියන්නෙ මූලාශ්‍ර අඩංගු කරන්න ඕනි.

ඔයාට ටයිප් කරන්න ක්‍රමයක් නැත්නම්.අසයිමන්ට් එක අතේ වුණත් අර වගේ බෝඩර් එකක් ඇදගෙන ලියන්න පුලුවන්. ප්‍රශ්නයක් නෑ. ටයිප් කරා කියලා විශේෂ ලකුණු වැඩි වීමක් වෙන්නෙ නෑ. 

අසයිමන්ට් එකේ අවම පිටු ගණන 6ක්. උපරිම පිළිබඳව සීමාවක් අදාල ලෙක්චර්ට අනුව තියෙන්න පුලුවන්.

මම හිතනවා අසයිමන්ට් කියන්නෙ මොකක්ද කියලා නොදන්න අයට මේ ලිපිය ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ලෙක්ච අසයිමන්ට් ගැන කියනකොට මඤ්ඤොක්කා කෑවා වගේ ඉන්න ඕනිත් නෑ දැන්.

එහෙනම් තව ලිපියකින් හම්බවෙමු..එතකන් සුභ දවසක්..

සටහන : උදේනි පෙරේරා 
සිව්වන වසර
ජනමාධ්‍ය අධ්‍යනාංශය
කොළඹ විශ්ව විද්‍යාලය 
ශ්‍රීපාලි මණ්ඩපය

පළමු පාඩම - මාධ්‍ය අභිසාරීතාවය - උදේනි පෙරේරා


දෙවන පාඩම - මාධ්‍ය සාක්ෂරතාවය - මිතිලා පාඨලී සෙනෙවිරත්න 


තෙවන පාඩම - සාම්ප්‍රදායික මාධ්‍ය - මාධව ජයසිංහ 


සිව්වන පාඩම -  වෑර්ලස් කතාව - ජී.බී.සිතාරා සෙව්වන්දි


පස්වන පාඩම - මාධ්‍ය හා ප්‍රචණ්ඩත්වය - මිතිලා පාඨලී සෙනෙවිරත්න.


හයවන පාඩම - මධ්‍ය සංස්කෘතිය - නුවන් ධනංජය


හත්වන පාඩම - රූපවාහිනියේ ඉතිහාසය - හිමර්ශි කුමානායක


Comments

Post a Comment