ජනමාධ්‍ය කියන විෂයත් එක්ක ප්‍රධාන වශයෙන් ඔබට කතා කරන විෂය අංග හතරක් තියනවා. (ඔරියන්ටේශන් එකේදි කියලා දෙන්න ඇති මයෙ හිතේ) ඉතිං ඒ අතරේ තියන ගුවන්විදුලි මාධ්‍ය කියන කොටස තමා කැම්පස් ජීවිතේ ආසාවෙන්ම ඉගනගන්න පුළුවන් විෂය වෙන්නේ. (මාර්කැටිං කෑල්ලක්). ලෝකයේ මාධ්‍යයේ අවශ්‍යතාව සන්නිවේදනයේ දියුණුවත් එක්ක ආව දෙයක්. අල්ලපු වත්තේ ඉන්න එකාට හූවක් තියලා කතා කරනවා වගේ සරල තැනක ඉඳල රට ඉන්න අම්මට තාත්තට ස්කයිප්, වයිබර්, ඉමෝ කෝල් එකක් ගන්න තැන දක්වා අපි ගිහිල්ලා. සමහර විට ඔබ මේක කියවන මොහොත වන විට ලෝකයේ කොහේ හෝ තැනක නව මෙවලමක්, ආකෘතියක් නිර්මාණය වෙනවා ඇති. පුවත්පත් කලාවට පස්සේ ලෝකයේ විද්‍යුත් ක්‍රමවේදයට සන්නිවේදනය කිරීමේ ආරම්භක අවස්ථාවේ හොඳම ම එක තමා ගුවන්විදුලිය කියන්නේ. අද රේඩියෝව, ගුවන්විදුලිය අරක මේක කිව්වට ඉස්සර කාලෙ ඕකට කිව්වේ වෑර්ලස් එක කියල. ඕන්න කතාව පටන් ගන්න තැන. වෑර්ලස් කියන්නේ වයර් රහිත කියන එකටනේ. වයර් සහිත ටෙලිග්රාෆ් ක්‍රමය තමා මුලින් තිබුණේ. ඒ කාලේ ගොඩාක් ප්‍රයෝජනවත් වුණා සැමුවෙල් එෆ්. බී. මෝර්ස් කියන පුද්ගලයා හොයලා දුන්න මේ ක්‍රමවේදය. තිත් සහ කෙටි ඉරි සිස්ටම් එකක් මේකට තිබුණේ. ඔය පරණ තාලෙ ෆිල්ම්වල වගේම ඔයාලා ආසාවෙන් බලන රහස්පරීක්ෂක කතාවල රහස් සංඥා යවන්නේ ඔන්න ඔය ක්‍රමවේදයට. ඒක කෝඩින් සිස්ටම් එකක්. කොරෝනා නිසා කම්මැලිකමටත් එක්ක ඕන නම් හොයලා බලන්න කාටත් හොරා පණිවිඩ යවන්න ඉගන ගන්න පුලුවන්.
හියුජන්ස් විසින් හොයා ගත්තා ආලෝක තරංග මාලාවක් අවකාශයට මුදා හැරීම තුළින් එක් ස්ථානයක සිට තවත් තැනකට පණිවිඩයක් යවන්න පුලුවන් කියලා. මේ ක්‍රමය උපයෝගී කරගෙන මයිකල් ෆැරඩේ විසින් විද්‍යුත් චුම්බක ශක්තිය ගැන පර්යේෂණ කළා. එයාගේ ගෝලයෙක් වූ ජේම්ස් ක්ලාක් මැක්ස්වේල් 1873 දී තමන්ගේ ගුරුවරයා විසින් කළ පර්යේෂණය ඇසුරෙන් ගණිතමය සිද්ධාන්තය ඉදිරිපත් කළා. මැක්ස්වේල්ගේ මෙම සිද්ධාන්තය උපයෝගී කරගෙන 1888 දී ජර්මානු ජාතික හයිරිච් හර්ට්ස් විසින් පර්යේෂණාත්මකව තහවුරු කළා. ඒ නිසා තමයි තරංග සංඛ්‍යාත ' හර්ට්ස් ' වලින් මනින්නේ.
ඔය මං කිව්වේ සංඛ්‍යාත තරංග හොයාගත්ත කතාව හරිම සරලව සහ සංක්ෂිප්තව. තව ගොඩක් අය මේ කතාව ඇතුළේ හිටියා.
දැන් තමයි අපේ කතාවේ ඉන්න වීරයා එන්නේ. ඉතාලි ජාතික විද්‍යාඥයකු වූ ගුග්ලිමෝ මාර්කෝනි විසින් පොඩිකාලෙ කිව්ව විදියට නම් රේඩියෝව හොයාගත්තා. (ඒකාලෙ මං හිතුවේ කවුරු හරි හංගපු තැනකින් මේක එලියට ගත්තා කියලා) ඇත්තටම එයා වෑර්ලස් එක නිෂ්පාදනය කළා, ඒ වගේම වැඩි දියුණු කළා.මොර්ස් ගේ ටෙලිග්රාෆ් ක්රමයම වයර් නැතුව යවන්න පුලුවන් ක්‍රමේකට හැදුවා. මේකට ඔහුට ඉතාලි ජාතික මහාචාර්ය රිගී සෑහෙන්න උදව් කරලා තිබුණා. හැබැයි ඉතිං ලංකාවේ වගේම තමා ඉතාලි රජයට ඒකාලෙ මේක එච්චර වැදගත් වුණේ නෑ. වැඩේ හරියන්නේ නැති නිසා මාර්කෝනි මේක අරන් එංගලන්තයට ආවා. ඒ 1896 වර්ෂයේ දී.
මාර්කෝනිගේ පලවෙනි ගුවන්විදුලි යන්ත්‍රය |
පර්යේෂණ කටයුතු ආයෙත් පටන් ගත්තා. මුලින් අඩි 30ක් දුරට ඊළඟට අඩි 300ක් ඊළඟට සැතපුම් 2ක් අන්තිමට ඉංග්‍රීසි ඕඩය හරහා ගුවන්විදුලි තරංග යවන්න මාර්කෝනිට හැකි වුණා.
1897 දී ' වයර්ලස් සිග්නලිං කොම්පැනි ' කියලා මාර්කෝනිගේ සමාගම පිහිටෙව්වා. පස්සේ මේක
" Marconi’s Wireless Telegraph Company Ltd " කියලා තමයි ප්‍රසිද්ධ වුණේ.
1988 දී ඔහු ගුවන්විදුලි මධ්‍යස්ථාන දෙකක් පිහිටුවනවා. ඒ තමන්ගේ වැඩිදුර පර්යේෂණ කටයුතු වෙනුවෙන්.එහිදී තමයි "Point to Point Signalling " ක්‍රමය හොයාගන්නේ. සරුංගලේක ඒරියල් එකක් හයි කරලා කළ අත්හදාබැලීමක් ඒ.
ඊට පස්සේ මාර්කෝනි ඇමරිකාවට එනවා. වැඩිපුරම මාර්කෝනිගේ මෙම සංඥා ක්‍රමය භාවිතා කළේ නාවික වැඩකටයුතු වලට. මතකයි නේද ටයිටැනික්? ටයිටැනික් නැව අත්ලාන්තික් සාගරයේ අනතුරට පත් වුණ වෙලාවේ මෙම සංඥා ක්‍රමය තමයි ඉතිරි අයව බේරගන්න උදව් කළේ. 1899 දී ඊස්ට් ගොඩ්වින් නැව ආර්. එෆ්. මැකිවුඩ් නැවේ ගැටිලා සිද්ධ වුණ විපතෙදිත් ඔවුන් වෙත ආධාර යවන්න පුලුවන් වුනේ මෙම ක්‍රමයෙන් පණිවිඩ ගොඩබිමට ලැබුණ නිසා.
පළමුවන ලෝක යුද්ධෙන් පස්සේ වෑර්ලස් එක ලැබූ දියුණුව ගැන හෙට කියන්නම්. එතෙක් සුබ දඩයම්.
සටහන : සිතාරා සෙව්වන්දි
ජනමාධ්‍ය අධ්‍යනාංශය
ජනමාධ්‍ය අධ්‍යනාංශය
ආදි ජේෂ්ඨ (17 කණ්ඩායම )
කොළඹ විශ්වවිද්‍යාලය
ශ්‍රී පාලි මණ්ඩපය.
කොළඹ විශ්වවිද්‍යාලය
ශ්‍රී පාලි මණ්ඩපය.
පළමු පාඩම - මාධ්‍ය අභිසාරීතාවය - උදේනි පෙරේරා
දෙවන පාඩම - මාධ්‍ය සාක්ෂරතාවය - මිතිලා පාඨලී සෙනෙවිරත්න
තෙවන පාඩම - සාම්ප්‍රදායික මාධ්‍ය - මාධව ජයසිංහ
සුබ පැතුම් ! අදාල මුලාශ්‍ර/ආශ්රිත ග්රන්ථ ලේඛනය සමග ලිපි පලකිරීම ට කටයුතු කරන්නේනම් මැනවි .
ReplyDelete