චලන චිත්‍රයේ කතාව |Screen Art

චලන චිත්‍රයේ කතාව. 01

චලනය සටහන් කිරීම සදහා මානව වර්ගයා ගත් උත්සාහය ප්‍රාග් ඓතිහාසික යුගය කරා දිවෙන්නකි.මේ පිළිබඳ ව දැනට ලැබී ඇති පැරණිතම නිදසුන් ප්‍රංශයේ ලැස්කෝ සහ ස්පාඤ්ඤයේ අල්තාමීරා ලෙන් චිත්‍ර වලින් හමුවේ.එම චිත්‍ර මගින් ආදි මානවයා විදහාපෑමට උත්සාහය ගෙන ඇත්තේ වන සතුන්ගේ හා දඩයක්කරුවන් ගේ විවිධ ඉරියව් වේ.
චිත්‍ර ශිල්පය මෙන්ම ඊට බොහෝ කලකට පසුව ඇති වූ චායාරූප ශිල්පය ද බිහිවීමට මූලික වූයේ එකම හේතුවක් විය හැකි ය.
මිනිසා ඉපදී ටික කලකට පසුව මිය යයි.ජීවිතයේ යන්න ස්ථිරසාර නොවේ.ළමා වියේදී හා තරුණ වියේදී අපගේ ශරීරයේ, මුහුණේ තිබූ හැඩහුරුකම් අප වයස් ගතවන විට නැතිවී යයි . කාලය විසින් සියල්ල ම සෑම මොහොතක් පාසාම වෙනසකට භාජනය කරයි.අපගේ ජීවිත කාලය තුල සිදුවන දකින හා කියන හැම එකක් ම නැවතත් සිදු නොවේ .ඒවා ඇතැම් විට සිදු වන්නේ එක් වරක් පමණි .
මෙම ස්වභාවය අතික්‍රමණය කිරීමට මානව වර්ගයා එදා සිට අද දක්වා ප්‍රබල උත්සාහයක යෙදී සිටී .
චිත්‍ර ශිල්පය ,චායාරූප ශිල්පය හා ඉන් අනතුරුව සිනමා කැමරාව  ද බිහි වූයේ මෙම සිතුවිලි අරමුණු කරගෙන බැව් සිතිය හැකිය. චිත්‍රය ,චායාරූප ශිල්පය හා සිනමාව වැනි මාධ්‍යයන් කලාත්මක ප්‍රකාශනයන් බවට පත් වීම මින් අනතුරුව සිදු වූවකි. 
මේ අනුව කලාවේ ආරම්භය පැරණි ගුහා තුළින් බිහිවූ බවට සිතීම අපහසු නොවේ.
යුරෝපීය ප්‍රාග් ඓතිහාසික යුගය 
යුරෝපයේ ප්‍රාග් ඓතිහාසික මානවය 'හෝමෝ සේපියන්' යන නාමයෙන් හඳුන්වනු ලැබේ .මෙම ආදිතම මානවයා ක්‍රිස්තු පූර්ව 4000 ජීවත් වූවෙකි.මෙම මානවයා පිළිබඳ තොරතුරු ලෝකයේ බොහෝ රටවලින් හැඳින ගෙන ඇත.ඔවුන් වාසය කළ ප්‍රධාන රටවල් අතර උතුරු ඇමරිකාව,ස්පාඤ්ඤය ,ප්‍රංශය , යුරෝසියාව, සිසිලිය,පෘතුගාලය ,අප්‍රිකාව ,ආසියාව ,දකුණු රුසියාව ,ඕස්ට්‍රේලියාව වැදගත් වේ .
ආදි මානවයා ජීවත් වූ පරිසරයේ ඇති ගල් ගුහාවල සිතුවම් අලංකාර කළේය.එම සිතුවම් ප්‍රාග් ඓතිහාසික ගුහා චිත්‍ර ලෙස වර්තමානයේ දී හඳුන්වනු ලැබේ .මෙම ලෙන් චිත්‍ර ආගමික විශ්වාස හා සැසඳිය යි යි විශ්වාස කෙරේ .
යම් සතෙකුගේ රූපය සිතුවමට නැගීම තුලින් තමාට එම සත්වයාගේ ජීවයට බලපෑමක් කිරීමට හැකි යැයි ඇතැම් විට ඔවුන් සිතන්නට ඇත.
ප්‍රාග් ඓතිහාසික යුගය ප්‍රධාන වශයෙන් යුග 03 කි.
1.පූර්ව ශිලා යුගය
2.මධ්‍ය ශිලා යුගය
3.අපර ශිලා යුගය 

  • ශාක කොටස් , පාශාන කොටස් ,සත්ත්ව ලේ , තෙල් බාවිතා කර වර්ණ නිපදවාගෙන ඇත.

  • කළු, දුඹුරු ,කහ,ගුරු,වර්ණ බහුලව සිතුවම් සදහා බාවිතා කර ඇත.

  • කළු පැහැයෙන් බාහිර රේකා ඇද ඇත

  • පින්සල් ලෙස බට කෝටු ,මුල් වර්ග තලා හෝ දත් වලින් සපා සාදාගෙන ඇත.

  • දෑත් මගින් සායම් තවරා ඇත.

  • මේවයේ සමස්ත තේමාව සත්ව දඩයමයි.

  • ප්‍රමාණයෙන් විශාල සත්ව රූප ඇද ඇත.

  • සිතුවමේ පසුබිම , පර්‍යාවලෝකනය පිළිබඳ සැලකිලිමත් වී නොමැත

  • පැතලි හා පාර්ශවදර්ශී රීති අනුගමනය කර ඇත.

  • සංකේතාත්මක ව සිතුවම් කර ඇත.

  • මෙම චිත්‍ර වල,

 බයිසන් ගවයා ,මැමත් රුව ,හිම වලසා , ඌරා, වල් අශ්වයා, ගොනා, රයිනෝසිරස් පිනිමුවා , වැනි රූප හා සිප්පි කටු, හෙල්ල, පදක්කම් ,ආභරණ ,ගැහැණු ,පිරිමි රූප ,ආයුධ හා ජාමිතික හැඩතල යනාදිය ද චිත්‍රයට නගා ඇත .
මෙම චිත්‍ර ඇඳීමේ අරමුණු ,
  • භාෂාවක් ලෙස සිතුවම් ඇදීම

  • ගුහාව තුළ ට සතුන් කැදවා ගැනීම

  • මරණින් පසු ආත්මය සාර්ථක කරගැනීමට 

  • භූත ආත්ම පළවා හැරීම හා සතුටු කිරීම

  • ගොදුරු බෝ වීම හා වර්ධනය කර ගැනීම වැනි පරමාර්ථ.

චිත්‍ර හමුවූ ස්ථාන 
  1. ලැස්කෝ 

  2. ඇල්ටමීරා

  3. කෝගුල්

  4. පොන්ටිගෝමී


සටහන : අචිනි මධුශිකා
සිව්වන වසර 
ප්‍රාසාංගික කලා අධ්‍යනාංශය 
කොළඹ විශ්ව විද්‍යාලය 
ශ්‍රීපාලි මණ්ඩපය

පළමු පාඩම - මාධ්‍ය අභිසාරීතාවය - උදේනි පෙරේරා


දෙවන පාඩම - මාධ්‍ය සාක්ෂරතාවය - මිතිලා පාඨලී සෙනෙවිරත්න 


තෙවන පාඩම - සාම්ප්‍රදායික මාධ්‍ය - මාධව ජයසිංහ 


සිව්වන පාඩම -  වෑර්ලස් කතාව - ජී.බී.සිතාරා සෙව්වන්දි


පස්වන පාඩම - මාධ්‍ය හා ප්‍රචණ්ඩත්වය - මිතිලා පාඨලී සෙනෙවිරත්න.


හයවන පාඩම - මධ්‍ය සංස්කෘතිය - නුවන් ධනංජය


හත්වන පාඩම - රූපවාහිනියේ ඉතිහාසය - හිමර්ශි කුමානායක


                                                                 
අටවන පාඩම - මොනවද මේ අසයිමන්ට් - උදේනි පෙරේරා

https://mediavalueinfo.blogspot.com/2020/03/whatis-assignments.html?m=1

Comments