ඈත අතීතයේ වසර දස දහස් ගණනකට පෙර ජීවත් වූ ආදි මානවයින්ගේ ජීවන තොරතුරු රැුසක් අනාවරණය කර ග්නීමට දායක වන මෙම ගුහා චිත‍්‍ර ලෝකයේ විවිධ රටවල් වල විවිධ ස්ථාන වලින් අපට වාර්ථා වේ.මෙම චිත‍්‍ර බොහොමයක දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ මෙම යුගයේ ජීවත් වූ සතුන්ගේ ජීවන රටා චිත‍්‍රයට නගා තිබීමයි. චිත‍්‍රයට නගා ඇත්දැයි කිවහොත් ඇතැම් මහාචාර්යවරු මෙම චිත‍්‍ර පසුකාලීනව ඇඳි චිත‍්‍ර යැයි සැක පල කරන්නට විය. කෙසේ නමුත් වැඩිදුර අධ්‍යයනය කිරීම්වලින් පසු මෙම චිත‍්‍ර වසර 32000ක් තරම් ඈතට දිවයන බව පවසයි. අප වෙසෙන ශ‍්‍රී ලංකාවෙන්ද ඉපැරණි ගුහා චිත‍්‍ර හමුවී තිබෙන බව දක්වා ඇත. තන්තිරිමලේ ගුහා චිත‍්‍ර ලෙස මේවා හැඳින්වේ.
ඉතා විශිෂ්ට හා දුර්ලභ ගණයේ සිතුවමක් ලෙස මෙය සැලකේ. ආජන්ටිනාවේ Santa cruz ප‍්‍රදේශයෙන් හමුවන මෙම සිතුවම් අතර සතුන් හා දඩයම් කරන පිරිස් ද දැකිය හැකිය. නමුත් ඒ අතර ඉතා කැපී පෙනෙන සිතුවම වන්නේ මිනිසුන්ගේ අත් පාරවල් සහිත සිතුවමයි. මින් බොහොමයක් වම් අත්ලවල් වන අතර විචාරකයන් පවසන අන්දමට වම් අත තබා දකුණු අතෙන් තීන්ත බටයක් තබා එම බටය පිඹීමෙන් මෙම සිතුවම කර ඇති බවයි. වසර 3000ත් 9000ත් අතර කාලයකට පෙර මෙම සිතුවම් කර ඇති බව සැලකේ
ලොව වඩාත් සුරක්ෂිතව ඇති ගුහා චිත‍්‍ර හමුවන්නේ ස්පාඤ්ඤයේ ඇල්ටම්යිරා ගුහා වලිනි. 19 වන සියවසේදී Marcelino sanz de sautuolaක් විසින් සොයා ගැනුණු මෙම චිත‍්‍ර වසර 14000ක්* 18500ක් පැරණි බව පැවසේ. මෙහි ඇති විචිත‍්‍රත්වය හා සියුම් ලෙස සිතුවමට නගා ඇති ආකාරය නිසා මෙය ප‍්‍රාග් ඓතිහාසික චිත‍්‍රයක් යැයි පිළිගැනීමට මැලි වුවත් 1902 වසරේදී මෙය ව්‍යාජ නොවන බවට අවිවාදයෙන් පිළිගැනීමට සිදු විය.
ඉතා පැහැදිලි මතුපිට රේඛා සහ සුවිශේෂී වර්ණ භාවිතය කැපී පෙනෙයි. වසර 8000ත් 11000ත් අතර කාලයකට පෙර සිතුවම් වී ඇති බව සැලකේ. අප‍්‍රිකානු මහද්වීපයෙන් හමුවන ඉතා සුරක්ෂිතව ඇති ගුහා චිත‍්‍ර සමූහය මෙයයි.
අපේ අසල්වැසි රට වන ඉන්දියාවෙන් හමුවන මෙම චිත‍්‍ර බොහොමයක් රතු සහ සුදු වර්ණයෙන් නිමවා ඇත. පර්යේෂකයන් පවසන අන්දමට මේවා වසර 12000ක් පැරණිය. කිඹුලන් සිංහයන් සහ කොටියන් මේ අතර සිතුවමට නගා ඇති සිතුවම් හමුවන ස්ථාන කිහිපයෙන් එකකි.
ප‍්‍රංශයේ ලෝක ප‍්‍රසිද්ධ ලැස්කෝ ගුහා චිත‍්‍ර වසර 17000ක් පමණ පැරණි යැයි සැලකේ. ලෙනක් තුල වූ බිත්තියක මෙම සිතුවම් ඇඳ ඇති අතර එම ස්ථානයට ආලෝකය නොලැබීම නිසා චිත‍්‍ර ශිල්පියා මෙම සිතුවම ඉටිපන්දම් ආලෝකය යටතේ සිදු කරන්නට ඇති බව සැලකේ. තව දුරටත් මෙම සිතුවම් මහජන ප‍්‍රදර්ශනයට තබා නොමැති අතර ප‍්‍රංශ රජය විසින් නරඹන්නන් හට දැක බලා ගැනීම පිණිස මෙහි අනුරුවක් ඉදි කර තිබේ.
මෙම ස්ථානයෙන් හමුවන පැරණිම සිතුවම් වසර 25000ක් පමණ පැරණි බවට සැලකේග ඉතා සවිස්තරාත්මකව මෙම සිතුවම් තුළින් දඩයමේ යෙදුණු විවිධ පාර්ශව සහ ඔවුන්ගේ විවිධ චාරිත්‍ර ආදිය දැක් වේග සතුන්ගේ සහ ගස් වල සිතුවම් මුළු ලෙන පුරාවටම දැකිය හැකග
ක‍්‍රි.පු. 12000 සිට ක‍්‍රි.ව. 100 දක්වා කාලයට අයත් සිතුවම් මෙහිදී දැකගත හැක. මෙම ස්ථානයටම ආවේණික වූ සිතුවම් දැකගත හැකි වේ. වසර ගණනාවකට පෙර සහරා කාන්තාරය කොළ පැහැති තණ පිට්ටනි වලින් හා දිය පිරුනු විල් වලින් සමන්විත වූ ආකාරය දක්වා තිබේ. මෙහි ලෙන් බිත්තියේ විවිධ සතුන් සිතුවමට නගා ඇත.
මෙම අලංකාර සිතුවම් පෙළ ඉතා මෑත යුගයේ එනම් 1994 වර්ශයේදී සොයාගෙන ඇත. මෙහි මැමත්, සිංහ, වලස් රූප මෙන්ම රයිනෝසිරස් රූපද ඒ අතර වේ. වසර 32000ක් පමණ පැරණි යැයි සැලකෙන අතර ලැයිස්තුවේ ඇති පැරණිම සිතුවම් ලෙස සැලකිය හැක.
ලංකාව තුල ඉපැරණි චිත‍්‍ර හමුවූ ස්ථාන
දොරවක
තන්තිරිමලේ
බිල්ලෑව
දඹුල්ල
දොරවක
කෑගලු දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරලයේ වරකාපොළට නුදුරු මල්දෙනිය වතුයායේ පිහිටා තිබෙන දොරවක ලෙස එකකින් අනෙක දරා සිටින විශාල ගල් පර්වත දෙසට සෑදුණු ස්වාභාවික ගල් ලෙනකිග මෙහි උස අබි 5කිග මෙහි සිදු කරන ලද මූලික පරීක්ෂන අනුව පුරාවිද්‍යා කොමසාරිස් වරයෙකු වූ ඩබ්ගඑම්ගවිජේපාල මහතා මෙම ස්ථානයේ ප්‍රාග් ඓතිහාසික මානවයා විසූ බවත් මෙම චිත්‍ර ඔවුන්ගේ බවත් තීරණය කර ඇතග මෙම චිත්‍ර නිර්මාණය කොට ඇත්තේ පොළොවේ අඩි 6 ඃ පමණ උසකින් ජ්‍යාමිතික හැඩයෙන් යුත් මෙම චිත්‍ර සඳහා ගල් බිත්තියේ තවත් ගලකින් කපා සකස් කරගත් බව පෙනේ.
බිල්ලෑව
උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ බිල්ලෑව නමැති මෙම ගල් ලෙන පිහිටා ඇත. මෙහි බිත්ති මත රේඛා භාවිතා කරමින් චිත‍්‍ර නිර්මාණය කර ඇත.අලි රූප මෙන්ම බහු මාධ්‍යයෙන් නිම කල චිත‍්‍ර ද හමුවේ. මෙහිදී හමුවූ චිත‍්‍ර වශයෙන් ගෙයක් තුල සිටින මිනිසුන් දෙදෙනෙක් හා හඳුනා නොගත් සංකේත ද හමුව ඇත.
තන්තිරිමලේ
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි තන්තිරිමලේ ගුහාවේ වැඩිපුර දැකිය හැක්කේ රේඛා මඟින් කරන ලද සත්ව රූප හා මිනිස් රූප කිහිපයකිග මේ සත්වරූප වලින් කිහිපයක් පැතළි ලෙස වර්ණ කොට තිබේග රතු ල කළු පුල්ලි සහිත කොටියෙකුගේ රූප ල දුනු ඊතල රැගත් මිනිස් රූප ල ගව ල මොනර හා තලගොයි රූපද තන්තිරිමලේ ගුහාවෙයි දක්නට ලැබේග පරිසරයෙන් සොයාගත් වර්ණ මේ සඳහා යොදාගෙන ඇතග මෙහි දැක්වෙන්නේ කණ්ඩායම් සම්පිණ්ඩනය සුවිශේෂි වේග
චිත‍්‍ර ඇඳීමේ අරමුණු
මොවුන් චිත්‍ර අඳින ලද්දේ ගුප්ත විශ්වාස ල ඇදහිලි හා මළවුන් වෙනුවෙන් යග මෙසේ චිත්‍ර ඇඳීම එක්තරා රහස් ආගමික චාරිත්‍රයක් ද යන්න විශ්වාසයක් ඇතග මානව රූපයන්හි වෙස් මුහුණු ඇඳ ඇති අතර සත්ව නම් වලින් සිරුරු වසා ඇතග සතුන් ඇඳ ඇතග මේ අනුව ආදි මානවයා ආකාර 3 කට ආගමික වාතාවත් කළ බව වියත් මතයයිග
සශ‍්‍රීකත්වය
සතුන් දඩයම් කිරීමට පහසු වීම
මළගිය සතුන්ගේ ආත්මයන්ට ස්තූති කිරීම
සුභ දවසක්..!
සටහන : මලින්ත සදකැළුම්
හතරවන වසර
ප්‍රාසාංගික කලා අධ්‍යනාංශය
කොළඹ විශ්ව විද්‍යාලය
ශ්‍රීපාලි මණ්ඩපය
පළමු පාඩම - මාධ්‍ය අභිසාරීතාවය - උදේනි පෙරේරා
දෙවන පාඩම - මාධ්‍ය සාක්ෂරතාවය - මිතිලා පාඨලී සෙනෙවිරත්න
තෙවන පාඩම - සාම්ප්‍රදායික මාධ්‍ය - මාධව ජයසිංහ
සිව්වන පාඩම - වෑර්ලස් කතාව - ජී.බී.සිතාරා සෙව්වන්දි
පස්වන පාඩම - මාධ්‍ය හා ප්‍රචණ්ඩත්වය - මිතිලා පාඨලී සෙනෙවිරත්න.
හයවන පාඩම - මධ්‍ය සංස්කෘතිය - නුවන් ධනංජය
හත්වන පාඩම - රූපවාහිනියේ ඉතිහාසය - හිමර්ශි කුමානායක
අටවන පාඩම - මොනවද මේ අසයිමන්ට් - උදේනි පෙරේරා
නමවන පාඩම - අචිනි මධුෂිකා - චලන චිත්‍රයේ කතාව
දහවන පාඩම - මාධ්‍ය අධ්‍යාපනය - ධනූෂා රණතුංග
එකලොස් වන පාඩම - සංහතික මාධ්‍ය සංකල්පය - සමීර උදයංග
Comments
Post a Comment