මාධ්‍ය අධ්‍යාපනය | Media Education

අධ්‍යාපනය යනු යමක් ඉගෙනීම තුළින් එය ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතු අතර ඒ තුළින් වැඩි දියුණු කිරීමක් සිදු කිරීමක් ලෙස සරලව හදුන්වා දිය හැකිය. ඒ තුළින් පුද්ගලයා තුළ ධනාත්මක චින්තනයක් ඇති කළ හැකිය. 17 වන සියවසෙහි මුල් භාගයේදී මාධ්‍ය පිළිබඳව ඉගැන්වීම් ආරම්භ කරන ලද බවත් ඒ සදහා ජොහැන් ආමොස් කොමෙනියුස් මුල් වූ බවත් කිය වේ. මෙහි පසුබිමේ ඇත්තේ පුවත්පත් භාවිතය යි. මෙම අධ්‍යාපන සන්නිවේදන මාධ්‍යයන්ගේ වර්ධනීය තත්වය හමුවේ නැවුම් විය. එනම් සමාජයට මාධ්‍යයේ බලපෑම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීමත් මාධ්‍ය පිළිබඳ විද්වත් අවධානය යොමු වීමත් සිදු විය. ඒ අනුව මාධ්‍ය අද්‍යාපනය පිළිබඳ සංකල්පයක් බිහි විය. එහිදී, 
මාධ්‍ය අධ්‍යයනය,  සාම්ප්‍රදායික මාධ්‍ය අධ්‍යයනය නව මාධ්‍ය පිළිබඳ හැදෑරීම ප්‍රමුඛ වන අතර මාධ්‍ය අද්‍යාපනය පිළිබඳ පළමු වරට සිය අවධානය යොමු කළ රට වශයෙන් සැලකෙනුයේ ඇමරිකා එක්සත් ජනපදය යි.

මාධ්‍ය අධ්‍යාපනය යනු මාධ්‍ය සංදේශයන් විචාරාත්මකව ඇගයීමටත් එහි බලපෑම විශ්ලේෂණය කිරීමටත් නිර්මාණශීලී ලෙස සංදේශයක් සැකසීමටත් අදාලව මාධ්‍ය සාක්ෂරතාව අත්පත් කර ගැනීමට සිදු කරන ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලියකි.

මාධ්‍ය අධ්‍යාපනය පිළිබඳ මාධ්‍ය සාක්ෂරතාවයේදී සාකච්ඡාවට බදුන් වන දෙයකි. මාධ්‍ය මගින් ඉදිරිපත් වන සංදේශ පරිහරණය කිරීම, විශ්ලේෂණය කිරීම, ඇගයීම, නිර්මාණය කිරීමට ඇති හැකියාව මාධ්‍ය සාක්ෂරතාව ලෙස හදුන්වයි. මාධ්‍ය අධ්‍යාපනය යනු පුද්ගලයා මාධ්‍ය සාක්ෂරතාවෙන් යුක්ත අයෙක් බවට පත් කරලීමේ ක්‍රියාවලියයි. එනම් මාධ්‍ය සාක්ෂරතාව හා මාධ්‍ය අධ්‍යාපනය එකිනෙක සම්බන්ධ වී පවතින්නා වූ අංග දෙ යටතේ මාධ්‍ය සාක්ෂරතාව පවතින බව පැහැදිලි වේ.

මාධ්‍ය අධ්‍යාපනය මගින් සිදු කරනු ලබන කාර්යයන් කිහිපයක්..

* මාධ්‍ය භාවිතය පිළිබඳ දැනුම ලබා දීම.
* මාධ්‍ය පිළිබඳ ප්‍රශ්න කිරීමට.
* මාධ්‍ය සංස්කෘතිය වටහා ගැනීම.
* මාධ්‍ය යථාර්ථය හදුනා ගැනීම.
* මාධ්‍ය විචාරයට දරුවන් පෙළඹවීම.
* ඕනෑම අයෙකුගේ තාර්කික හා නිර්මාණශීලී චින්තනය වර්ධනය කිරීමට.
* පුද්ගලයින් සමාජානුයෝජනය සදහා.
* ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය රටාවක් නිර්මාණය කිරීම.

මෙසේ මාධ්‍ය අද්‍යාපනය මගින් සිදු කරන කාර්යන් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී එමගින් විශාල පරාසයක් දක්වා විහිදුණු කාර්යයන් රැසක් සිදු කරනු ලබයි. මාධ්‍ය අද්‍යාපන ක්‍රියාවලිය යහපත් ආකාරයෙන් සිදු වුවහොත් පුද්ගලයා හට සාර්ථක මාධ්‍ය සාක්ෂරතාවයක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මේ අනුව මාධ්‍ය අධ්‍යාපනය කාර්යය සමාජය සදහා ඉතා වැදගත් අවශ්‍ය වූ අංගයක් ලෙස හදුනා ගත හැකි වේ.

මාධ්‍ය පිළිබඳව ඉගැන්වීම් සහ ඉගැනීමේ ක්‍රියාවලිය මාධ්‍ය අධ්‍යාපනය යි.
                    -බකිංහැම්-

මාධ්‍ය අධ්‍යාපනය යනු පුද්ගලයන් මාධ්‍ය සාක්ෂරතාවට පත්වන ක්‍රියාවලිය වන අතර මාධ්‍ය පණිවිඩ සහ නිශ්පාදනයන්ගේ ස්වභාවය ශිල්ප ක්‍රම සහ බලපෑම් විවේචනාත්මකව වටහා ගැනීමයි.
                  -කැනඩාවේ මාධ්‍ය සාක්ෂරතා සතියට සමගාමීව ඉදිරිපත් කර ඇති නිර්වචන-

මාධ්‍ය අධ්‍යාපනයයේ ඉලක්කයන් වන්නේ විචාරශීලී අවබෝධය සහ ක්‍රියාකාරී සහබාගීත්වය පුද්ගලයා තුළ සංවර්ධන කිරීමයි. ඒ අනුව තරුණ පරපුරේ විචාරශීලී හා නිර්මාණශීලී හැකියාවන් සංවර්ධන කිරීම අපේක්ෂා කෙරේ. මාධ්‍ය ඉගෙනීම තුළින් මාධ්‍ය සාක්ෂරතාව අත්පත් කර ගැනීමට මොවුන්ට හැකිවනු ඇත. මේ අනුව විශ්ව විද්‍යාල මට්ටමේ සිට පාසල් මට්ටම දක්වා ගලා ආ මාධ්‍ය අද්‍යාපනය මාධ්‍යකරුවන් බිහි කිරීමට අවශ්‍ය පදනම ගොඩ නංවා ගැනීමට මෙන්ම මාධ්‍ය සාක්ෂරතාව තුළින් විචාරශීලී ග්‍රාහකයන්ගෙන් හා නිර්මාණකරුවන්ගෙන් පිරි සමාජයක් නිර්මාණය කර ගැනීමටද මෙහි අරමුණු කර ගෙන ඇත.

සුභ දවසක්..!

සටහන : ධනූෂා රණතුංග 
තෙවන වසර
ජනමාධ්‍ය  අධ්‍යනාංශය 
කොළඹ විශ්ව විද්‍යාලය 
ශ්‍රීපාලි මණ්ඩපය

පළමු පාඩම - මාධ්‍ය අභිසාරීතාවය - උදේනි පෙරේරා


දෙවන පාඩම - මාධ්‍ය සාක්ෂරතාවය - මිතිලා පාඨලී සෙනෙවිරත්න 


තෙවන පාඩම - සාම්ප්‍රදායික මාධ්‍ය - මාධව ජයසිංහ 


සිව්වන පාඩම -  වෑර්ලස් කතාව - ජී.බී.සිතාරා සෙව්වන්දි


පස්වන පාඩම - මාධ්‍ය හා ප්‍රචණ්ඩත්වය - මිතිලා පාඨලී සෙනෙවිරත්න.


හයවන පාඩම - මධ්‍ය සංස්කෘතිය - නුවන් ධනංජය


හත්වන පාඩම - රූපවාහිනියේ ඉතිහාසය - හිමර්ශි කුමානායක


                                                                 
අටවන පාඩම - මොනවද මේ අසයිමන්ට් - උදේනි පෙරේරා


නමවන පාඩම - අචිනි මධුෂිකා - චලන චිත්‍රයේ කතාව


Comments