සංහතික මාධ්‍ය සංකල්පය

සන්නිවේදනය , මාධ්‍යය යන විෂයට ප්‍රවිෂ්ට වුණා විතරයි සංහතික මාධ්‍යය සංකල්පය කියුව ගමන් ටිකක් ඔලුව විකාරයි වගේ. මොකක්ද මේ කියන්නේ. කොහොමද මෙහෙම වුනේ කියන එක ටිකක් සංකීර්ණයි වගේ හිතෙනවා. ඇත්තටම ඒක සාධාරණයි. ඉතින් සංහතික මාධ්‍යය සංකල්පය පිළිබදව ප්‍රථම වසරේ කථිකාචාර්ය ටියුඩර් වීරසිංහ සර්ගේ දේශනයෙන් සහ එතුමාගේ ලිපි වලින් මම සකස් කරපු සටහනක් තමයි මේ. ටිකක් සරලව තේරෙයි කියල හිතනවා ඉතින්. 

වර්තමාන මාධ්‍ය සංස්කෘතිය තුළ මාධ්‍ය යන සංකල්පයට  සුවිශේෂී ස්ථානයක් හිමිවේ. mass media යන්න පුවත් පත් , රූපවාහිනිය, ගුවන්විදුලිය, අන්තර්ජාලය ආදී ප්‍රපංචයන් ගේ සමස්ථයක් අදහස් කෙරෙනව. වර්තමානය වන විට එය තොරතුරු එකතු කිරීම බෙදා හැරීමට වඩා සංකීර්ණ ක්‍රියාවලියක් සිදු කරයි. එය මාධ්‍ය අභිසාරිතාවය ලෙසින් හදුන් වයි. 

සංහතික යන සංකල්පයේදී ජන මාධ්‍ය හා සංහතික මාධ්‍ය අතර පවතින ජන මාධ්‍ය, ජන මතය, ජන සංස්කෘතිය, ජන කලාව, ජන සන්නිවේදනය ආදී සිංහල පාරි භාෂික වචන කිසිසේත් නොගැළපෙන අතර ගැලපෙන සංකල්පය “සංහතිය” යන්නයි. ඉංග්‍රීසි භාෂාවේ එන mass media යන්නට සිංහල භාෂාවේ ව්‍යවහාරය වන්නේ ජන මාධ්‍යයයි. mass communication යන්න ජන සන්නිවේදනයයි.  ඒ අනුව ගෝලීය වශයෙන් තේරුම් ගැනීම සහ දේශීය වශයෙන් තේරුම් ගැනීමේ දී mass යන්න සදහා “ජන” යන්න දීම කොතරම් උචිතද යන්න ගැටලු සහගතයි. එය මේ සමග ඔබට මැනවින් පසක් වේවි.

ලතින් භාෂාවට අනුව mass යනු ස්කන්ධයයි. භෞතික විද්‍යාවේ mass යන්න ද්‍රව්‍යට අදාළ ගුණ වන අතර සමාජ විද්‍යාවේ mass යන්න සමාජයට අදාළ ගුණ මතු කරයි.එනිසා සංහතිකත්වය යනු මානව පරිනාමයේ එක් තලයක් ලෙස සැලකිය හැකිය.  එනිසා සංහතිකත්වයේ සමාජ ප්‍රගමනය මේ අයුරින් හදුනා ගත යුතුව තිබේ.  

ලෝක සන්නිවේදනය මුල් කාලීනව පුද්ගලාන්තර සන්නිවේදනය , අන්තර්වර්ති සන්නිවේදනය, සමූහ සන්නිවේදනය ආදී ලෙසින් භාවිතයේ පැවතියද පසු කාලිනව එය සාර්ථක සන්නිවේදනයක් සදහා ප්‍රමාණවත් වූයේ නැහැ. ඒ අනුව සමාජය තුළ භාෂාවත්, භාෂාව පදනම් ලේඛනයත් ඇති වීම සිදුවෙනවා. ඒ සමගම 15 වන  සියවස තුළ පොත් පත් හා පත්‍රිකා මුද්‍රණය පවා සිදුවීම ඇරඹෙනවා. 

මීට සමකාලින සමාජය තුළ අධිරාජ්‍යමය සංකල්පය බිහි වෙනවා ඉතින් සමාජ පාලනය සදහා නව සන්නිවේදන යාන්ත්‍රණයක අවශ්‍යතාවය බිහි වීම මේ සමග සිදු වෙනවා. ජන සන්නිවේදන ක්‍රියාවලිය ප්‍රමාණවත් නොවන බවක් හදුනා ගනී.

මධ්‍යතන යුගයේ සමාජය පල්ලිය පදනම් වූ  ආගම මුල් කරගත් සමාජයක් වුනත් 16 සහ 17 වන පුනරුද යුගය සන්නිවේදනයේ තීරණාත්මක යුගයක් ලෙස සැලකිය හැකියි. එකල 
ජනග්‍රහණය වර්ධනය වුණා.
සංකීර්ණ නිශ්පාදන ඇතිවුණා.
පැවති ආර්ථික දේශපාලන අත්තනෝමතික රාජ්‍ය පාලනයට එරෙහි ලිබරල්වාදී හා ප්‍රජාත්‍රන්තවාදී සමාජයන් ඇතිවෙනවා. මේ සමග ආගමික අදහස් වලට එරෙහි නිදහස් අදහස් අවකාශයක් ඇතිවුණා.
ඒකීයත්වය වෙනුවට සමාජයේ බහු විදත්වය ඇති වුණා.

මේ සමග යුරෝපා සමාජයේ ප්‍රධාන ප්‍රවණතා දෙකක් හදුනා ගත හැකිවේ.
1. ධනපති පන්තිය - කාර්මික විප්ලවයෙන් පසු ඇතිවන නාගරික වෙළද පැලැන්තිය.
2. නව අදහස් චින්තකයින් - ආගමික අදහස් මර්දනය කරන රූසෝ, ජෝන් ලොක් අදින් ඇතුළත් ෆ්රෑන් පරට් ගුරුකුලය වැනි සමාජ කොට්ටාසය 

මෙම සමාජ කණ්ඩායම් දෙක පැවැත්මෙන් අවශ්‍යතා,උවමනා,ආර්ථික හා දේශපාලනික අදින් සමාන වුණා. ඒ සමග පැවතී සමාජය අභාවයට ගොස් ධනේශ්වර සමාජය නිර්මාණය වුණා. එය නුතන යුගයේ ආරම්භය ලෙස සැලකිය හැකි අතර MASS යන සංහතික සංකල්පය යුරෝපය තුළ ඇති වෙන්නේ මෙන්න මේ තත්වය  සමගයි.

මිට පෙර සමාජය තුළ සිටි පුද්ගලයන්, පුරවැසියන්, ජනතාව මේ හා සමගාමිව සංහතිකයන්(Masses) බවට පත් වෙනවා. ඒ අනුව පැහැදිළි පසු කාලීනව සමාජය - සංහතිකයන් බවට පරිවර්තනය වූ බව. මෙම සංහතිකයන් ඇති වීම සදහා ප්‍රබල ලෙස බලපානු ලැබුවේ යුරෝපයේ විද්‍යා හා තාක්ෂනික ලෙස කාර්මික විප්ලවය සමග සිදු වූ විපර්යාසය සමගයි.

මෙම සමාජය අධි සංවර්ධිත සමාජයක් බව දැන් පැහැදිලි. නමුත් මෙතරම් ප්‍රබල සමාජයක් පාලනය කිරීමට මුලින් සදහන් කළ පැරණි සන්නිවේදන යාන්ත්‍රන (folk society – folk communication) ක්‍රියාවලිය ප්‍රමාණවත් වුනේ නෑ. නව මාධ්‍ය යාන්ත්‍රණයක අවශ්‍යතාවය සමග සංහතිකයින්ගේ පැමිණීම ඔස්සේ සංහතික මාධ්‍ය(folk society - mass media) ඇතිවුණා. මුල් කාලීනව සන්නිවේදනය යන වචනය හා සමග සංහතික සංකල්පය සදහා විශේෂත්වයක් නොලැබුනත් 1920 වන සියවසින් පසු ගුවන්විදුලි මාධ්‍ය, සගරා මාධ්‍ය සංහතික මාධ්‍ය ලෙසින් සැලකිණි. නමුත් සංහතික මාධ්‍ය යන්න වඩා ප්‍රබල භාවිතයට පත් වුයේ 20 වන සියවසින් පසුවය. දෙවන ලෝක යුද්ධයෙන් පසු හා  සිසිල් යුද්ධයෙන් පසු සංහතික යන යෙදුම සහිතව  සංහතික මාධ්‍ය, සංහතික සංස්කෘතිය යන්නට බහුලව භාවිත වන්නට විය. පසුව එය සමාජ පාලනයක්, කර්මාන්තයක්, ව්‍යාපාරයක් ආදී ලෙස සමාජ වර්ධනය වීමත්  සමග සංහතික මාධ්‍ය සහ සංහතික සංස්කෘතිය සමාජය තුළ අධ්‍යනයට යොමු විය. පර්යේෂණ ඇතිවිණි, මතවාද විචාර මතු විණි.

මේ අනුව ජන හා සංහතික යන්න එකිනෙකට වෙනස් ස්වභාවයන් දෙකක් ලෙස හදුනා ගත හැකිය.

සංහතිකයන් -; 
පරිබෝජන, හැසිරීම් හා චින්තන රටා අතර වෙනස් කම් අවම පිරිසකි.
අවිඥානිකය.
එන්ද්‍රිය සබදතාවයක් පවතී. (එකිනෙක බැදුණු)
අවම සංවිධිත ස්වරූපයක් ගනී.
ආකෘතියට කැමැත්තක් දක්වයි.
සංවේදී වේ.
දෘෂ්ටිවාදයට නැඹුරු වේ.
අවිචාරවත් වේ.
ස්වයං නියාමනශීලි.
  ජන -: 
මධ්‍යතන යුගයේ පුද්ගලයන් ලෙස වෙන්ව සිටි.
යාන්ත්‍රික සබදතාවයකින් යුක්තවේ.

මේ අනුව අවසාන වශයෙන් පැහැදිලි වන කරුණු කිහිපයකි. mass යනු ජනතාව නොව ආත්මීය සමාජ කරණයට ලක්වූ පොදියක් හෙවත් රොත්තක් වේ. එය පාලක පංතියේ අවශ්‍යතාවය මත බිහි වුවකි. කෙසේ වෙතත් ලංකාවේ යටත්විජිත වාදය සමග පැමිණෙන mass media යන්න ජන මාධ්‍ය නොව සංහතික මාධ්‍ය ලෙස අද සමාජයේ ව්‍යවහාර විය යුතු යන්න ඔබට මෙහිදී පැහැදිලි වේ නම් සාර්ථක පැහැදිලි කිරීමක් කළා කියල මම හිතනවා.

සුභ දවසක්..!

සටහන : සමීර උදයංග
ආදි විද්‍යාර්ථ ( 14 කණ්ඩායම)
ජනමාධ්‍ය  අධ්‍යනාංශය 
කොළඹ විශ්ව විද්‍යාලය 
ශ්‍රීපාලි මණ්ඩපය

පළමු පාඩම - මාධ්‍ය අභිසාරීතාවය - උදේනි පෙරේරා


දෙවන පාඩම - මාධ්‍ය සාක්ෂරතාවය - මිතිලා පාඨලී සෙනෙවිරත්න 


තෙවන පාඩම - සාම්ප්‍රදායික මාධ්‍ය - මාධව ජයසිංහ 


සිව්වන පාඩම -  වෑර්ලස් කතාව - ජී.බී.සිතාරා සෙව්වන්දි


පස්වන පාඩම - මාධ්‍ය හා ප්‍රචණ්ඩත්වය - මිතිලා පාඨලී සෙනෙවිරත්න.


හයවන පාඩම - මධ්‍ය සංස්කෘතිය - නුවන් ධනංජය


හත්වන පාඩම - රූපවාහිනියේ ඉතිහාසය - හිමර්ශි කුමානායක


                                                                 
අටවන පාඩම - මොනවද මේ අසයිමන්ට් - උදේනි පෙරේරා


නමවන පාඩම - අචිනි මධුෂිකා - චලන චිත්‍රයේ කතාව


දහවන පාඩම -  මාධ්‍ය අධ්‍යාපනය - ධනූෂා රණතුංග



Comments