ජනමාධ්‍ය හා සමාජානුයෝජනය යනු ඉතා ගැඹුරු සංකීර්ණ සංකල්ප දෙකක් ලෙස සාකච්චා කළ හැකි වේ. ඒවා එකිනෙකින් පෝෂණය වී සමාජය තුළ පුළුල් සංකීර්ණ ප්‍රවර්ධනයක් ප්‍රතියමන කරයි. මෙකී ජනමාධ්‍ය හා සමාජානුයෝජනය පිළිබදව යම් අදහසක් පළමුව දැක්වීම වටී. මාධ්‍ය යනු සන්නිවේදනය කිරීමට බලපාන සාධක නොහොත් අතරමැදියාගේ කාර්යය සිදුකරණු ලබයි. ජනමාධ්‍ය ලෙසින් හදුන්වන්නේ සිව්වන ආණ්ඩුව ලෙසද විද්වත් මතයයි. ඒ අනුව ජනමාධ්‍ය යනු සමාජයේ තීරණාත්මක වැදගත් ක්‍රියාකාරී අවස්තාවක් ලෙස මැනවින් ප්‍රත්‍යක්ෂය. ජනමාධ්‍ය වේදයේ න්‍යාය නිරතුරුවම සමාජ විද්‍යාත්මක න්‍යායයන්ගේ බලපෑමට ලක්වෙමින් පෝෂණය වේ. ජනමාධ්‍ය වේදියා හා සමාජය අතර ඇති මෙම ඉතා සමීප අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් සහිත සංකල්පයක් වශයෙන් සලක බලනු ලැබේ. එහි භාවිත කෙරෙන ස්වරූප හා ආකාරයන් අනුව ජනමාධ්‍ය හා සමාජානුයෝජනය යනු ගසට පොත්ත වැනි සබදතාවයක් පසක් කෙරේ. මේ අනුව ජනමාධ්‍ය හා සමාජයෙහි ඒකාබද්ධ තත්වයෙන් ජනමාධ්‍ය හා සමජානුයෝජනයටද පදනම වැටුණු බව පෙනී යයි.
සමාජානුයෝජනය යනු ස්වභාවික මිනිසා සමාජීය මිනිසකු බවට පත් කරලීමේ ක්‍රියාවලියක් ලෙසින්ද හැදින්විය හැකිය. සමාජානුයෝජනය සමාජය හා සංස්කෘතික සාධක වල එකතුවෙන් තැනී ඇත. සමාජානුයෝජනය යනු සංස්කෘතිය පවරා දීමේ ක්‍රියාවලිය යන්න මහාචාර්ය පෙටර් මර්ෂලි මහතා දක්වා ඇති අතර එය පරම්පරාවෙන් පරම්පරාවට ගලායාමේ ක්‍රියාවලියකි, සමාජයට අනුගත වීමේ ක්‍රියාවලියකි. උපන්දා සිට රක්ත වර්ණ මව් රුධිරය දාරක ස්නේහයෙන් ධවල වූ කිරි බවට පත්ව වම් තන පුඩුවෙන් දෙතොල සනසනුයේ බිලිදකු සිය ප්‍රාණය හෙවත් ආයු කාලය අවසන් කරන මොහොත දක්වා දිවෙන ජීවන කාල පරාසය තුළ කෙරෙන සමාජානුයෝජනය ක්‍රියාවලිය හරහාය. මෙය ප්‍රධාන ලෙස ප්‍රධ කොටස් දෙකකට බෙදේ.
• ප්‍රාථමික සමාජානුයෝජනය
• ද්විතික සමාජානුයෝජනය
ප්‍රාථමික සමාජානුයෝජනයේ තැනුම් ඒකකය පවුලයි. ඔහුගේ උපතේ සිට දෙමව්පිය සහෝදර සහෝදරයින්ගේ හා ආදරයෙන් ගෙවන අනුකරණවාදී සමාජීය පවුල් ජිවිකාව තුළින් යම් පුද්ගලයකු ඊට අදාළ පිළිගත් අනුදත් පොදු සංස්කෘතියකට ජිවිතයකට හුරු කෙරේ. එහි දෙවෙනි ප්‍රභේදය වන්නේ ද්විතික සමාජානුයෝජනයයි. පවුල් පසු බිමින් ඔබ්බට පෙර පාසැල, පාසැල, උපකාරක පන්ති, දහම් පාසල,කෝවිල, පල්ලිය, පන්සල ආදී සමාජීය ආයතන හා පුද්ගලයන් සමග මුසුවන අවස්ථාවන්හිදී ද යමකු සමාජානුයෝජනය වේ. දරුවකු තෘප්තිමත්ව වැලි බත් ඉසීම, බෝනික්කන් නැලවීම, සෙල්ලම් වාහන පැදීම, වැඩිහිටි ක්‍රියා අනුකරණය, ගායනය, නැටිම ආදී කාර්ය සාපල්‍යතා මගින් එකී සමාජානුයෝජනයේ ද්විතික අවධිය පෙනී යයි.
යතොක්තව දැක්වූ පුද්ගල ආයතන සමග සබැදෙන සන්නිවේදන ක්‍රියාවලිහිලා ජනමාධ්‍යට ලබා දිය හැකි පිටුවහල අති මහත්ය. සමාජයේ නං වැදෑරුම් ස්තරයන් ඔස්සේ සිටින පුද්ගලයන් සදහා ජනමාධ්‍යවේදියා විසින් සම්පාදනය කරනු ලබන සියලුම නිර්මාණ ග්‍රාහකයා දක්වා සම්ප්‍රේෂණය කිරීම සදහා භවිතා කරනු ලබන සියලුම තොරතුරු මාධ්‍යයන්ය. ජන මාධ්‍යයද මුද්‍රිත මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය ලෙස කොටස් දෙකි. පුවත් පත් , පොත් පත්, සාගර, චිත්‍ර කතා, අත්පත්‍රික ආදිය මුද්‍රිත මාධ්‍ය ලෙසත් රූපවාහිනිය ගුවන් විදුලිය විද්‍යුත් මාධ්‍ය ලෙසත් සැලකෙන අතර සමාජානුයෝජනය ක්‍රියාවලියේ තැනුම් ඒකකය ලෙසින් මේවා නිතරම ඒ හා සබැදේ.
සමජිකරන සංස්ථාවක් ලෙස ජනමාධ්‍ය හා සන්නිවේදනය මගින් සැලසෙන සේවය ඉතා විශාලය. කුඩා දරුවකු සමාජානුයෝජනය ක්‍රියාවලිය සම්පුර්ණ කිරීමට වර්තමානයේ බොහෝ වැයමක් දරනු ලබයි. සමාජය පිළිගත් සිරිත් විරිත් හැසිරීම් ක්‍රම, ජිවිත අරමුණු කවරේද ඒවා අනුගමනය කළ හැක්කේ කෙසේද? ආදී කරුණු ජනමාධ්‍ය මගින් හදුන්ව දේ. මේ අනුව ගම්‍ය වන්නේ සෙසු සාධක වලට වඩා ජනමාධ්‍ය වේදයේ භූමිකාව විශාල කර්යභාර්ය්යක් ඉටු කරන බවයි. ජනමාධ්‍ය වේදියා කොතරම් දුරට ග්‍රාහකයන්ගේ සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික මානසික තත්වයන් පිළිබදව වැටහීමකින් යුතුව සිය වෘත්තීය කරන්නේද යන සාධකය මත ඔහු ග්‍රාහකයින්ට ඉදිරිපත් කරනු ලබන තොරතුරු වල සපලතාවය රදා පවතී. එනිසා ග්‍රාහකයා පමණක් නොව ජනමාධ්‍යවේදියාද ජිවත් වන්නේද සමාජ සබදතවයන්ගෙන් නිර්මිත වූ සංකීර්ණ ආකෘතියක බව සැලකිය යුතුයි.
ජනමාධ්‍ය හා පුද්ගල සමාජානුයෝජනය පිළිබදව සකච්චා කිරීමේදී න්‍යායන් පිළිබදව අවදානය වැදගත් වේ.
• මනෝවිද්‍යාත්මක සිද්ධාන්තය
• සමාජ ඉගැනුම් සිද්ධාන්තය
• වරණිය බලපෑම් සිද්ධන්තිය.
• ඒකාකාරී මාධ්‍ය බලපෑම් සිද්ධාන්තිය.
• සමාජ ප්‍රවර්ණ සිද්ධන්තිය.
• සන්කෙතන්මක අන්තර් ක්‍රියා සිද්ධාන්තය.
• වක් බලපෑම් සිද්ධාන්තය.
පුදගලයාගේ මනස මුල් කරගනිමින් ජනමාධ්‍ය ප්‍රබලව සමාජානුයෝජන කාරකයක් වූ බව මනෝවිද්‍යාත්මක ප්‍රවේශයෙන් අධ්‍යනය කෙරෙණි.
මිනිසා උපත සමගම විවිධ වූ පේරණයන් ගෙන ඒයි. උසස් පේරණයන් මෙහිදී එක් එක් පුද්ගල සමාජයන් තුළට කා වැදී සමාජානුයෝජන ක්‍රියාවලි පාලනය කරනු ලබයි. මෙහිදී එක එක සංස්කෘතීන් හර පද්ධතීන් සාරධර්ම මත ඒවා වෙනස් වීමට හැකිය. මිට අමතරව සිග්මන් ප්‍රොයිඩ් ගේ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණය තුළ දල සිත, පහන් සිත, සුපහන් සිත ක්‍රියාකාරීත්වය පිළිබදව කරුණු දැක්වේ. දල සිත යනු මිනිසාගේ තිරිසන් අවධිය හෙවත් ප්‍රථමික අවධියකි. එනම් බිළිදකු මූලික ජීව ක්‍රියා සිදු කරන අවධියයි, පහන් සිත යනු බඩගින්න හා ආහාර ගැනීම සිරුරින් ආහාර පිට කිරීමට ගන්න උත්සාහය, ශරීර ස්පර්ශිය ආශාව ආදී සමස්තයයි. සුපසන් සිත යනු ආචාර ධර්ම හා සාරධර්ම වලට යටත්ව යහපත්ව ජීවිතය ගෙන යාමේ අවස්ථාවයි. ඒකා කාරී මධ්‍යබලපෑම් සිද්ධාන්තයද මෙහිදී වැදගත් වේ. ඊට අනුව මාධ්‍ය විසින් ලබා දෙන්නා වූ පණිවිඩ මිනිසුන් ඒකාකාරිව ග්‍රහණය කර ගන්නා අයුරක් හදුනා ගත හැකිය. මාධ්‍ය මගින් පුද්ගල මනෝභාවයන් හා චිත්තවේගයන් දැඩිව බලපෑම් කිරීමට සමත්ය. මිනුසුන් මනෝමුලික වූ උත්තේජන වලට ප්‍රතිචාර දැක්වීමේදී ඒකාකාරී වන අතර එම උත්තේජක ක්‍රියාකාරකම් වලින් නං වැදෑරුම් වෙනස් කම් කරලීමටද හැකියාවෙන් යුක්තය. රූපවාහිනිය මගින් පෙන්වන ටෙලිනාට්‍ය, චිත්‍රපට තුළින් මතුවන චරිත ඒකාකාරයෙන් හදුනා ගැනීමට ප්‍රේක්ෂකයා උත්සුක වේ.රූපවාහිනිය නරඹන පවුල් සංස්ථාව නිදසුන් කර ගත හැකිය. මේවා තුළින් පෙන්වන සිදුවීම්ප්‍රේක්ෂකයාගේ සමාජීය සංස්කෘතික හර පද්ධතිය සමග බද්ධ වූ හැගීම් හා චිත්තවේගයන් සතුට, දුක, කෝපය, ක්‍රෝධය, ද්වේශය ආදී හැගීම් මතු කරලීමට සමත්ය. මෙම ප්‍රතිචාරයන් ඒකාකාරී වන නමුදු ක්‍රියාවලියේ වෙනස් කම් හදුනාගත හැකිය. නමුත් පළමු ලෝක යුද්ධයෙන් පසුව මෙම අදහස් වල සංකල්පයන්හි ව්‍යුහිය වෙනස් කම් සිදු වූ බව පැහැදිලිය.1989 දී මර්ෂි නම් වූ මනෝවිද්‍යාඥ්යා කළ පර්යේෂණයට අනුව පැහැදිලිව පෙන්වා දෙනු ලැබුයේ චිත්‍ර කතා කියවන පාටකයාට ඒ හරහා විශාල බලපෑමක් සිදු වූ බවයි.ආදරය, කරුණාව, පුද්ගලික පෙනුම, ගැන ඔවුන් උනන්දු කරවීමට තරම් ඒවා ප්‍රබල සමාජානුයෝජන කාරකයන් වූ බව හැගේ. ඒ අනුව පෙනී යන්නේ ජනමාධ්‍ය ඔස්සේ එන පුවත්පතකින් පාඨකයාටද, ගුවන්විදුලියෙන් අසන්නාටද, රූපවාහිනියෙන් නරඹන්නාට ද අන්තර්ජාලයේ සන්නිවේදකයාටද ලැබෙන තොරතුරු තුළින් අන්තර් පුද්ගල භාවකරණයකට ලක් කෙරෙන බවයි.
ඉගෙනුම හෙවත් අධ්‍යාපනය මූලික කරගනිමින් ගොඩනැගෙන සමාජ ඉගෙනුම් සිද්ධාන්තයද අතිශය වැදගත් වේ. මෙම න්‍යාය තුළද තහවුරු කරනුයේ ජනමාධ්‍යට නැඹුරු වීමේ ක්‍රියාවලිය තුළ මිනිසුන් නව චර්යා ඇති කර ගැනීමට පෙලබෙන බවයි.එනම් මාධ්‍ය මගින් ග්‍රාහකයාට ඉදිරිපත් කරන ලබන සංදේශ වල අන්තර්ගතයන් ජිවිතයට ඇතුළත් කර ගැනීමෙන් පුද්ගල විඥාණයට හා සමාජ විඥාණයට පුළුල් බලපෑමක් සිදු කිරීමට සමත් වන බවයි. මෙය යහපත් හෝ අයහපත් ලෙස සිදු විය හැකියි. නිදසුනක් ලෙස ගත හොත් යම් සිනමාවක ප්‍රධාන නලු නිලියනේ චරිත වල හැසිරීම් සමහරු සිය ජිවිතයට උකහා ගනිමින් ඒ අනුව චරිතය හැඩගස්වා ගනු ලබයි. මෙය පුද්ගල හා සමාජය අනුව සිදු වන අතර ප්‍රතිපල යහපත් හෝ අයහපත් මාධ්‍ය මගින් සිදු කෙරෙන සමාජානුයෝජනය මත රදා පවතී.
ජනමාධ්‍ය හා සමාජානුයෝජන ක්‍රියාවලිය විග්‍රහ කිරීමේ දී වරණිය සිද්ධාන්තයද වැදගත් වේ. මෙහි දී මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ජනමාධ්‍ය තොරතුරු ලබාගන්නන් නිෂ්ක්‍රිය පුද්ගලයන් නොවැ සක්‍රිය පුද්ගලයන් බවයි. පුද්ගල ආකල්ප ධර්මතා හා සිතුම්පැතුම් අදහස් හා ස්වීයත්ව සාධක පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වේ. ඕනෑම උත්තේජනයකට පුද්ගලික වෙනස්කම් මුලිකාංග ප්‍රතිචාර දක්වයි .පුද්ගලයා හා සමාජය පණිවිඩය වරණිය ලෙස ප්‍රතිග්‍රහණය කරගන්න අතර ඒවා සදහා වරණිය ලෙස අර්ථ දැක්වීමද සිදු කරනු ලබයි. එම වරණිය ලක්ෂණය හුදෙක් බලපෑම් සිදුකරනුයේ ඔවුන් විසින් ප්‍රති ග්‍රහණය කර ඇති සංජානන පල පුරුදුය. මාධ්‍ය පණිවුඩ හදුනා ගැනීමේ හැකියාව සදහා ඔවුන්ගේ අත්දැකීම් වල බලපැමද හුදෙක් සිදු වේ. මේ හෙයින් මාධ්‍ය පණිවිඩයට අර්ථ දැක්වීම වරණියතත්වයෙන් ද විචල්‍යතාවයෙන් ද යුක්ත වේ. මෙලෙස පණිවිඩය ග්‍රහණය කරන නිසා මාධ්‍ය බලපෑම බලගතු නොවේ. ප්‍රතිග්‍රහණ ශක්තින් මාධ්‍ය කෙරේ බලපෑම් එල්ල කරනු ලැබේ. 1960 දශකයේ පමණ වන විට ජනමාධ්‍ය බලපෑම් සංකල්පය පිළිබදව සැක කිරීමට සිදුවුණි.පර්යේෂකයන් විසින් අර්ථ දැක්වීම කරනු ලැබුයේ ජනමාධ්‍යතුළින් දිගු කාලින බලපෑම් සිදු කරනු ලබන බවයි.
සමාජ ප්‍රවර්තන සිද්ධාන්තයද, සංකේතාත්මක සිද්ධාන්තයද, වක් බලපෑම් සිද්ධාන්තයද යතෝක්තව දැක්වූ සිද්ධාන්ත මෙන්ම ජනමාධ්‍ය සමාජානුයෝජන ක්‍රියාවලිය තීරක කාරකයන් ලෙස පෙනී සිටි. සමාජ ප්‍රවර්තන සිද්ධාන්තය වූ කලි සමාජ විද්‍යාත්මක සිද්ධාන්තයකි.සමාජ විවිදත්වය පිළිබදව සංකල්පය හා පුද්ගල සමානාත්මතා සංකල්පයද යටතේ ඉලක්ක කෙරෙන සන්නිවේදන ක්‍රියාවලිය ඊට අනුගතවම සිදු වේ. ප්‍රතිපල ඒ ඒ ග්‍රාහක කණ්ඩායම් අතර සමානුපාතික වේ. මේ අනුව සමාජ කණ්ඩායම් වල බලපෑමට පණිවිඩයන් ද යටත් වේ. යන නියමය සනාථ කරයි. සංකේතාත්මක අන්තර් ක්‍රියා සිද්ධාන්තය තුලින්ද ජනමාධ්‍ය හා සමාජානුයෝජනය පිලිබදව අධ්‍යනය කෙරේ. මේ පිළිබදව මානව විද්‍යාව, සමාජ විද්‍යාව තුළ ඉතා පුළුල් පරාසයකින් යුතුව සදහන් කෙරේ එනම් සංකේත අන්තර් ක්‍රියා සදහා බලපාන බව මෙහි අන්තර්ගතයි. ජන වර්ග, භාෂාවන් ආදිය සංකේත ලෙස සැලකිය හැකි අතර ඒ අතරින් භාෂාව ගත් කළ භෞතික හා සමාජීය ලෝකය සංජානනය කිරීමට, අත් විදීමට යමකු වටා ඇති ලෝකය දැඩි බලපෑමක් ඇති කරනු ලබයි. සංකේත පිළිබදව අර්ථ දැක්වීම් ජනමාධ්‍ය තුළින් සිදු කරන ආකාරය මෙතුලින් විද්‍යාමාන කරයි. මිට අමතරව වක් බලපෑම් සිද්ධාන්තයද වක්ක්‍රකාරයෙන් ජනමාධ්‍ය හා සමාජානුයෝජනය කෙරේ බලපෑම් කරනු ලැබේ.
පුද්ගල සමාජානුයෝජනයට ජනමාධ්‍ය වූ කලී විවිධාකාරයෙන් බලපෑම් එල්ල කරනු ලැබේ. ඒ අතර රූපවාහිනී මගින් ප්‍රවෘත්ති තොරතුරු සම්පාදනය හා විග්‍රහය , විවරණය සැපයුම , අධ්‍යාපන හා සමාජානුයෝජනයට පෙළඹවීම හා කලාව ඒ අතර වේ. මේ අතරින් පුද්ගල සමාජානුයෝජනයට වෙළද දැන්වීම්, රියලිටි ෂෝ, ටෙලිනාට්‍ය, සිනමාව ආදිය තුළින් ඉහළ දායකත්වයක් දක්වයි. බාල මහලු වැඩිහිටි තරුණ ආදී හැම දෙනාම වෙළද දැන්වීම් ඔස්සේ ඉහළම සමාජානුයෝජන ක්‍රියාවලියකට දායක වේ. ආගමික සිරිත් විරිත්, සෞඛ්‍ය හා සාරධර්ම ආදී වූ දේ යහපත් හෝ අයහපත් ලෙස සමාජානුයෝජනය කරලීම එහිදී සිදු කරයි. ළමා මනස ඉහළ ලෙස සමාජානුයෝජනයට ලක් කරනු ලබන්නේ කාටුන් වැඩසටහන් මගිනි. ඒවායේ එන චරිත වල නම්, හැසිරීම් ස්වභාවය ඔවුන් හදුනා ගනිමින් වැලද ගනී. ඒවායේ භාවිතයන් බෙහෙවින් ළමා මනසට බලපෑම් කරනු දක්නට ලැබේ. Ben ten, super man වැනි කාටුන් තුළින් ළමා මනස ප්‍රචණ්ඩත්වය සදහා පොළඹවන නමුත් කුබිච්චි, පිස්සු පුසා, දොස්තොර හොද හිත, කෝලිකුට්ටු සහෝදරයෝ වැනි කාටුන් නැවතත් ජාතික රූපවාහිනිය මගින් විකාශනය කරනුයේ ඒවා ළමා මනස යහපත් අතට සමාජානුයෝජනය කරන නිසාවෙනි.
ඉන්දීය මෙගා ටෙලි නාට්‍ය කලාවද ලාංකීය සමාජානුයෝජනය ඇත්තේ විද්‍යුත් මාධ්‍ය හරහාය. ලංකාවේ මෙගා ටෙලි නාට්‍ය අද බහුතරය නිපදවේ. ඒවා කොටස් පන්සියය ඉක්මවන නිසා හරසුන් යමක් සමාජයට දීමට උත්සහ කරයි. ඉන්දීය ඇදුම් පැළදුම්. අභරණ හා කතා වින්‍යාසය එතුලින් නිරූපිත නිසා ඉන්දීය සමාජයක සංස්කෘතිය ලංකාවට සමාජානුයෝජනය කෙරෙන පෙර නිමිති පෙනී යයි. මහගෙදර, සවප්නා,මේ ආදරයයි වැනි හදකවීම් ටෙලිනාට්‍ය නිදසුන් වේ.
මෑතකදී එක්වුණු රියලිටි ෂෝ කලාව තුලින්ද සමාජානුයෝජනය සදහා ප්‍රබල අනුග්‍රහයක් සපයයි. ගම බිම් වල ඇති දක්ෂ තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම හෙවත් ප්‍රතිරූප සමාජානුයෝජනය කිරීම මෙහිදී සිදු වේ.
රූපවාහිනී මාධ්‍ය මෙන්ම ගුවන්විදුලි මාධ්‍ය ද පුද්ගල සමාජානුයෝජනය සදහා වැඩසටහන් සම්පාදනය කරයි. අධ්‍යාපනය, දැනුම කුසලතා ආකල්ප වර්දනය කෙරෙන අතර විනෝදාස්වාදය සහිත සමාජයක් ඇති කරයි. උදැසන පිරිත් මගින් සුපහන් සමාජයක් ද, පුවත් විකාශයන් තුළින් දැනුම්වත් සමාජයක් ආදී ලෙස සමාජානුයෝජන සිදු කරයි.
පුවත්පත් කලාවද සමාජානුයෝජනයට දායකත්වයක් දක්වයි. පුවත් පත් හා සගරා ආදිය තුළින් ඒ ඒ ග්‍රාහකයාට අදාළ වන ලෙස තොරතුරු ලබා දේ. කාන්තාව , ළමයා , තරුණයා ආදී විවිධ කාණ්ඩ ඔස්සේ සමාජමය දැනුවත් කමක් සපයයි. බිරිද, සිරිකත, ඇය, නවලිය වැනි පුවත් පත් කාන්තාව ද, විජය, පුංචි, සාධන වැනි පුවත් පත් ළමා අධ්‍යාපනය සදහාද, දිවයින, මව්බිම, අරුණ වැනි පුවත්පත් එදිනෙදා සමාජ හා දේශපාලන වටපිටවාද ආදී ලෙස පුද්ගල දැනුවත් වීම ඔස්සේ සමාජානුයෝජනය සිදු කරයි.
20 වන සියවසේ මාධ්‍යට එක් වුනු අන්තර්ජාලය ඔස්සේ මේ වන විට තරුණ සමාජය බොහෝ විට සමාජානුයෝජනයට ලක් කෙරේ. fb, you tube, වැනි සමාජ අඩවි ඔස්සේ වැඩි කාලයක් ගත කරමින් සමාජය පිළිබදව යහපත් හෝ අයහපත් ආකල්පයන් සමාජානුයෝජනය සදහා දායක කරයි. ගෝලීයකරණ ක්‍රියාවලිය හා විශ්ව ගම්මාන සංකල්පය මේ හා සමග සබැදි නිසා විශාල ලෙස තාක්ෂණික හා අධ්‍යාපනික වශයෙන් සමාජානුයෝජනය වීම ඉහළ මට්ටමකට පැමිණ ඇති නමුත් අසැබි වෙබ් අඩවි,අයිතිකරුවන් නොමැති සයිබර් අවකාශ ඔස්සේ මත්ද්‍රව්‍ය සදහා යොමු වීම, අපචාර ඇතිවීම, දුෂණ වංචා ඇතිවීම ආදී ලෙස අයහපත් සමාජානුයෝජනයද සිදු වේ. පුද්ගලයා සමාජය තුළ තනි නොකර සංවිධාන ගත සමාජයක් බවට පත් කරලීමට සමාජ මාධ්‍ය භාවිත කෙරේ. මේ නිසා සමාජ මාධ්‍ය ඔස්සේ ඉහළ සමාජානුයෝජනයක් සිදු වන බව පැහැදිලිය.
සමාජානුයෝජනය පිළිබදව අදහස් කිහිපයක්.
ජෝජ් හාර්බර් ; දෙමව්පියන් පිළිගත් ධර්මතාවයන් දරුවන් විසින් අභ්‍යන්තරිකරණය කොට සුපසන් සිතක් තනගැනීමේ ක්‍රියාවලිය සමාජානුයෝජනයයි.
සී.එච්. කූලි ; දර්පන තල ආත්මය කොටගත් සමාජ ක්‍රියාවලියකි සමාජානුයෝජනය
එෆ්. එල්. කින් ; යමකු තම සමාජයේ හෝ සමාජ සමුහය විසින් අනුමත කරන ලද ජීවන මාර්ගය පිළිබදව ඉගෙනීමක් ගොඩනගා ගනිමින් ක්‍රියාකාරී වීමේ සමාජ ක්‍රියාවලිය සමජනුයෝජනයයි.
ටෝල්කට් පාසස්; පරම්පරාවෙන් පරම්පරාවට සංස්කෘතිය හා බද්ධ ගලායාම සමාජානුයෝජනයයි.
මහාචාර්ය පෙටර් මර්ෂලි; සමාජානුයෝජනය යනු පරම්පරාවෙන් පරම්පරාවට ගලායාමේ ක්‍රියාවලියකි
පුනර් සමාජානුයෝජනය යනු තම රටින් වෙන රටකට සංක්‍රමණය වීමෙන් පසු එරට සංකෘතිය මුල සිට ඉගෙනගැනීමට සිදුවීමයි.
සුභ දවසක්..!
සටහන : සමීර උදයංග
ආදි විද්‍යාර්ථ ( 14 කණ්ඩායම)
ආදි විද්‍යාර්ථ ( 14 කණ්ඩායම)
ජනමාධ්‍ය අධ්‍යනාංශය
කොළඹ විශ්ව විද්‍යාලය
ශ්‍රීපාලි මණ්ඩපය
Comments
Post a Comment