මාධ්‍ය සාක්ෂරතාව හැදින්වීම.
සාක්ෂරතාව හා මාධ්‍ය සාක්ෂරතාව.
වර්තමානය වන විට මාධ්‍ය අධ්‍යාපනය පිළිබඳ ඇත්තේ ජාත්‍යන්තර මට්ටමේ උනන්දුවකි. එසේම මාධ්‍ය සාක්ෂරතාව ද රටක අද්‍යාපනයේ කොටසක් බවට පත් වී ඇත. මාධ්‍ය මගින් අන්ද වූ ග්‍රාහකයා ඉන් මුදවා ගැනීමට මාධ්‍ය සාක්ෂරතා වැඩසටහන්(කෙටිකාලී) ක්‍රියාත්මක වේ. මාධ්‍ය විචාරය ද මාධ්‍ය සාක්ෂරතා අධ්‍යාපනය පෝෂණය කරනු ලබන නමුත් මාධ්‍ය සාක්ෂරතාව සදහා ඉන් ලැබෙන්නේ සීමිත පිටුවහලකි.
මාධ්‍ය සාක්ෂරතාවේ ප්‍රධාන ම සීමාවන් වන්නේ එය මාධ්‍යකරුවන් නිර්මාණ කිරීමේ කාර්‍යයෙහි නිරත නොවීමය. එනමුත් මාධ්‍ය කරුවන් හැඩ ගැස්වීම සදහා මාධ්‍ය සාක්ෂරතාව යොදා ගත හැකිය. වර්තමානයේ ජනප්‍රිය ගෘහස්ථ මාධ්‍ය පරිහරණය සැබෑ ලෙස අර්ථකතනය කර ගත හැක්කේ මාධ්‍ය සාක්ෂරතාව මගිනි. උදාහරණයක් ලෙස ගත හොත් ශ්‍රී ලංකාවේ මේ වන විට මාධ්‍ය සංස්කෘතිය කෙබදු දැයි අවබෝධ කර ගන්නට නොහැකි තරමට එය සරුව පිත්තල සැරසිලි වලින් අලංකාර කර තිබේ. ග්‍රාහකයා දෑස් මුලා කර එය නරඹන අතර මාධ්‍ය මගින් ග්‍රාහකයා ඩැහැගෙන තිබේ. තමා අවසානයේ මාධ්‍ය මගින් ලබා ගත්තේ කුමක්ද යන්න වත් නොතේරෙන තරමට ඔවුන් අන්ධ වී හමාරය. ඉන් පැහැදිලි වන්නේ මාධ්‍ය තුළ ඇති ගෘහස්ථ ආක්‍රමණයයි. නමුත් එය සිදු වන්නේ සුන්දර අයුරිනි. මෑත කාලීන නිදසුනක් වන්නේ ජනාධිපති ගේ කතාව අතර තුර දෙවෙනි ඉනිම බලාපොරොත්තු වූ සුවහසක් ජනතාව වෛරස තත්වයට වඩා එය පිලිබද අවදානය දක්වන බව පැහැදිලි ව පෙනෙන්නට මෙන් කතාව අතරතුර දෙවෙනි ඉනිම බලාපොරොත්තු වන්න ලෙස තිරයේ නිතර ප්‍රදර්ශනය කිරීමයි. එය මාධ්‍ය මගින් ග්‍රාහකයා රිලා නැටුමට අල්ලාගෙන ඇති බව පැහැදිලි ව ම පෙනී යන්නකි. තවත් නිදසුනක් වන්නේ තමන් අසන්නේ අහවල් නාලිකාවය නරඹන්නේ අහවල් නාලිකාවය යන්න නාමපුවරු ගේ ඉස්සරහ එල්ලීමට් තරම් ග්‍රාහකයන් නිර්වින්දනය කර හමාර නිසා ය. එනිසා සත්‍ය තේරුම් ගැනීමට ඔවුන් ට අපහසුය.
මාධ්‍ය වෙළදපොළ අනුග්‍රාහකයන් විසින් තමන්ගේ අභිමතය පරිදි සංස්කෘතික අංග මාධ්‍ය හරහා ජනතාව වෙත ඉදිරිපත් කරනු ලබයි. ජනයා එය ඉතා සතුටින් වැලද ගනී. ජනප්‍රිය සංස්කෘතියේ ස්වභාවය එයයි. ඉකමනින් එයට ගොදුරු වන්නේ ළමා තරුන, කාන්තා පිරිසයි. ජනප්‍රිය සංස්කෘතිය ජාතික සංස්කෘතිය ඉකමවා යයි. එයට යොදාගෙන ඇති උපකරණ වන්නේ ද ප්‍රජාතන්ත්‍රවාදය හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියයි. එහි යම් පාලනයක් කිරීමට රජයට මැදිහත් විය නොහැක. එසේ වුවහොත් එය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවට පත් වේ. එනිසා කල යුත්තේ ග්‍රාහකයා බල්ගැන්වීමයි. ඒ හරහා මාධ්‍යයේ සැබෑ අර්තය හදුනා ගත හැකි වේ. ජනමාධ්‍යය ආයතනයන් හි සැබෑ අරමුණු දිස් නොවන අතර ඒවා ඇත්තේ තිරය පිටුපස ය. විචාරශීලී ග්‍රාහකයාට මෙම තිරයෙන් පිටුපස ඇති සැබෑ අර්ථය මාධ්‍ය සංදේශයන් විශ්ලේෂණය කර හදුනා ගත හැකි බැවින් ග්‍රාහක නිපුණතා සංවර්ධනය නූතන මාධ්‍ය සංස්කෘතියෙහි අත්‍යාවශ්‍ය කාර්‍ය භාර්යක් වේ.
*මාධ්‍ය සාක්ෂරතාව යනු මාධ්‍යයෙන් සෑම ආකාරයකින් ම ඉදිරිපත් කරන සංදේශ පරිහරණය කිරීමට, විශ්ලේෂණය කිරීමට, ඇගයුමට හා නිර්මාණය කිරීමට ලබා ගන්නා හැකියාවයි.*
*-යුරෝපා කොමිසම-*
මාධ්‍ය සාක්ෂරතාව සමග කෙනෙකුගේ පෞද්ගලික සංවර්ධනයේ පැති කිහිපයක්
▪️සවිඥානිකත්වය
▪️විචාරශීලී චින්තනය
▪️ගැටළු විසදීමේ හැකියාව.
මාධ්‍ය සාක්ෂරතාවට අදාළ කුසලතා
▪️පරිහරනය කිරීමේ කුසලතාව
▪️විශ්ලේෂණය කිරීමේ කුසලතාව
▪️ඇගයීමේ කුසලතාව
▪️නිර්මාණය කිරීමේ කුසලතාව
▪️තුලනාත්මක කුසලතාව
▪️මාධ්‍ය සංදේශයක යටි පෙළ හදුනා ගැනීමේ කුසලතාව
ලෝකයේ සාක්ෂරතාව පිළිබඳ යොමු කලේ සංවර්ධනය මනින මිනුම් දණ්ඩක් ලෙසය.
මාධ්‍ය සාක්ෂරතාව අවශ්‍ය වන්නේ ඇයි..?
▪️ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියෙකු වශයෙන් ජීවත් වීම සඳහා.
▪️තමන්ගේ එදිනෙදා ජීවිතයේදී මානසික ප්‍රතිෂ්ඨාපනය සඳහා මාධ්‍ය භාවිතා කරන්නේ කෙසේදැයි දැන ගැනීමට.
▪️අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම වඩාත් යථාර්ථවාදී වීමට නම් සෑම කෙනෙකුට ම මාධ්‍ය සාක්ෂරතාවයෙන් යුක්ත වීම අවශ්‍ය වේ.
▪️ජාතික සංවර්ධනය සඳහා මාධ්‍ය නිසි ලෙස යොදවා ගැනීමට සමාජයීය නිපුණතා සංවර්ධනය සඳහා.
▪️පුද්ගලයන්ගේ දෛනික ජීවිතය ද ගෘහස්ථ පැවැත්ම ද වඩාත් ඵලදායිව ගත කිරීම සඳහා .
▪️ව්‍යාපාරික අනුග්‍රහකයින් විසින් ගොඩනංවන පාරිභෝගිකවාදය පදනම් වූ ජනප්‍රිය සංස්කෘතිය සිදුවන අව පැවැත්ම හසුරුවා ගැනීම සඳහා.
පරිස්සමින් ඉන්න..සුභ දවසක්..
සටහන : මිතිලා පාඨලී සෙනෙවිරත්න
ජනමාධ්‍ය අධ්‍යනාංශය
සිව්වන වසර
කොළඹ විශ්වවිද්‍යාලය
ශ්‍රී පාලි මණ්ඩපය.

Thanks akki godak
ReplyDeleteThanks akki godak
ReplyDeleteWelldone ����
ReplyDeletephoto journalism ගැනත් ලියන්න .
සුබ පැතුම් ! අදාල මුලාශ්‍ර/ආශ්‍රිත ග්‍රන්ථ ලේඛනය සමග ලිපි පලකිරීම ට කටයුතු කරන්නේනම් මැනවි .
ReplyDeleteVry usefull..thnks akki..keep it up...💯
ReplyDelete