රූපවාහිනියේ ඉතිහාසය - History of Television

රූපවාහිනියේ කාලානුරූපී විමසුම 

ජෝන් ලොගී බෙයාර්ඩ් අප හැමෝම දන්නා පරිදි රූපවාහිනියේ  නිර්මාතෘවරයාය. ඔහු කුඩා කල සිටම ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා නව නිපැයුම් සිදු කිරීමට මහත් ඇල්මක් දැක්වූ අයෙකි. 1920 වසරේදී රූපය හා ශබ්දය යන ද්විත්වයම යම් දුරකට සම්ප්‍රේෂණය කිරීමේ උත්සාහයක ඔහු නිරත වෙනවා. ඒ වන විට ගුග්ලි එල්මෝ මාර්කෝනි සාර්ථකව හඬ සම්ප්‍රේෂණය කර තිබීම විශේෂත්වයකි. එනමුත් බෙයාර්ඩ් ට බලාපොරොත්තු වූ තරමින් ඔහුට මෙම කටයුතු සිදුකරගෙන යාමට කිසිවකුගේ අනුග්‍රහය ලබා දුන්නේ නැත. උත්සාහය අත නොහැරි ඔහු සිය ආර්ථික මට්ටමට අනුව යොදාගත හැකි සියලු දේ යොදා ගනිමින් සිය පර්යේෂණ කටයුතු දිගින් දිගටම සිදු කරන ලදී. 

සිය පර්යේෂණ වල මුලික අදියර සාර්ථක කර ගැනීමෙන් පසු බෙයාර්ඩ් සිය සොයා ගැනීම ලන්ඩනයේ වෙළඳසැලක මහජන ප්‍රදර්ශනය සඳහා ද තබන ලදී . එයට ලැබුණු ප්‍රතිචාර නිසාම 1926 වසරේදී සිය නව නිපැයුම වන 'ටෙලිවයිසරය' බ්‍රිතාන්‍ය රාජකීය ආයතනයේ දී ලොව පතල විද්‍යාඥයන් පනස් දෙනෙක් ඉදිරිපිට ගෙනහැර දක්වන ලදී. චලන රූප සම්ප්‍රේෂණය කිරීමට මෙම ක්‍රමවේදය ඉතා වැදගත් බව එම විද්‍යාඥයන් සඳහන් කරන ලදී. පසුව 1927 වසරේදී ලන්ඩනයේ සිට සැතපුම් හාර සියයක් දුරින් පිහිටි ග්ලාස්ගෝ වෙත දුරකථන රැහැනක් ඔස්සේ සාර්ථකව හඬ හා රුව සම්ප්‍රේෂණය කිරීමට මොහුට හැකියාව ලැබුණි. 1928 වසරේ දී අත්ලාන්තික් සාගරය හරහා සාර්ථකව ඇමරිකා එක්සත් ජනපදයට එංගලන්තයේ සිට රූපවාහිනිය සම්ප්‍රේෂණයක් ද සිදු කරන ලදී . ක්‍රිස්තු වර්ෂ 1929 වන විට බී.බී.සී සමාගම සිය මුල්ම රූපවාහිනී සම්ප්‍රේෂණ අත්හදාබැලීම උදෙසා බෙයාර්ඩ්ගේ මෙම තාක්ෂණය උපයෝගී කර ගැනීම ද සිදු කෙරේ .

ලෝකය තුළ මුල් බීජ වැපිරී විකාශය වීමෙන් පසුව ශ්‍රී ලංකාවට රූපවාහිනියේ ආගමනය සිදු වූ අතර කඩින් කඩ සිදු වූ ආගමනීය ප්‍රතිඵල හේතුවෙන් මෙරට ජනතාවට අමරණීය රූපවාහිනී වැඩසටහන් පෙළක් ඉතුරු විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී සේවය ආරම්භ වන්නේ 1979 අප්‍රේල් 14 වන දිනයි . එක්දහස් නවසිය හැත්තෑ හයේ කොළඹ නොබැඳි ජාතීන්ගේ සමුළුව පැවැත්වීම නිසා ශාන් වික්‍රමසිංහ මහතා විසින් එම වසරේම අගෝස්තු මස කොළඹ අවට සැතපුම් දහයක් දුරට වැඩසටහන් විකාශය කළ හැකි ක්‍රමයක් නිපදවීය. පසුව වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් අනුව විදේශීය රූපවාහිනී වැඩසටහන් අලෙවි කිරීමේ අරමුණෙන් පැමිණි බොබ් ක්‍රිස්ටි ද ශාන් වික්‍රමසිංහ හා අනිල් විජේවර්ධන යන අයද එකතු වී ස්වාධීන රූපවාහිනී සේවය ආරම්භ කරනු ලැබීය . 

Independent Television Network පෞද්ගලික සමාගම අයි.ටී. එන් ලෙස ආරම්භ විය. මෙම රූපවාහිනී නාලිකාව මඟින් එකල විකාශය කර ඇති වැඩසටහන් ලෙස Sesame Street, adventures of huckleberry finn, Get Start, My world and Welcome to it යනාදිය හඳුන්වා දිය හැක .

   මෙහි විග්‍රහ වන්නේ රූපවාහිනිය නිපදවීම හා ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් වන මුලික කරුණු කිහිපයකි. සවිස්තරාත්මක වැඩි විස්තර ලබාගැනීම සඳහා පහත නම් සඳහන් ග්‍රන්ථ හා ලේඛන පරිශීලනය කරන්න.

1) Television in the age of radio: Modernity, Imagination and the making of a medium.
By Philip W. sewell
Rutgers University Press, 2014
2) Blue Skies: A History of Cable Television 
By Patrick R. Parsons
Temple University Press, 2018
3) NBC: America's Network 
By Michele Michele
University of California press, 2007

සටහන : හිමර්ෂී කුමාරනායක
සිව්වන වසර
ජනමාධ්‍ය අධ්‍යනාංශය
කොළඹ විශ්ව විද්‍යාලය 
ශ්‍රීපාලි මණ්ඩපය

පළමු පාඩම - මාධ්‍ය අභිසාරීතාවය - උදේනි පෙරේරා


දෙවන පාඩම - මාධ්‍ය සාක්ෂරතාවය - මිතිලා පාඨලී සෙනෙවිරත්න 


තෙවන පාඩම - සාම්ප්‍රදායික මාධ්‍ය - මාධව ජයසිංහ 


සිව්වන පාඩම -  වෑර්ලස් කතාව - ජී.බී.සිතාරා සෙව්වන්දි


පස්වන පාඩම - මාධ්‍ය හා ප්‍රචණ්ඩත්වය - මිතිලා පාඨලී සෙනෙවිරත්න.


හයවන පාඩම - මධ්‍ය සංස්කෘතිය - නුවන් ධනංජය

Comments

  1. මුල් වකවානුවේ ලංකාවට මෙම යන්ත්‍රය රැගෙන ඒමෙන් පසු මෙය හැදින්වීමට කුමන නමක් භාවිතා කර යුතුද යන්න පිලිබඳ මත රැසක් ඉදිරිපත් විය. ඒ වනවිට ඉන්දීය ජනයා මෙය දූරදර්ශී/ දූරදර්ශන් (දුර දැකීම යන අර්ථය) ලෙස හැදින්වීය. එවකට ලංකාවේ සිටි MJ perera මහතා මෙම යන්ත්‍රය සදහා -"රූපවාහිනී" යන නම ප්‍රථම වරට යෝජනා කරන ලදී. ගැටලුව වූයේ එවකට ලංකාවේ පැවති සියලු මාධ්‍ය සදහා පුරුෂ ලිංගාර්ථ පද භාවිතා වෙද්දී රූපවාහිනීයට පමනක් ස්ත්‍රී ලිංගාර්ථවත් වචනයක් භාවිතා කරන්නේ මන්ද යන පැනය මතු කිරීමයි.mj perera මහතා සදහන් කර සිටියේ අපගේ නිවසේ මව සකලවිධ රසයන් එක්කොට ප්‍රනීත ආහාරයෙන් අපගේ කුස සරි කරන්නාක් මෙන් රූපවාහිනීයද සකලවිධ දැනුම ලොව සෑම දෙසින්ම එක්කොට ලාංකීය ග්‍රාහක දැනුම යම් දිනක පෝෂණය කරන බවයි..... (දැනුමට යමක්)

    ReplyDelete
  2. මුල් වකවානුවේ ලංකාවට මෙම යන්ත්‍රය රැගෙන ඒමෙන් පසු මෙය හැදින්වීමට කුමන නමක් භාවිතා කර යුතුද යන්න පිලිබඳ මත රැසක් ඉදිරිපත් විය. ඒ වනවිට ඉන්දීය ජනයා මෙය දූරදර්ශී/ දූරදර්ශන් (දුර දැකීම යන අර්ථය) ලෙස හැදින්වීය. එවකට ලංකාවේ සිටි MJ perera මහතා මෙම යන්ත්‍රය සදහා -"රූපවාහිනී" යන නම ප්‍රථම වරට යෝජනා කරන ලදී. ගැටලුව වූයේ එවකට ලංකාවේ පැවති සියලු මාධ්‍ය සදහා පුරුෂ ලිංගාර්ථ පද භාවිතා වෙද්දී රූපවාහිනීයට පමනක් ස්ත්‍රී ලිංගාර්ථවත් වචනයක් භාවිතා කරන්නේ මන්ද යන පැනය මතු කිරීමයි.mj perera මහතා සදහන් කර සිටියේ අපගේ නිවසේ මව සකලවිධ රසයන් එක්කොට ප්‍රනීත ආහාරයෙන් අපගේ කුස සරි කරන්නාක් මෙන් රූපවාහිනීයද සකලවිධ දැනුම ලොව සෑම දෙසින්ම එක්කොට ලාංකීය ග්‍රාහක දැනුම යම් දිනක පෝෂණය කරන බවයි..... (දැනුමට යමක්)

    ReplyDelete

Post a Comment