නිර්වාචික සන්නිවේදනය - 2 කොටස

නප් හා හෝල් විසින් නිර්වාචික සන්නිවේදනයේ තවත් කාර්ය 4ක් පෙන්වා දීලා තියෙනවා.
  1. සංදේශය වර නැගීම හෝ ඌන පූරණය කිරිම
නිර්වාචික ඉගි එක් කරමින් පණිවුඩය වර ගන්වන්න පුළුවන්.
නිදසුන් :- මම දිනුවා කියන එක V අක්ෂරය ඇගිලි වලින් පෙන්වීම.
      2.සංදේශය ආදේශනය
නිර්වාචික ඉගි සදහා වාචික ඉගි ආදේශනය කරන්න පුළුවන්.
නිදසුන් :- කෑගසන්න එපා කියන එක දබරගිල්ල තොල්පට මත තබා පෙන්වීම.
      3.සංදේශය උද්දීපනය
වාචික සංදේශයක කොටසක් උද්දීපනය කර පෙන්වීමට නිර්වාචික ඉගි භාවිතා කරන්න පුළුවන්.
නිදසුන් :- කතාවක අත්‍යාවශ්‍ය කොටස් වල අර්ථය මතු කිරීමට කතාවේ වේගය අඩු වැඩි කිරීම.
      4.සංදේශය නියාමනය
නිර්වාචික ඉගි පුද්ගලයන්ගේ අන්තර්ක්‍රියාකාරීත්වයට උපකාරී වෙන්න පුළුවන්.
නිදසුන් :- ඇස් අතර පවතින සබදතාවය (Eye Contact)

එක්මන් හා ෆයිසන් විසින් නිර්වාචික සන්නිවේදය  වර්ගීකරණය කරලා තියෙනවා.
  • ලාංඡන
  • සන්නිදර්ශන
  • හැගීම් පදර්ශන
  • නියාමනය
  • අනුවර්තනය

නිර්වාචික සන්නිවේදනය පිළිබඳව ජනප්‍රිය ග්‍රන්ථ දෙකක් වෙන  The Silent Language” හා  The Hidden Demention  රචනා කරපු ඇමරිකානු ජාතික මානව විද්‍යාඥයෙකු වන එඩ්වඩ්.ටී.හෝල් නිර්වාචික සන්නිවේදනය යටතේ පරතරය” යන කරුණ ඉදිරිපත් කරලා තියෙනවා. පුද්ගලයන් අතර තිබෙන පරතරයසංවාද සබඳකම්හැඟීම් හා සංකල්ප ද පරතරය දුර සිට බලන්නෙකුට නිර්වාචිකව සන්නිවේදනය වෙනවා. හෝල් තමන්ගේ නිරීක්ෂණ හා සම්මුඛ පරීක්ෂණ අනුව මිනිසුන් එකිනෙකා සමග සන්නිවේදනයෙ හි යෙදෙන පරතරය කලාප 04 ක් වශයෙන් හඳුනාගෙන තියෙනවා
එනම්,
01. කුළුපග පරතරය
02. පෞද්ගලික පරතරය
03. සමාජීය පරතරය
04. පොදු පරතරය

කුළුපග පරතරයක මිනිසුන් එකිනෙකා සමඟ සෘජුව සබඳතා පවත්වනවා. මෙහිදී එකිනෙකා අතර දුර ප්‍රමාණය අඟල් 06-18 ත් අතර වෙනවා. දරුවා සහ මව අතර ඇති පරතරයපෙම්වතුන් අතර ඇති පරතරය කුළුපග පරතරයට නිදසුන්
පෞද්ගලික පරතරයේ දී මිනිසුන් අඟල් 06-18 දක්වා ප්‍රමාණයක් දුරින් ඉනන්වා. පෞද්ගලික සංවාදයන් හි යෙදෙන අතරතුර තබා ගන්නේ මේ පරතරයයි. එය අනෙක් පුද්ගලයාගේ ප්‍රතික්‍රියා දැකීමට තරම් ආසන්න වුව දඔහුගේ හෝ ඇයගේ කුළුපග පරතරයට ඇතුළු වීමට තරම් සමීප වෙන්නේ නෑ
සමාජමය පරතරයේ දී මිනිසුන් අඩි 04-12 දක්වා %මාණයක් දුරින් ඉන්නවා. සමාජීය රැස්වීම් හා සම්මුඛ පරීක්ෂණ මේකට උදාහරණ වෙනවා
අඩි 12 කට වැඩි %මාණයක් පොදු පරතරයේ දී භාවිත කරනවා. මෙවන් පරතරයක දී මිනිසුන් වඩා උස් හඩින් කතා කරන අතර, අතිශයෝක්තියෙන් අභිනය දක්වනවා. මෙම පරතරයේ දී සන්නිවේදනය වඩා විධිමත් වන අතර පුද්ගලයන් අන්‍යොන්‍ය ලෙස සම්බන්ධකම් පැවැත්වීමේ අවස්ථා සීමා කරලා තියෙනවා. දේශපාලඥයන් හා පොදු ජනතාව අතර ඇති පරතරය පොදු පරතරයට එක් නිදසුනක්.

නිර්වාචික සන්නිවේදනය සිදු වන එක් ප්‍රධාන අංගයක් ලෙස වර්ණ” දක්වන්න පුළුවන්. කාලයක් සමඟ සමාජය විකාශණය වෙද්දී මේ වර්ණ වලට විවිධ අර්ථ එකතු වෙලා තියෙනවා.           
  • සුදු වර්ණය - පිවිතුරු බව
  • කළු වර්ණය - විරෝධය පෑම
  • රෝස වර්ණය - සියුමැලි බව
  • ලා නිල් වර්ණය - වටිනාකම
  • ලා කොළ වර්ණය - විචක්ෂණභාවය
  • තද නිල් වර්ණය - සමාදානය
ඊළගට අපි බලමු පුද්ගලයෙක් ට නිර්වාචික සං පිළිබද අවබෝධයක් පැවතීම වැදගත් වෙන්නේ කොහොමද කියලා.

සන්නිවේදන ක්‍රියාවලිය මිනිසාට පමණක් සීමා වූ ක්‍රියාවලියක් කියලා කවුරැ හරි කියනවා නම් ඒක මිත්‍යාවක්. මොකද මිනිසා වගේම අනෙක් සතුන් ජීවත් වන්නවුන්ගේ ගණයට වැටෙනවාඑසේ නම් ඔවුහු මිනිසා වගේම සිය අවශ්‍යතා සපුරා ගත යුතු වෙනවා සඳහා සන්නිවේදනය කළ යුතු වෙනවා. අන් සියළු සන්නිවේදන ක්‍රියාවලින් වල නිරතවෙන සතුන් මිනිසාට වගේ කතා කිරීමේ හැකියාවක් නැති නිසා ඔවුනට වාචික සන්නිවේදන ක්‍රියාවලියේ නිරතවීම ගැටළුවක්.    නමුත් එබදු ගැටළුවක් මේවන තෙක් සිදුව නැමොකද ඔවුහු සිය සන්නිවේදන ක්‍රියාවලිය කථනය උපයෝගී නොකර ගනිමින් වුව ද දිගින් දිගට ම පවත්වා ගෙන යන නිසාඉතින් ලෝකේ වැඩි පිරිසක් ජීවත් වන්නේ නිර්වාචික සන්නිවේදන ක්‍රියාවලියේ නිරත වන අයවෙනකක් තියා කථන හැකියාව ඇති මිනිසා පවා බොහෝ අවස්ථාවන්හි දී සිය සන්නිවේදන අවශ්‍යතා ඉටුකර ගනු ලබන්නේ නිර්වාචික සන්නිවේදනය මඟින්.  
මේ අනුව නිර්වාචික සන්නිවේදනයට ලොව සුවිශේෂි වූ සන්නිවේදන කි%යාමාර්ග අතර මූලික ස්ථානයක් හිමිවෙලා තියෙනවා. මිනිසා සිය පැවැත්ම ආරම්භයේදී ම සිය අවශ්‍යතා සපුරා ගැනීම යොදා ගෙන තියෙන්නේ නිර්වාචික සන්නිවේදනය යිමුල් අවධියේ දී මේ සඳහා මිනිසා තමා සතු චාලක හැකියාවන්, අක්ෂි චලනයන් වැනි දේ උපයෝගී කර ගෙන තියෙනවාමීට අමතරව මානවයා කථන හැකියාව ලබාගැනීමෙන් පස්සෙත් බොහෝ විට නිර්වාචික සන්නිවේදන ක්‍රියාවලියේ නියැලිලා තියෙනවා. වාචික සන්නිවේදනය සැලකීමේ දී ඒක පුද්ගලයා ආශ්‍රිතව පමණක් පවතින සන්නිවේදනයක්හැබැයි නිර්වාචික සන්නිවේදනය පුද්ගලයා ආශ්‍රිතව ද පරිසරය ආශ්‍රිතව පවතින ක්‍රියාවලියක්මිනිසාට පරිසරය හා සමඟ සන්නිවේදනයෙහි නියැලීමට සිදුවෙනවා සඳහා වැදගත් වෙන්නෙත් නිර්වාචික සන්නිවේදනය.
එ් වගේම සෑම මිනිසෙකුට ම කථන හැකියාව උරුමවී නොමැති බව අප දන්නවාඇතැම් අය කථන හැකියාව නැත්තටම නැති පුද්ගලයින් වෙන අතර තවත් පිරිසක් කථන ආබාධ සහිත වෙනවා. ඔවුන්ට නිර්වාචික සන්නිවේදනය ඵලදායි ලෙස භාවිතා කරන්න පුළුවන්. ඒ අනුව නිර්වාචික සන්නිවේදනය වඩාත් ප්‍රබල, ව්‍යාප්ත සන්නිවේදන රටාවක් බව පැහැදිලියි. නිර්වාචික සන්නිවේදනයේ දී සන්නිවේදනය සඳහා විශේෂිත වූ රටාවක් නොපවතින නිසා සන්නිවේදකයාට තමන්ගේ රුචිකත්වය අනුව මාධ්‍යය හසුරුවා ගැනීමට හැකියාව ලැබෙනවාඑහිදී සන්නිවේදකයා පූර්ණ වශයෙන් නිදහස් පුද්ගලයෙකු වෙනවාඑය ඔහු තුළ සිය සන්නිවේදන ක්‍රියාවලිය වඩාත් නිර්මාණශීලි අයුරින් සිදු කිරීමේ හැකියාව ලබා දෙනවා.  
නිර්වාචික සන්නිවේදනයේ සංඥා හා සංකේතයන් සමඟ සමීපවීමත් ඒවායේ අර්ථයන් පිළිබඳව දැනුමක් සහිත වීමත් නිසා සංඥාව දුටු විගස සංදේශය අවබෝධ කර ගැනීමේ හැකියාවක් තියෙනවාඒ නිසා සංදේශය නිවැරදි ආකාරයෙන් ග්‍රාහකගත වන බවට විශ්වාසයක් ගොඩනඟා ගන්නත් පුළුවන්. මාර්ග සංඥා ඒකට උදාහරණයක් වෙනවා.
මීට අමතරව පුද්ගලයා වාචික සන්නිවේදනය හා නිර්වාචික සන්නිවේදනය යන දෙකම භාවිතා කරමින් සන්නිවේදනය කරන අවස්ථා තියෙනවාමෙහිදී Body Language සිය නිර්වාචික සන්නිවේදනයේ  චලනය සඳහා භාවිතා කරන අතර එමඟින් තම වාචික සන්නිවේදන කි%යාවලිය තවදුරටත් පැහැදිලි කිරීම සිදු කරනු ලබනවාඑමඟින් වාචික සන්නිවේදන ක්‍රියාවලිය තුළින් පැහැදිලි කිරීමට අපොහොසත් වූ දේ හා පැහැදිලි කරන ලද  මුත් තේරුම් ගත නොහැකි වූ දේ පිළිබඳව ග්‍රාහකයා තුළ අවබෝධය ඇති කරවීම අපේක්ෂා කෙරෙනවා.  
අවසානයේ පෙනී යන කරුණක් තමයි වාචික සන්නිවේදනය තුළදී නිර්වාචික සන්නිවේදනය බහුල ලෙස උපයෝගී වෙනවා කියන එකමහාචාර්ය ඇල්බට් මෙහෙරාබියන් පවසන්නේ පුද්ගලයෙකු සතුව පවත්නා සන්නිවේදන රටාව තුළ 55% ක් මුහුණේ ඉරියව් මඟින් ප්‍රකාශ කරන අතර 38% කථා කරන ස්වරූපය තුළින් පෙන්නුම් කරන අතර වචනයක් තුළින් නිරූපණය වන්නේ 7% පමණ ප්‍රමාණයක් බවයිමෙයින් අපට පෙනී යන්නේ 93% ක් වාචික සන්නිවේදනය තුළ නිර්වාචික සන්නිවේදනය පවතින බවයි.
ඒ කියන්නේ නිර්වාචික සන්නිවේදනය වාචික සන්නිවේදනය තරමට ම ප්‍රබල ස්ථානයක් ගන්නවා කියන එක.

තවත් ලිපියකින් එහෙනන් තවත් දවසක හම්බෙමු.
පරිස්සමට ගෙදරටම වෙලා ඉන්න.
ජය....!  

සටහන : නවෝද්‍යා ගමගේ
ජනමාධ්‍ය අධ්‍යනාංශය
සිව්වන වසර
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය.

Comments

Post a Comment