ජනප්‍රිය සංස්කෘතිය හා මාධ්‍යය

නූතන ජන මාධ්‍ය සමග බද්ධ ව වැඩෙන සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය යි.'' 

         -ආචාර්ය ආරියරත්න ඇතුගල-


ජනප්‍රිය සංස්කෘතිය හා මාධ්‍යය යන තේමාව සමකාලීන තත්ත්වයන් තුළ ඉතා ගැඹුරු හා පුළුල් අධ්‍යයන පරාසයක් බවට පත් වී තිබේ.ඊට හේතුව නම් මාධ්‍යයේ ඇතිවී තිබෙන සංකීර්ණ හැසිරීම සහ සිදු වී ඇති සංස්කෘතික විපර්යාසය යි.

ජනප්‍රිය සංස්කෘතිය යන සංකල්පය පිළිබද විමසා බැලීමේදී එය අධ්‍යයන පරාසයක් ලෙස කරලියට පැමිණෙන්නේ *20 වන සියවස* ආරමභයත් සමග ය. විශේෂයෙන් *බටහිර ශිෂ්ටාචාරය * පදනම් කර ගනිමින් ජනප්‍රිය සංස්කෘතිය ජනිත වේ. වර්තමානය වන විට ජනමාධ්‍ය ක්‍රියාවලිය සංවිධානය වන්නේ අන්තර්ජාතික මට්ටමිනි. ජනමාධ්‍ය හසුරුවන න්‍යාය පත්‍රය ගොඩනඟන්නේ බලවත් බටහිර ජාතීන් විසිනි. එය ගෝලීය න්‍යාය පත්‍රයකි. එනම් මුළුමහත් ලොවටම ඉදිරිපත් කරනු ලබන පොදු වැඩපිළිවෙළකි. පෙර පැවති ප්‍රාදේශීය ජාතික මාධ්‍ය ක්‍රියාවලිය බිඳ වැටී මුළු මහත් විශ්වයටම ඒකාකාරව ගොඩනැගෙන භූගෝලීය මාධ්‍ය ක්‍රියාදාමයක් නිර්ණය වන්නේ එලෙසිනි. බහුජන හෙවත් මාධ්‍ය සංස්කෘතියේ උපරිම තලය ජනප්‍රිය සංස්කෘතිය බව විචාරකයෝ පෙන්වා දෙති. ජනප්‍රිය සංස්කෘතිය යනු ජන මාධ්‍ය මගින් සමාජගත කරන භාණ්ඩ , සේවා හා ඒ හා බැදුනු සමාජ සංස්කෘතික ස්වරූපයකි .


ජනප්‍රිය සංස්කෘතිය යන්න ඉතාමත් ආකර්ෂණීය බවකින් යුක්ත වේ . එම ආකර්ෂණීය බව නිසා ජනතාව එහි පවතින සත්‍ය අසත්‍යතාවය පිළිබද විමසීමකින් තොරව එය වැලදගනු ලබයි .

ජනප්‍රිය සංස්කෘතිය මගි‍න් ජන මාධ්‍ය යොදාගෙන  ව්‍යාජ මානසික අවශ්‍යතා මිනිසුන් තුළ වගා කිරීම සිදුවේ.මෙහි අවසාන ප්‍රතිඵලය නම්
ධනේශ්වර ඇවතුම් පැවතුම්  කෙරෙහි ජනතාව කීකරු කර ගැනීමයි.
ජනප්‍රිය සංස්කෘතිය මාධ්‍ය හරහා සමාජයට ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි ප්‍රපංචයක් බවත් එහි බලපෑම දේශීය මෙන්ම ලෝක  මට්ටමින් සිදුවන බවත් වටහාගත හැකිය.

සුභ දවසක්..!

සටහන : සමේලා රාජපක්ෂ 
සිව්වන වසර 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්ව විද්‍යාලය 
ශ්‍රීපාලි මණ්ඩපය

පළමු පාඩම - මාධ්‍ය අභිසාරීතාවය - උදේනි පෙරේරා


දෙවන පාඩම - මාධ්‍ය සාක්ෂරතාවය - මිතිලා පාඨලී සෙනෙවිරත්න 


තෙවන පාඩම - සාම්ප්‍රදායික මාධ්‍ය - මාධව ජයසිංහ 


සිව්වන පාඩම -  වෑර්ලස් කතාව - ජී.බී.සිතාරා සෙව්වන්දි


පස්වන පාඩම - මාධ්‍ය හා ප්‍රචණ්ඩත්වය - මිතිලා පාඨලී සෙනෙවිරත්න.


හයවන පාඩම - මධ්‍ය සංස්කෘතිය - නුවන් ධනංජය


හත්වන පාඩම - රූපවාහිනියේ ඉතිහාසය - හිමර්ශි කුමානායක


                                                                 
අටවන පාඩම - මොනවද මේ අසයිමන්ට් - උදේනි පෙරේරා


නමවන පාඩම - අචිනි මධුෂිකා - චලන චිත්‍රයේ කතාව


දහවන පාඩම -  මාධ්‍ය අධ්‍යාපනය - ධනූෂා රණතුංග


එකලොස් වන පාඩම - සංහතික මාධ්‍ය සංකල්පය - සමීර උදයංග


Comments

Post a Comment