ශ්‍රී පාලි මණ්ඩපයෙ මීඩියා කියන්නෙ වෙනම ගුරුකුලයක්ද?

මේ ලිපියෙන් කියන්න යන්නෙ ශ්‍රීපාලි මණ්ඩපයට මීඩියා කරන්න එන උන් ඇණ ගන්න තැනක්. O/L A/L සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය ඉගෙන ගෙන ඒ විශය ගැන අවබෝධයක් තියන පිරිස කැම්පස් එකට ආවම ආචාර්‍ය ටියුඩර් වීරසිංහ ලියපු ජනමාධ්‍යවේදය කියවන් ගියොත් මේ අවුල හොඳටම වැඩි වෙනව. මේකට ප්‍රධාන හේතුව මේ ගැන පැහැදිලි කරන්න ගුරුකුල දෙකක් පැවතීම. මේ ගැන ගොඩක් අය දැනුවත් නෑ. කැලණිය විශ්වවිද්‍යාලය හා අනෙකුත් විශ්වවිද්‍යාල තුල පවතින්නෙ සන්නිවේදනය ( Communication ) කියන විශය. බොහෝවිට මේක සිංහල හා භාෂා අධ්‍යනාංශ වලට සම්භන්ධ තමා තියෙන්නෙ. කැලණි විශ්වවිද්‍යාලයේ තියෙන්නෙත් මේ විශය. මේ සන්නිවේදන විශයට ඉතාම දිගු ඉතිහාසයක් තියෙනව. සන්නිවේදන විශය පුළුල් විශයක්.සන්නිවේනය හා මාධ්‍ය අධ්‍යනය කියල මේ විශය උගන්නන කැම්පස් තියනව. නමුත් මේක ඇතුලෙ මූලික වෙන්නෙ සන්නිවේදනය ඒ කියන්නෙ Communication. ඔවුන් මාධ්‍ය ගැනත් කතා කරනව. ඒ අනුව මාධ්‍ය බෙදෙන ප්‍රධාන ක්‍රම 2 ක් පෙන්වා දෙනව.
1. ජන මාධ්‍ය (mass media)
2. සම්ප්‍රදායික මාධ්‍ය (folk/traditional) media

ඔව් ඔව් දැන් මේක කිව්වම ඔබ දන්නවත් ඇති. ලංකාවෙ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යන විශය පාසල් මට්ටමේ උගන්වන්නෙ මෙන්න මේ කැලණිය විශ්වවිද්‍යාලයේ  උගන්වන ක්‍රමවේදය ඔස්සේ. මහාචාර්‍ය සුනන්ද මහේන්ද්‍ර, ආරියරතන ඇතුලග වගේ පිරිසක් තමා මේ සන්නිවේදන විශය හා සම්භන්ධව කටයුතු කරන්නෙ. මේකෙදි ඔවුන් පුවත්පත ,ගුවන් විදුලිය,රූපවාහිනිය ජන මාධ්‍ය කියල හඳුන්වනව. භාහිර සමාජයත් මේ වචනය තමා යොදා ගන්නෙ Mass media හදුන්වන්න. නමුත් මේක ශ්‍රීපාලි මණ්ඩපයට එද්දි වෙනස් වෙනව.

මේකට ප්‍රධාන හේතුව තමයි අපි ශ්‍රීපාලි මණ්ඩපය ඇතුලෙන් ඉගෙන ගන්නෙ මාධ්‍ය (Media)  කියන විශය. ඔබ හිතනව ඇති මාධ්‍ය කියන්නෙ සන්නිවේදනය කියන විශයම නේද කියල. ඔව් ඒ විශයට අදාලයි. නමුත් මේ දෙක එකක් නෙමේ. දෙකක්. සන්නිවේදන ක්‍රියාවලිය ගෙන යන වාහකය තමයි මේ මාධ්‍ය කියන්නෙ.  එතකොට ශ්‍රීපාලි මණ්ඩපය තුල විශය මූලික වෙන්නෙ මාධ්‍ය (Media) කියන ප්‍රපංචාත්මක කරුණ මත. මාධ්‍ය කියන විශය ගත්තම ලොකු ඉතිහාසයක් මේකට නෑ. මාධ්‍ය කියන එක විශයක් විදිහට ගොඩනැගීමට පටන් ගන්නෙ පුවත් පත බිහි වීමත් එක්කයි. පසුකාලීන මුද්‍රිත මාධ්‍ය වලින් විද්‍යුත් මාධ්‍යයට මේක පරිවර්තනය වීමත් එක්ක විෂයාත්මක වශයෙන් මේක වර්ධනය වෙනව. මාධ්‍ය කියන එක තුල අලුත් සංකල්ප බිහිවෙනව. ආචාරධර්ම තාක්ෂණය ආදී කරුණු සම්භන්ධ  ක්ෂේත්‍රයක් බවට පත් වෙනව. මේ නිසා වෘත්තීය මාධ්‍යවේදය කියන විශයක් ගොඩනැගිල තියනව.

ශ්‍රීපාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්‍ය ටියුඩර් වීරසිංහ විසින් ජනමාධ්‍යවේදය කියන පොතෙන් මේ “Mass Media” කියන එක අර්ථ ගන්වනව. ඔහු මේ මාධ්‍යට කියන්නෙ සංහතික මාධ්‍ය කියල. යුරෝපයේ වැඩවසම් ක්‍රමය බිඳ වැටෙනවා එක්කම පුනරුදය ආරම්භ වුණා. ප්‍රවේණි දාසයන් ලෙස ප්‍රවේණියන්ට සේවය කරමින් හිටපු ඒ පිරිස නව දැනුම, නව සමාජ තත්ත්වයක් එක්ක  ධනවාදී ක්‍රමයක් ඔස්සේ ගමන් කරන තත්ත්වයකට පත් වුණා.සරලව කිව්වොත් උසස් ජීවන මට්ටමකට පත් වෙනව. ඒ අනුව තමා යුරෝපයේ මධ්‍යම පන්තියක් බිහි වෙන්න පටන් ගත්තේ. මේ මධ්‍යම පන්තිය මූලික කරගෙන තමයි ඊලග සමාජ ක්‍රමය ආරම්භ වෙන්නෙ. මේ පිරිස හැඳින්වුනේ “Masses” කියන නමින්. එහෙම නැත්තම් "සංහතිකයා". මේ පිරිස තමා එක් නිශ්චිත පණිවිඩයක් බොහෝ පිරිසකට එකම ආකරයෙන් ගෙන යා හැකි මාධ්‍ය වෙච්ච “Mass Media” හොයා ගන්නෙ. මේකෙන් බොහෝ පිරිසක් එකම ආකාරයෙන් දැනුවත් කිරීමක් කරන්න පුලුවන් වෙනව.  පුවත්පත මුලින්ම මේ වැඩේ කරනව. මුද්‍රිත මාධ්‍ය විදිහට. පස්සෙ 20 වන සියවසේ විද්‍යුත් මාධ්‍ය ඒ කියන්නෙ  ගුවන් විදුලිය හා රූපවාහිනිය මේ වැඩේට සම්භන්ධ වෙනව. මේක ටියුඩර් වීරසිංහ හඳුන්වන්නෙ "සංහතික මාධ්‍ය"  (Mass Media) විදිහට. මොකද සංහතිකයන් පිරිසක් එකවර, එකම ආකරයෙන් දැනුවත්භාවයට පත් කරන මාධ්‍ය නිසා.

ඔයත් ශ්‍රීපාලි මණ්ඩපය ඇතුලෙ මාධ්‍ය ඉගෙන ගන්න ආවනම් මේ ගැන හරිම අවබෝධයක් ගන්න. නැත්තම් පරස්පර තතවයක් එනව. Media subject ඉගෙනගෙන නැත්තන් මේ ගැටලුව අඩුයි. මොකද මෙහෙම ගුරුකුල දෙකක් තියන බව දන්නෙ නෑ. විශය මොන වගේද කියන්න දන්නෙ නෑ. මේ  නිසා හරිම අවබෝධයක් ගන්න. ඔයාට සන්නිවේදනයෙන් ව්‍යුක්ථ වෙච්ච මාධ්‍යක් හොයාගන්න බෑ. මොකද සන්නිවේදන කාර්‍ය ගෙන යන එක තමා මාධ්‍ය කියන්නෙ. ඒ කියන්නෙ වාහකය මාධ්‍ය. මීටත් සරලව කිව්වොත් ඩෙංගු කියන රෝගය මිනිසා ළගට ගේන්නෙ මදුරුවෙක්. මේ මදුරුවා වාහකය. මාධ්‍යත් මේ මවුරුවා වගේ. වාහකය බවට පත් වෙලා සන්නිවේදන ක්‍රියාවලිය අරන් යනවා. මේ නිසා තේරුම් ගන්න අපිට මේ විශයන් දෙකම ගැන අවබෝධයක් අවශ්‍ය වෙනව. අනෙක් කරුණ මාධ්‍ය සම්භන්ධ විශ්වවිද්‍යාලයක් හෝ පාඨමාලාවක් ලංකාවෙ විශය මූලිකව හදාරන්න නෑ කොහෙවත්. ශ්‍රීපාලි මණ්ඩපය පමණයි දැනට තියෙන්නෙ.

සන්නිවේදන විශය ඇතුලෙදි සාකච්ඡාව වෙන්නෙ ලෝකෙ සන්නිවේදන ආරම්භය. භාෂාව සන්නිවේදනය හා සමාජය මේ වගේ සමාජ විද්‍යාත්කම අධ්‍යනයක්. නමුත් මාධ්‍ය කියන එක විශේෂව ඉගෙන ගනිද්දි ඒවට අඩු අවධානයක් දීල මාධ්‍ය කියන්නෙ මොකක්ද? සමාජයේ ගාමක බලවේගයක් විදිහට හැසිරීම කොහොමද? රූපවාහිනිය,ගුවන් විදුලිය, පුවත්පත කියන විශය වල ආචාරධර්ම මොනවද, ඒවගෙ වැඩ වෙන්නෙ කොහොමද? ආයතන ක්‍රියාකරන්නෙ කොහොමද? න්‍යාය මොනවද? දේශපාලනය, අපි මාධ්‍යවේදීයෙක් විදිහට මොනවද දැන ගත යුත්තෙ කියන බහුවිශයික ස්වරූපයක් ලබා දීමට තමා මේ ඩිග්‍රි එක හැදිල තියෙන්නෙ. මේක 100% වෙනවද කියන එක වෙනම තර්කයක්. ඉගෙන ගද්දි තේරේවි ඒක.

පොඩි අදහසක් ගන්න මේක දාන්නම්
        
                       කැළණිය සහ අනිකුත් විශ්වවිද්‍යාල        ශ්‍රී පාලි මණ්ඩපය
Mass Media       ජන මාධ්‍ය                                                    සංහතික මාධ්‍ය 

Folk/Traditional  සාම්ප්‍රදායික මාධ්‍ය                ජන මාධ්‍ය /සාම්ප්‍රදායික මාධ්‍ය 

මේක ගැන මුකුත් මීඩියා ගැන ඉගෙන ගෙන නැති නංගිල මල්ලිල කලබල වෙන්නෙපා. මේක පටවගන්න යන්නත් එපා බොරුවට... මුලින් ලෙහා ගන්නයි මේක දැම්මෙ. ඊළඟ ලිපියෙන් හමුවෙමු

මේ ලින්ක් එකෙන් ගිහින් 9.34 විනාඩියෙ ඉදන් ඉදිරියට බලන් යන්න. ජනමාධ්‍ය අධ්‍යනාංශයේ අංශාධිපති ධර්මකීර්ති ශ්‍රී රන්ජන් සර් මේ මාධ්‍ය ගැන කියනව. ඒකත් ප්‍රයෝජනයට ගන්න.


සුභ දවසක්..!

සටහන : නුවන් ධනංජය
තෙවන වසර 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්ව විද්‍යාලය 
ශ්‍රීපාලි මණ්ඩපය

පළමු පාඩම - මාධ්‍ය අභිසාරීතාවය - උදේනි පෙරේරා


දෙවන පාඩම - මාධ්‍ය සාක්ෂරතාවය - මිතිලා පාඨලී සෙනෙවිරත්න 


තෙවන පාඩම - සාම්ප්‍රදායික මාධ්‍ය - මාධව ජයසිංහ 


සිව්වන පාඩම -  වෑර්ලස් කතාව - ජී.බී.සිතාරා සෙව්වන්දි


පස්වන පාඩම - මාධ්‍ය හා ප්‍රචණ්ඩත්වය - මිතිලා පාඨලී සෙනෙවිරත්න.


හයවන පාඩම - මධ්‍ය සංස්කෘතිය - නුවන් ධනංජය


හත්වන පාඩම - රූපවාහිනියේ ඉතිහාසය - හිමර්ශි කුමානායක


                                                                 
අටවන පාඩම - මොනවද මේ අසයිමන්ට් - උදේනි පෙරේරා


නමවන පාඩම - අචිනි මධුෂිකා - චලන චිත්‍රයේ කතාව


දහවන පාඩම -  මාධ්‍ය අධ්‍යාපනය - ධනූෂා රණතුංග


එකලොස් වන පාඩම - සංහතික මාධ්‍ය සංකල්පය - සමීර උදයංග



Comments