මාධ්‍ය හා ප්‍රචණ්ඩත්වය

ප්‍රචණ්ඩත්වය යනු ,

මිනිස් ක්‍රියාකාරකම් මගින් මනුෂ්‍යයාගේ හෝ භෞතික පරිසරයේ යහ පැවැත්ම විනාශ කරන කුමන හෝ සිද්ධියක් ප්‍රචණ්ඩත්වය ලෙස හඳුන්වයි. එය මනුෂ්‍ය සමාජයේ ඉතිහාසය පුරා පවත්නා අංගයකි. සංස්කෘතියකින් හැඩගස්වනු ලැබූ ලැබූ සමාජයන්හි ප්‍රචණ්ඩත්වය අවම වීම හා සාමය හා සහජීවනය ඉස්මතු වෙයි. මනුෂ්‍ය ධර්මතා වලින් ද ආගමික ඉගැන්වීම් වලින් ද නීතියෙන් ද ප්‍රචණ්ඩත්වය අනුමත නොකරයි

ප්‍රචණ්ඩත්වය,
මානසික බලහත්කාරකමක්
ශාරීරික බලහත්කාරකමක් 
දේපල හානියක්
                   වශයෙන් සිදු වේ. එහිදී මානසික බලහත්කාරකමක් ජනමාධ්‍ය විසින් සිදු කරනු ලබයි.
ග්‍රාහකයාගේ අවධානය තම මාධ්‍ය වෙත ලබා ගැනීම සඳහා බහු ජන මාධ්‍ය විසින් ප්‍රචණ්ඩත්වය බලවත් උපකරණයක් ලෙස භාවිත කරනුයේ මෙම නිසාය. එයට පුවත්පත රූපවාහිනි යන රූපවාහිනිය යන මාධ්‍ය ද්විත්වය ප්‍රමුඛස්ථානය ගනී. ගුවන් විදුලිය ද තම විනෝදාත්මක ආකෘතිය තුළම ප්‍රචණ්ඩත්වය යොදා ගන්නේ ප්‍රවෘත්ති හා වෙනත් විශේෂාංග තුළය. මින් පැහැදිලි වන්නේ සමස්තයක් වශයෙන් සියලුම බහුජන මාධ්‍ය ඉතා පහසු ආකර්ෂණීය උපකරණයක් ලෙස ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරනු ලැබීමයි.
           මුල් පිටුවේ සිට සෑම පිටුවකම පුවත් පත පුරා ප්‍රචණ්ඩත්වයේ පැතිර පවතී. එමෙන් ම බොහෝ ටෙලි නාට්‍යවල ප්‍රධාන සංසිද්ධිය වන්නේ ද ඒ තුළ විවිධාකාරයෙන් ඉදිරිපත් කරන ප්‍රචණ්ඩකාරී හැසිරීම් හා අවස්ථාවන් ය. රූපවාහිනී හා ගුවන්විදුලි ප්‍රවෘත්ති බහුල වශයෙන් ප්‍රචණ්ඩත්වය ප්‍රවේශයක් අනුගමනය කරයි. ගුවන් විදුලි නාට්‍ය හා වෙනත් විශේෂාංග ද බොහොමයක් තුළ ඇති ද බොහෝමයක් තුල ඇති ප්‍රධාන උපකරණයක් ලෙස ප්‍රචණ්ඩත්වයේ දැක්විය හැකිය. මේ තුළ දක්නට ඇති විශේෂයක් නම් පොදු ජනතාව වෙත ඉදිරිපත් කරන ප්‍රචණ්ඩකාරී ප්‍රවේශය බහු ජන මාධ්‍ය විසින් උගත් හා ඉහළ සමාජයීය සඳහා ඉදිරිපත් නොකරන බවය. උදාහරණයක් වශයෙන් සිංහල හෝ දෙමළ හෝ පුවත්පත් වල මුල පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිට පුවත්පතේ ඇති ප්‍රවෘත්ති විශේෂාංග වලින් ප්‍රචණ්ඩකාරී බිහිසුණු ප්‍රවෘත්ති විස්තරාත්මකව හා රසාලිප්තව ඉදිරිපත් කරනු ලබයි. එහෙත් එම දිනයේම එම දිනයේම එම පුවත්පත් ආයතනයේ ම ම ඉංග්‍රීසි පුවත්පත්වල න්‍යාය න්‍යායපත්‍රයට එවැනි ප්‍රවෘත්ති වලට ප්‍රමුඛස්ථානය දී නැත. ජනයාට දෛනික ජීවිතය සතුටින් ගත කරන්නට බැරි තැතිගැන ගැන්මෙන් කනස්සල්ලෙන් හා ශෝකයෙන් ගත කරන්නට සිදු වන තත්වයක් මේ බහු ජන මාධ්‍ය විසින් නිර්මාණය කරනු ලැබේ. මෙහිදී මුද්‍රිත මාධ්‍ය විසින් කරනු ලබන්නේ දිනපතා උදෑසන ම ජනයාගේ සිත් සතන් දුකට පීඩාවට කනස්සල්ලට පත් කිරීමය. පුවත්පත විසින් ජනයාට නිර්මාණය කර දෙනු ලබන දෛනික න්‍යාය පත්‍රයේ ප්‍රධාන කාරණා වන්නේ ප්‍රචණ්ඩත්වයයි. අද වන විට පුවත්පත පමණක් නොව සියලු මාධ්‍යයන් විසින් අපගේ දෛනික න්‍යාය පත්‍රය ඔවුන්ට අනුව හැඩ ගස්සවා උදෑසන සිට රාත්‍රියේ නින්දට යන තෙක් ම ප්‍රචණ්ඩත්වය ඉතා ආකර්ෂණීය ලෙස ග්‍රාහකයා තුලට කාවද්දයි. මිනිස් ඝාතන ස්ත්‍රී දූෂණ වැනි දේවල් මිනිසුන් රස විඳින්නට පුරුදු පුහුණු කරන මානුෂික ධර්මතාවන් වලට එකඟ නොවන ක්‍රියා මෙම බහු බහු ජන මාධ්‍ය හරහා ග්‍රාහකයා පොළඹවා ගනු ලබයි. මෙයින් පැහැදිලි වන්නේ මාධ්‍ය ප්‍රචණ්ඩකාරී නොවන අතර එහි අන්තර්ගතය තුළ ප්‍රචණ්ඩත්වය ඇතුලත්ව ඇතැයි යන්න පැහැදිලි කිරීමකි.
        මාධ්‍ය සැබවින්ම ප්‍රචණ්ඩකාරී නොවේ. එනම් රූපවාහිනිය ගුවන්විදුලිය පුවත්පත නව මාධ්‍ය වැනි උපකරණ ප්‍රචණ්ඩකාරී නොවුනද ඒ තුළින් තුළින් ඉදිරිපත් කරනු ලබන සන්දේශ ප්‍රචණ්ඩකාරී වේ. අද වන විට මාධ්‍ය මගින් කුඩා දරුවාගේ සිට වැඩිහිටි පුද්ගලයා දක්වා පොළඹවා ගනු ලබන සංදේශ ඉදිරිපත් කිරීම තුළින් ඔවුන් නොදැනුවත්වම ප්‍රචණ්ඩත්වයට හුරු වී අවසන්ය. *කාටුන් , ටෙලි නාට්‍යය , විවිධ වැඩ සටහන්* ආදිය හරහා ළමා ළමා මනසේ සිට වැඩිහිටි මනස දක්වා ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කර හමාරය. එම ප්‍රචණ්ඩත්වය ඉතා සුන්දර අයුරින් ග්‍රාහකයා වෙත ඉදිරිපත් කරනු ලබන ජන ජන මාධ්‍ය සංදේශ, ඒ තුළින් ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත වනවාද යන්න පිළිබඳව අවබෝධයක් නො ලබන්නට තරම් ඒවා ආකර්ෂණීය වේ.
මේවා ග්‍රහණය කරගන්නා ග්‍රාහකයාගේ හැසිරීම් ප්‍රචණ්ඩකාරී වූ විට අප පුද්ගලයා වෙත ඇඟිල්ල දිගු කළ ද එයට සෘජු බලපෑමක් ලැබෙන්නේ ජන මාධ්‍ය පරිහරණය සහ එහි සංදේශ පිළිබඳ ව නිසි අවබෝධයක් නොමැති නිසාවෙනි.

මාධ්‍ය ප්‍රචණ්ඩත්වය ආකර්ෂණීයභාවය.

ඔහු රූපවාහිනි ප්‍රවෘත්ති වූ ටෙලි නාට්‍ය නරඹන විට ප්‍රචණ්ඩත්වය තවදුරටත් පවත්වාගෙන යන බව පෙනේ. එපමණක් නොව මතු පිටින් විනෝදාත්මක වැඩසටහනක් ලෙස රූපවාහිනිය පෙනෙන ද පිලිබද කාටුන් වැඩසටහන් වල අන්තර්ගතය ප්‍රචණ්ඩත්වයෙන් පිරී ඇතිබව අවබෝධ වන්නේ ඒවා පරිස්සමෙන් අධ්‍යයනය කළ විට ය. මේ අනුව කුඩා දරුවන් කුඩා කල සිටම ප්‍රචණ්ඩත්වය තම දෛනික ජීවිතයේ අංගයක් බවට පත් කර ගෙන සිටිති. මෙම යථාර්ථය දෙමාපියන්ට ද වැටහෙන්නේ නැත.  කාටුන් ඉදිරිපත් කරනුයේ ළමා වැඩසටහන යන ශීර්ෂපාඨය යටතේ වන බැවින් ඒවා ළමුන්ට නැරඹීමට ඉඩ දෙන්නේ වැඩිහිටියන් මය. මෙය කෙතරම් ඛේද ඛේදජනක තත්ත්වයක් බවට පත්වී ඇත්ද යනු කුඩා දරුවන් බත් කවර හෝ කවර හෝ කුඩා දරුවන් නළවන්නට හෝ කාටුන් වැඩසටහන් යොදා ගැනීමට ගෘහයන්හි මව්වරුන් පෙළඹී ඇත. අද වන විට විකාශනය කරනු ලබන සියලු කාටුන් තුළ ඇත්තේ ප්‍රචණ්ඩත්වය මිසක ඉන් අධ්‍යාපනයට හෝ දරුවාගේ කායික මානසික සංවර්ධනය සංවර්ධනයට පිටුවහල් වන දෙයක් ඇත්තේ ම නැත. ඉගෙනීමට හෝ දරුවා කුඩා කල හොඳ මානසික හෝ පුද්ගල චර්යාවන්ට පෙළඹවීමක් සිදුකරනු ලබන කාටුන් වෙනුවට අද ඇත්තේ ප්‍රචණ්ඩත්වය කුඩා කල සිටම ළමා මනසට කවද්ද වන කාටුන් ය. එහි ප්‍රතිඵලය වන්නේ සමාජයටද ගෘහයට ද ප්‍රචණ්ඩත්වයට සංවේදී නොවන පුද්ගලයන් බිහිවීමය. මේ යහපත් සමාජයක් පවත්වාගෙන යාමට කිසිසේත්ම හිතකර නොවේ.
     
ප්‍රචණ්ඩත්වය ඉදිරිපත් කිරීමෙන් ග්‍රාහකයා තැති ගැන්වීමට ග්‍රාහකයක් ඇති ගැනීමද බියට හා භීතියට පත්කිරීම මගින් ගාහකයා මාධ්‍ය කෙරෙහි ඇද බැඳ තබා තබාගැනීමට උපක්‍රමයකි.
රූපවාහිනී මාධ්‍ය ටෙලිනාට්‍යය දේශපාලන සංවාද කාටුන් දැන්වීම් වෙනත් විශේෂාංග වැඩසටහන්ද ප්‍රවෘත්ති විකාශනය හා ප්‍රවෘත්ති වාර්තාමය වැඩසටහන් තුළ ද ප්‍රචණ්ඩත්වයේ ප්‍රමුඛ තැන්හි ලා ඉදිරිපත් කරන්නේ එය ආකර්ෂණය නිසාය.
ගුවන් විදුලිය විනෝදාත්මක ස්වරූපය ඉහළ මට්ටමක පවතින නිසා එම මාධ්‍ය ප්‍රචණ්ඩත්වය ඉදිරිපත් වන්නේ සාපේක්ෂව අඩුවෙනි.
පුවත්පත් මාධ්‍යයේ දී මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තිය සිටම ඇතුළත ප්‍රාදේශීය ප්‍රවෘත්ති දක්වාම විවිධ අපරාධ අනතුරු හා ආරවුල් පිළිබඳ ප්‍රවෘත්ති ද එවැනි ඡායාරූප ද සහිතව විවිධ විශේෂාංග ලිපි ඉදිරිපත් කරන්නේ කරන්නේ ප්‍රචණ්ඩත්වයේ ආකර්ශණය නිසාය.
මාධ්‍ය ප්‍රචණ්ඩත්වයේ ආකර්ෂණීය බව මාධ්‍ය අලෙවි කිරීමේ උපාය මාර්ගයක් ලෙස මාධ්‍ය කරුවන් විසින් යොදා ගනී.උදාහරණයක් වශයෙන් දැන්වීම් වල ඇත්තේ ප්‍රචණ්ඩත්වයයි.

මාධ්‍ය ප්‍රචණ්ඩත්වයේ සාමාජීය හා ගෘහස්ථ බලපෑම

මාධ්‍ය ප්‍රචණ්ඩත්වය නිසැකවම සමාජයීය සාමය හා සහජීවනය බිඳ දමන්නට බලපෑම් ඇති කරයි. එයට හේතුව සමාජයේ හා ගෘහයෙහි  යහපැවැත්මට හානිකර වන විනාශකාරී සිදුවීම් හා මානසිකත්වයන් සමාජය හා ගෘහය තුළ ගොඩ නැංවීමයි. ගෘහයේ හා සමාජයේ පැවැත්මට පැවැත්මට හානිකර තත්ත්වයන් ගෙන ඒම, ආර්ථික අර්බුද නැති වීම, සැකය, අවිශ්වාසය ,කලකිරීම ,නොරිස්සුම, ප්‍රවර්ධනය මෙන්ම භාෂාව හා සංස්කෘතිය විනාශයට පත්වීම ද නොගැලපෙන හෝ වෙනස් වූ ජීවන රටාවකට යොමුවීම, පවුලේ ද සමාජය ද එකිනෙකා අතර ඇති බැඳීම් ගිලිහී යාම නිසා සිදුවිය හැකිය. මේවා බොහෝවිට සිදුවන්නේ මාධ්‍ය මඟින් ලබාදෙන සංදේශ හරහා ය. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ විකාශනය වන ආනයනික ටෙලිනාට්‍ය කලාව හරහා බොහෝවිට සිදුවන්නේ මෙවැනි ප්‍රචණ්ඩකාරී හැඟීම් ගෘහය තුළට ඇතුළත් වීම ය. අද වන විට වන විට පුද්ගලයා විසින් නිවැරදි මාධ්‍යය සංදේශ  මොනවාදැයි  හරිහැටි අවබෝධ නොකර ගන්නා නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය සිදුව තිබේ. කළත් ශ්‍රී ලංකාව තුළ මෙවැනි ටෙලි නාට්‍ය නැරඹීමේ ප්‍රතිඵලයක් වශයෙන් ගෘහස්ථ ගැටුම් ඇතිවීම වැඩි වීම මෙන්ම දික්කසාදය දක්වා ගෘහස්ථ ගැටුම් වර්ධනය වීමද සිදු ව තිබේ. මාධ්‍ය මගින් ගෘහයේ තුල රැගෙන එනු ලබන ප්‍රචණ්ඩත්වය නිසා ගෘහ තුල ප්‍රචණ්ඩකාරී මානසිකත්වයක් ගොඩ නැංවෙන අතර ප්‍රචණ්ඩකාරී සමාජයක් නිර්මාණය වීමට එය හේතු වේ. මේ හරහා නිරන්තරයෙන් මාධ්‍ය මඟින් ලබාදෙන සන්දේශ ග්‍රහණය කරගන්නා පුද්ගලයා සාමාජීය ගැටළු අරගෙන කෙරෙහි ජනතාව ආකර්ෂණීය තත්ත්වයකට හුරු කරනු ලබයි. සාමකාමීව හා සහයෝගයෙන් ගෘහස්ථ හා සාමාජීය ගැටලු විසඳාගැනීමට ගැටලු විසඳාගැනීමට නොපෙළඹෙන තත්ත්වයක් සමාජය තුළ ප්‍රතිනිර්මාණය කිරීමට මාධ්‍ය ප්‍රචණ්ඩත්වයට හැකියාව ඇත. සාමාජීය හා ගෘහස්ථ වශයෙන් මානව යුතුකම් ඉටු කිරීම හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යන කාර්යයන් දෙකටම මාධ්‍ය ප්‍රචණ්ඩත්වය බලපෑම් ඇති කරයි.

ප්‍රචණ්ඩකාරී පවුලක් තුළ දරුවන්ගේ යහ පැවැත්මට සිදුවන බාධාවන් කිහිපයක්.
    ▪️අධ්‍යාපනය බිඳ වැටීම
     ▪️මානව ධර්මතා වලට ගරු නොකිරීම
     ▪️ආදරය හා කරුණාව අහිමි වීමෙන් ප්‍රචණ්ඩකාරී පුරවැසියන් බිහිවීම
    ▪️එවැනි අය සමාජය කෙරෙහි වෛරයෙන් කටයුතු කිරීම
    ▪️වැඩිහිටියන්ගේ සෙනෙහස අහිමි වීම
     ▪️දෙමාපියන් සහ වැඩිහිටියන් අතර දුර ස්ථාවරය වැඩි වීම
    ▪️ දරුවන් අනවශ්‍ය විලාසිතාවන් වලට පෙළඹීම
     ▪️අඩු වයසින් දරුවන් දෙමව්පියන්ගෙන් දුරස්ව හුදෙකලා වීම
      ▪️සමාජයට හොඳ පුරවැසියන් බිහි නොවීම

මාධ්‍ය ප්‍රචණ්ඩත්වය සහ පාලනය



මාධ්‍ය ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග වලින් සමාජය විසින් ගත හැකි ක්‍රියාමාර්ග.


▪️විචාරශීලි වීම
▪️උද්ඝෝෂණ  ,පෙළපාලි
▪️අනවශ්‍ය සංදේශ ප්‍රතික්ෂේප කිරීම
▪️ස්වයං වාරණය
▪️ආචාර ධර්ම ඉක්මවා යන විට ජනතාව සංවිධානය වීම
▪️මාධ්‍ය සාක්ෂරතාවයෙන් යුක්ත වීම


මාධ්‍ය ප්‍රචණ්ඩත්වයේ පාලනය කිරීම සඳහා රජයක් විසින් ගත හැකි ක්‍රියාමාර්ග

▪️පුරවැසියාට  මාධ්‍ය සාක්ෂරතාවය ලබා දීම
▪️වාරණය
▪️බලපත්‍ර අහෝසි කිරීම
▪️දඬුවම් දීම
▪️බදු පැනවීම
▪️මැදිහත්වීම
▪️නීති පැනවීම

සටහන : මිතිලා පාඨලී සෙනෙවිරත්න 
ජනමාධ්‍ය අධ්‍යනාංශය
සිව්වන වසර
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය.

පළමු පාඩම - මාධ්‍ය අභිසාරීතාවය - උදේනි පෙරේරා


දෙවන පාඩම - මාධ්‍ය සාක්ෂරතාවය - මිතිලා පාඨලී සෙනෙවිරත්න 


තෙවන පාඩම - සාම්ප්‍රදායික මාධ්‍ය - මාධව ජයසිංහ 


සිව්වන පාඩම -  වෑර්ලස් කතාව - ජී.බී.සිතාරා සෙව්වන්දි



Comments