Assignment එකක නැත්තම් පැවරුමක Reference (විමර්ශිත ග්රන්ථ නාමාවලිය) සකස් කරගන්නා ආකාරය
විමර්ශිත ග්රන්ථ නාමාවලිය සැකසීමේ දී අනුගමනය කළ යුතු කරුණු
* අදාළ පැවරුමෙහි අවසානයේ නව පිටුවකින් (new page) විමර්ශිත ග්රන්ථ නාමාවලිය (reference list) ආරම්භ කළ යුතුය.
* විමර්ශිත ග්රන්ථ නාමාවලිය (references) යන වචනය පිටුවෙහි ඉහළ පෙළ මැදින් (centered) සඳහන් කළ යුතු අතර එහි විරාම ලකුණු යෙදීම හෝ ඇල අකුරු (italic) හෝ යටින් ඉරක් ඇඳීම (underline) නොකළ යුතුය.
* විමර්ශිත ග්රන්ථ නාමාවලිය තුළ සෑම පේලියක් අතරම පරතරය ද්විත්ව අවකාශයක් තැබිය යුතුය. (line space - 2)
එය එක් පෙළකට වඩා වැඩි නම් දෙවන පෙළ space 5 ක් තබා ආරම්භ කළ යුතුය.
* අක්ෂර හෝඩියෙහි අනුපිළිවෙළට කර්තෘවරුන්ගේ වාසගම් අනුපිළිවෙළ සකසා ගත යුතු අතර එය විමර්ශිත ග්රන්ථ නාමාවලියේ අනුපිළිවෙළ වේ. (අකාරාදී පිළිවෙළට)
* කෘතියෙහි කර්තෘවරයෙක් නොමැති විට මෙම ලැයිස්තුව සැකසිය යුත්තේ කෘතියෙහි නම සැලකිල්ලට ගෙනය. එය ඉංග්‍රීසි කෘතියක් නම් "A", "An", "The" වැනි වචන කෘතියෙහි නම මුලට යෙදෙන්නේ නම් එ්වා නොසලකා හැර ප්‍රධාන වචනයට අදාළ ලෙසින් මෙම ලැයිස්තුව සැකසිය යුතුය.
* එකම කර්තෘවරයෙකුගේ කෘති කිහිපයක් ඇති විට එ්වා කෘතිය ප්‍රකාශිත වර්ශයේ අනුපිළිවෙළට සැකසිය යුතු වේ. වර්ෂයට අනුව පැරණි කෘතිය මුලින් සඳහන් කළ යුතුය.
* එකම කර්තෘගේ එකම වර්ෂයට අදාළ කෘති කිහිපයක් ඇති විට එම කෘතීන් හි මාතෘකාව අක්ෂර හෝඩියෙහි අනුපිළිවෙළට සකසනු ලබයි.
* ඉංග්‍රීසි කෘතියක නම් විරාමයට (.) පසු අකුර නැවත ප්‍රධාන අකුරක් (capital) අකුරක් බවට පත්වීම අවශ්‍ය වේ.
එ්ක කර්තෘක ග්රන්ථ
කතුවරයාගේ නම. (ප්‍රකාශයට පත් කර ඇති වර්ෂය). පොතේ නම. ප්‍රකාශකගේ ස්ථානය: ප්‍රකාශක
නිදසුන් :-
කුමාර, ඩී. එ්. (2009). වත්මන් මාධ්‍ය අධ්‍යයන ප්රවණතා. කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
ද්වී කර්තෘක ග්රන්ථ
පළමු කතුවරයාගේ නම, දෙවන කතුවරයාගේ නම. (ප්‍රකාශයට පත් කර ඇති වර්ෂය). පොතේ නම. ප්‍රකාශකගේ ස්ථානය: ප්‍රකාශක
නිදසුන් :-
වීරසිංහ, එල්. ටී., රාජපක්ෂ, සී. (2002). ජනමාධ්‍යවේදය. නුගේගොඩ: සංහිඳ මුද්‍රණ සහ ප්‍රකාශන
මාර්ගගත (online) පුවත්පත් විමර්ශිත ග්රන්ථ නාමාවලිය තුළ සඳහන් කිරීමේදී,
Author, A. A., (Year, month, date of publication). Title of the article, Newspaper title, Page number/s. Retrieved from news paper home page/ URL
නිදසුන් :-
Craig, B. (1968, January 10). Australia and the world shares Mrs Holt's sorrow. The Australian Women's Weekly, pp. 2-3. Retrieved from http://trove.nla.gov.au/ndp/
මාර්ගගත (online) ලිපි හෝ වාර්තා විමර්ශිත ග්රන්ථ නාමාවලිය තුළ සඳහන් කිරීමේ දී,
Author, A. A. (Year of publication). Title of work. Retrieved from URL
නිදසුන් :-
National Institute of Mental Health. (2014). Eating disorders: About more than food. Retrieved from http://www.nimh.nih.gov.health/publications/eating-dosoders-new-trifold/eatingdisoders-pdf_148810.pdf
යූ ටියුබ් හෝ මාර්ගගත වීඩියෝ විමර්ශිත ග්රන්ථ නාමාවලිය තුළ සඳහන් කිරීමේ දී,
නිදසුන් :-
Monash University Library. (2014, November 23). A new nation goes to war [Video file]. Retrieved from https://youtube/5D9MQ1KEU98
මෙම සටහන සඳහා පාදක කොටගත් මූලාශ්‍රය වන්නේ,
රන්ජන්, ඩී. එස්. (2017). ශාස්ත්‍රීය ලේඛන ශෙෙලිය. කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම
සටහන : ගයශානි සඳමිණි
ජනමාධ්‍ය අධ්‍යනාංශය
ආදි විද්‍යාර්ථ
කොළඹ විශ්වවිද්‍යාලය
ශ්‍රී පාලි මණ්ඩපය.
Comments
Post a Comment