සමාජ මාධ්‍යය සඳහා බලපාන නීති - 1 කොටස


සමාජ මාධ්‍ය (Social media) අද වෙනකොට සුළුවෙන් සැලකිය යුතු තේමාවක් වෙන්නෙ නැහැ. සමාජ මාධ්‍ය කියන්නෙ මූලිකවම පුරවැසි මාධ්‍ය ජාලයක්. අඩු කාලයකින්, අඩු ශ්‍රමයකින්, අඩු පිරිවැයකින් ක්ෂණිකව ඕනිම දෙයක් සමාජ ගත කරන්න අද වෙනකොට සමාජ මාධ්‍ය යොදා ගන්නවා. සමාජ මාධ්‍ය නූතන මාධ්‍ය තරම් බලවත් නෑ කියලා කියන කෙනෙක්ට අරාබි වසන්තය වගේ සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ කරපු ලෝක ව්‍යාප්ත ව්‍යාපාර ගැන දක්වන්න පුළුවන්. නූතන මාධ්‍ය වලට සාපේක්ෂව සමාජ ජාලා මාධ්‍ය වලින් ප්‍රවෘත්ති ඉක්මනට ව්‍යාප්ත (Viral) කරන්න පුළුවන්.


සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස අද වෙනකොට තමන්ට කැමති විදිහට තමන්ගෙ මත, අදහස් වගේ ඕනිම දෙයක් සමාජ ගත කරන්න තමන්ගෙ ගිණුම් (User account) යොදා ගන්නෙ මේ සම්බන්ධයෙන් මොන වරද කරත් ඒවට දඬුවම් නෑ කියලා හිතාගෙන. ඒත් ඒක තවදුරටත් සත්‍යක් වෙන්නෙ නෑ. බහුතරයක් දෙනා සමාජ මාධ්‍යයටත් අදාල නීති රීති රාමු පද්ධතියක් තියෙනවා කියලා දැනුවත් නෑ. ඒත් නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවෙන නිසා සමාජ මාධ්‍යයට අදාල වෙන නීති දැනගන්න එක අපි කාටත් වැදගත් දෙයක්. 


සමාජ ජාලා මාධ්‍යය ලංකාවෙ අද වෙනකොට වේගයෙන් ජනප්‍රිය වෙන සංහතික මාධ්‍ය ක්ෂේත්‍රයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ සමාජ මාධ්‍යය තුළ පණිවිඩ බෙදා ගදා ගැනීම වෘත්තීය මට්ටමේ මාධ්‍යයවේදීන් හෝ සංහතික මාධ්‍යය පිළිබඳව හොඳ දැනුමක් තියෙන අය හෝ සමාජ ජාලා පරිචයන් පිළිබඳව හොඳ දැනුමක් තියන අතින් විතරක් සිදු වෙන්නෙ නෑ. කිසිම මාධ්‍යය ආචාර ධර්ම හෝ සමාජ මාධ්‍ය හැසිරීම පිළිබඳ අවිධිමත් හෝ අධ්‍යාපනයක් නොලබන අයද මේ සමාජ මාධ්‍යය තුළ හැසිරෙනවා. 


අසභ්‍ය ප්‍රකාශන සහ පළ කිරීම්.


අසභ්‍ය ප්‍රකාශන සටහන් පල කිරීම ගැන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙන පැරණිම පනත වෙන්නෙ දණ්ඩ නීති සංග්‍රහයයි. දණ්ඩ නීති සංග්‍රහයේ 285 වන වගන්තියට අනුව අසභ්‍ය දෑ අඩංගු පොත්, අසභ්‍ය පත්‍රිකා, චිත්‍ර, ඡායාරූප ආදිය නිරූපනය හෝ මහජන ප්‍රදර්ශනයට තැබීම වරදක් කොට සලකනවා. 


මේ සම්බන්ධව පවතින දෙවන නීතිය වන්නේ 1927 අංක 4 දරන අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතයි. මෙම පනතට අනුව අසභ්‍ය ඡායාරූප, වීඩියෝපට, චිත්‍ර ආදිය බෙදාහැරීම සහ ප්‍රදර්ශනය තහනම්.


මේ නීතිමය ප්‍රතිපදාන ද්විත්වයටම අදාල දෑ සමාජ ජාලා මඟින් බෙදා හැරීම ද වැළැක්විය යුතුයි.


2007 අංක 24 දරන පරිඝණක අපරාධ පනත.


පරිගණක සහ අන්තර්ජාලය ආශ්‍රිතව සිදු කරන අපරාධ මැඩලීම සඳහා 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත පිහිටුවා ඇත. මෙම පනතේ 2 වගන්තිය මඟින් පරිගණකය හා සම්බන්ධ වැරදි ද , ඒ ආශ්‍රිත තොරතුරු සැකසීම, තොරතුරු සංනිවේදන ආශ්‍රිත වැරදි ද 2007 අංක 24 දරන පනත යටතේ පවතියි. 


මෙම පනතේ 3 වැනි වගන්තියෙන් දැක්වෙන්නේ තමන්ට ප්‍රවේශ වීමට අයිතියක් නොමැති, 

(අ) පරිගණකයකට හෝ,

(ආ) පරිගණක දත්තයන්ට වරදක් කිරීමේ අදහසින් ප්‍රවේශ වීම දඬුවම් ලැබිය හැකි වරදක් වේ. මේ සඳහා ලැබෙන වන්නේ දඬුවම රුපියල් එක්ලක්ෂ පනස්දාහක් නොඉක්මන දඩයක් හෝ, වසරක් නොඉක්මන සිර දඬුවමක් හෝ, එම දඬුවම් දෙකම විය හැකියි.


2007 අංක 24 දරන පරිඝණක අපරාධ පනතේ 5 වන වගන්තියට අනුව,වෙනත් පුද්ගලයෙකුගේ පරිගණකයකට අවසර නැතිව ඇතුල් වී දත්ත විනාශ කිරීම, දත්ත වෙනස් කිරීම, පරිගණක වැඩසටහන් අඬාල කිරීම, පරිගණක වෛරසයක් මුදා හැරීම දඬුවම් ලැබිය හැකි වරදකි.  එය කඩකල විට ලැබෙන දඬුවම රුපියල් ලක්ෂ තුනක් නොඉක්මන දඬයක් හෝ, වසර පහක් නොඉක්මන සිර දඬුවමක් හෝ, එම දඬුවම් දෙකම විය හැකියි.


2005 අංක 12 දරන පනත.


සමාජ ජාලා තුළ අසභ්‍ය ඡායාරූප, වීඩියෝ පට ඇතුළට්ජ් කර ඇති අවස්ථාවක 2005 අංක 12 දරන පනතේ සංශෝධිත අසභ්‍ය ප්‍රකාශන පනත යොදා ගත හැකිය. 


2(1)

මෙම පනතේ 2(1) වගන්තියට අනුව අසභ්‍ය දෙයක් මුල් වරට ප්‍රකාශ කරන පුද්ගලයෙකුට රුපියල් දෙදහස් පන්සීයක් නොයික්මන දඬයක් හෝ මාස හයක් නොයික්මන සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙමටම අයත් විය හැකියි. 


2(2)

දෙවැනි වරටත් යම් පුද්ගලයෙක් මෙම වරදම කරන්නේ නම් 2(2) වගන්තියට අනුව මාස හයක සිර දඬුවමකට සහ රුපියල් පනස්දහස නොයික්මවන දඩ මුදාකට යටත් කළ හැකියි. 


2(3)

මෙවැනි වරදකට ආධාර සහ අනුබල දීමද උක්ත වැරදි සඳහා ලැබෙන දඬුවම් වලට යටත් කළ හැකි වරදක් ලෙස 3 වගන්තියෙන් සලකයි.


2(4)

දණ්ඩ නීති සංග්‍රහයේ එන මේ හා සම්බන්ධ නීති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ හැකි බව දක්වා ඇත.


2006 අංක 16 දරන පනත.


මෙම පනතේ සංශෝධිත දන්ඩ නීති සංග්‍රහයේ 286 (අ) අනුව ළමයෙකුට ලිංගික අපයෝජනය කිරීම සඳහා පරිගණක භාවිතා කිරීම වසර දෙකක සිර දඬුවමක් ලැබෙන දඬුවමකි. 


ඉතිරි කොටස බලාපොරොත්තු වන්න.


උදේනි පෙරේරා 


Comments