පුවත්පතක ආකෘති සහ අන්තර්ගතයන් | Print Media

ඕනිම කෙනෙක් පත්තර කියවලා ඇති. විවිධ පත්තර අතරින් වුණත් අපිට එකම මුහුණුවරක් අල්ලගන්න හැකියාවක් තියෙනවා. මේ හැම පුවත්පතකටම ඒකට ආවේණික වුණ ආකෘතියක් තියෙනවා. ඉතින් අපි බලමු පුවත්පතක තියෙන අන්තර්ගත සහ ආකෘති මොනවද කියලා..!

සාමාන්‍යයෙන් ඕනිම පුවත්පතක අන්තර්ගත සග ආකෘතියක අඩංගු වෙන ලිපි ප්‍රබේද කිහිපයක් තියෙනවා.ඒ තමයි,

කතුවැකිය
තීරු ලිපි
විදෙස් ලිපි
ක්‍රීඩා ලිපි
ව්‍යාපාරික ලිපි
දේශපාලන ලිපි 
අධිකරණ හා පොලිස් ලිපි
විශේෂාංග ලිපි
ප්‍රාදේශීය ලිපි
Gossip වර්ගයේ ලිපි
කාටූන්

කතුවැකිය

කතුවැකිය හෙවත් ප්‍රධාන ලිපිය කියන්නෙ, පුවත් පත් හෝ සගරාවක කර්තෘවරයා කර්තෘ මණ්ඩලය හෝ ප්‍රකාශකයා හෝ අදහස් පල කරන ලිපියකි. කතුවැකියෙන් අදාල පුවත්පත දරන දේශපාලනික මතය පවා දැනගන්න හැකියාවක් තියෙනවා. ගොඩක් වෙලාවට කතු වැකිය තියෙන්නෙ පත්තරෙ දෙවෙනි පිටුවෙ උඩ කොටසෙ. නැත්නම් කතුවැකියන් සාමාන්‍යයෙන් වෙනම පිටුවක හෝ පැහැදිලි ලෙස වෙන් කරන ලද තීරුවක පලවන අතර කතුවැකියක් කියලා නම් කරලා තියෙනවා. ඒ අනිත් ප්‍රවෘත්ති එක්ක පැටලවෙන්නෙ නැතිවෙන්නයි. මේ කතුවැකි වල සාමාන්‍යයෙන් වර්තමාන සිදුවීම් හෝ පොදු විවිධාත්මක කරණු පිළිබදව ලියවෙනවා. පුවත්පතේ ප්‍රධාන සංස්කාරකවරයා තමයි ගොඩක් වෙලාවට කතු වැකිය ලියන්නෙ. පුවත්පතක කතුවැකි පිටුව ප්‍රවෘත්ති ගැන සඳහන් වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් කතුවැකියක පළ වන පණිවිඩය ඉතා ප්‍රබල ලෙස ජනතාව අතරට යා යුතුයි වගේම එසේ කිරීමට ඒ හා බැඳුණු පින්තූර හෝ ඡායාරූපවලින් තොර විය වීම කතුවකියෙ විශේෂත්වයක්.

තීරුලිපි

සම්මත පුවත්පත් කලාවේ සීමා අතික්‍රමණය කරන කලාවක් තමයි තීරු ලිපි කියන්නෙ.තීරු ලිපි රචකයා ගැන ප්‍රවීණ ලේඛක දිවයින පුවත්පතේ ප්‍රධාන කර්තෘ ගාමිණී සුමනසේකර මහතා සඳහන් කරන්නේ "තීරැ ලිපි රචකයා අසාමාන්‍ය ප්‍රතිභාවකින් හෙබි ලේඛකයෙකු බවත්, භාෂාව පිළිබඳ මනා අවබෝධයක් ඇත්තෙකු බවත්, සාහිත්‍යය පිළිබඳ මනා දැනුමක් ඇත්තෙකුය" කියලයි. ඒවගේම ඉතිහාසය, දර්ශනය, දේශපාලනය, සංස්කෘතිය,විද්‍යාව ආදී ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ දැනුමකින් පරිණත, ඒ පිළිබඳ මනා අවබෝධයකින් යුතු තීරුලිපි රචකයා පොදු පාඨකයා මෙන්ම උගතුන් ආමන්ත්‍රණය කරනා පරිදි තම නිර්මාණය සකස් කළ යුතු පුද්ගලයෙකු බව බවත් එතුමා පවසනවා.

තීරුලිපි රචකයා නිර්භීත , අපක්ෂපාති වෙන එක මාධ්‍ය සදාචාරාත්මක දෙයක් විදිහට හදුන්වන්න පුළුවන්. තීරු ලිපි වල ගොඩක් වෙලාවට සර්වකාලී සිදුවීම් ඇතුළත් වෙනවා. අද අපි මුහුණ දීලා තියෙන covid - 19 ගැටළුවත් එක්ක මිනිස්සු මුහුණ දීලා ඉන්න ගැටළු තීරු ලිපි වලින් සමාජයට යොමු වෙනවා. මේ තීරු ලිපි වලින් තමයි පත්තරේ පිටු පිරෙන්නෙ. ඒ වගේම කවි, කතා වගේ සාහිත්‍යමය දේවල් පවා තීරු ලිපි වලින් පුවත්පත් වල පලවෙනවා. ඒ නිසා තීරුලිපි වල සාහිත්‍යමය මුහුණුවරක් පවා දකින්න පුළුවන්. පුවත්පතක තීරු ලිපි රචකයින්ගේ දක්ශතාවයත් එක්ක පුවත්පතේ ඉදිරි ගමන තීරණය වෙනවා. තමන්ගෙ තියෙන හැකියාව සහ නිර්මාණශීලීවතය අනුව විශිෂ්ඨ ගණයේ පුවත්පත් තීරුලිපි සම්පාදනය කරන්න පුළුවන්.

මුල් පිටුව

පුවත්පතක මුල් පිටුව කියන්නෙ හරිම වැදගත් තැනක්. අදාල දවසෙ හෝ සතියේ රටටම වැදගත් ප්‍රවෘත්ති අඩංගු වෙන්නෙ මුල් පිටුවෙ. ඒ වගේම මුල් පිටුවෙ ඇතැම් පුවත් ලොකු අකුරෙන් මුද්‍රණය කරනවා. ඒ ප්‍රවෘත්තියේ විස්තර අඩංගු වෙන්නෙ ඇතුළෙ පිටු වල. මේ ක්‍රමය අද වෙනකොට වාණිජමය ස්වරූපයක් අත් කරගෙන ඉන්නවා.ඒ නිසා අතිශය ගොසිප් වර්ගයේ ප්‍රවෘත්ති තමයි අද මුල් පිටුවෙ දකින්න හම්බවෙන්නෙ. ජයලත් මනෝරත්නයන් මියගිය පුවත කුඩවට මුල් පිටුවෙ සදහන් වෙලා අශේන් කියන youtuber කෙනෙක්ගෙ පුවතක් ප්‍රධාන පුවත විදිහට සඳහන් වුණ පුවත්පතුත් ලංකාවෙ තිබුණා.

ප්‍රාදේශීය පුවත්

පුවත්පත් කතුවරුන්ගෙන් ප්‍රාදේශීය පුවත්පත් වාර්තාකරුවන් තමයි ප්‍රාදේශීය පුවත්පත් ලිපි සම්පාදනය කරන්නෙ. ගොඩක් වෙලාවට ප්‍රාදේශීය පුවත්පත් විදිහට වෙනම පුවත්පත් පවා දකින්න පුළුවන්. තමන්ගෙ ප්‍රදේශයේ සිදු වෙන විශේෂ සිදුවීම් වාර්තා කිරීම මේකෙන් සිද්ධ වෙනවා.

දේශපාලනික හා ආර්ථික ලිපි

මේ වගේ ලිපි ගොඩක් වෙලාවට ඇතුල් පිටු වල තමයි දකින්න ලැබෙන්නෙ. රටේ වර්තමාන තත්වය පිලිබඳ රිවීව් රචනා කිරීමක් මේ ලිපි වලින් දකින්න පුළුවන්.

විදෙස් ලිපි

ඊට අමතරව විදෙස් ලිපි වලින් විශේෂ කාලීන සිදුවීම් වාර්තා කිරීමක් සිදු කරනවා. මේ දවස් වල නම් විදෙස් රට වල කොරෝනා රෝගය ගැන, ඒ රටවල ඉන්න ලාංකිකයින් ගැන විදෙස් ලිපි දකින්න පුළුවන්.

විශේෂාංග ලිපි.

අද වෙනකොට වාණිජකරණය වෙලා තියන ගොඩක් පුවත්පත් වල විශේෂාංග ලිපි වලට මුල් තැනක් ලැබිලා තියෙනවා. ගොසිප් වර්ගයේ ලිපි තමයි අද වෙනකොට පුවත්පත් වල විශේෂාංග ලිපි විදිහට එලියට එන්නෙ. ඊට අමතරව සම්මුඛ සාකච්ඡා ආදියත් විශේෂාංග ගණයට ඇතුළත් වෙනවා. ප්‍රධාන පුවත්පතට අමතරව නොමීලේ ලැබෙන විශේෂාංග පුවත්පත් කිහිපයක්ම අද අපිට ලබාගන්න පුළුවන්.

කාටූන්

පුවත්පත් කාටූන් කලාව කියන්නෙ වෙනම විෂයක්. කාලීන දේශපාලනික සමාජීය සිදුවීම් වලට උපහාසයක් එකතු කරලා මේ කාටුන් පුවත්පත් වල ඉදිරිපත් වෙනවා. විශේෂයෙන් මේ කාටුන් මුල් පිටුවෙ හෝ මැද පිටුවක දකින්න පුළුවන්. කළු සුදු පුවත්පත් කාටූන් මුල් කාලයේ දකින්න පුළුවන් වුණත් අද වෙනකොට වර්ණවත් කාටුනුත් අපිට දැකගන්න පුළුවන්.

පුවත්පත් දැන්වීම්

අද වෙනකොට විශේෂ ස්ථානයක් පුවත්පත් දැන්වීම් වලට හම්බ වෙලා තියෙනවා. පුවත්පතක වැඩි ප්‍රමාණයක් අද හම්බවෙලා තියෙන්නෙ පුවත්පත් දැන්වීම් වලට. ඒ වගේම් දැන්වීම් විතරම් අඩංගු වෙන පුවත්පත් පුවත්පතක් මිලට ගන්නකොට හම්බවෙනවා.

පුවත්පතකට නිශ්චිත ආකෘති සහ අන්තර්ගතයක් තියෙන්නෙ ඕනි කියලා නීතියක් නෑ .ඒ නිසා විවිධ පුවත්පත් වලට තමන්ට ආවේණික ආකෘති සහ අන්තර්ගතයන් තිබුණත් මම සඳහන් කරපු ලිපි මූලික වශයෙන් දැකගන්න පුළුවන්.

උදේනි පෙරේරා
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය 
අවසන් වසර

Comments

Post a Comment