Srilankan Literature | 2nd year | 1st semester

මේ ලිපියෙන් කතා කරන්න යන්නේ 2nd Year 1st Semester අදාල විෂයක් වන ලංකා සාහිත්‍යය එහෙම නැත්නම් Srilankan Literature (MDSM2113) Subject එක ගැන. මේ Subject එක Main Subject එකක්.
මේ විෂය යටතේ ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ සිට නූතන යුගය දක්වා බිහිවූ සාහිත්‍ය නිර්මාණයන් හා සාහිත්‍ය යුගයන් පිළිබඳ හැදෑරීමට අපට අවස්තාව ලැබෙනවා.
අපි මුලින්ම ලංකාවේ සාහිත්‍ය යුග හදුනාගමු.
  • අනුරාධපුර යුගය
  • පොළොන්නරු යුගය
  • දඹදෙණි යුගය
  • කුරුණෑගල යුගය
  • ගම්පොළ යුගය
  • කෝට්ටේ යුගය
  • සීතාවක යුගය
  • මහනුවර යුගය
  • මාතර යුගය.
මේ සාහිත්‍ය යුගයන් අපිට ප්‍රධාන යුග 03කට ගොනු කරන්න පුළුවන්. ඒවා
  • පුරාතන යුගය
  • මධ්‍යතන යුගය
  • නූතන යුගය
මේ වර්ගීකරණයට අනුව අනුරාධපුර යුගය පුරාතන යුගයට අයත් වෙනවා. පොළොන්නරු යුගයේ සිට සීතාවක යුගය දක්වා කාලය මධ්‍යතන යුගයටත් ඉන්පසු කාලසීමාවේ සිට වර්තමානය දක්වා කාලය නූතන යුගයට අයත් වෙනවා. 
අපි මුලින්ම අනුරාධපුර යුගය පිළිබඳ අවධානය යොමු කරමු. 
අනුරාධපුර යුගය
ක්‍රි.පු. 5 වන සියවසේ සිට ක්‍රි.පු. 10වන සියවස දක්වා කාලය අනුරාධපුර යුගයට අයත් වෙනවා. පණ්ඩුකාභය රජු අනුරාධපුර රාජධානියේ ආරම්භක පාලකයා ලෙස සැලකෙනවා. එහි අවසන් පාලකයා ලෙස සැලකෙන්නේ පස්වන මිහිඳු රජුය. ඔහුගේ දුර්වල පාලනයත්, ක්‍රි.ව. 993 පළමුවන රාජ රාජ නම් චෝළ රජුගේ ආක්‍රමණයත් මෙම රාජධානිය බිඳවැටීමට හේතු වූ බව කියැවේ. 
මෙම යුගය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ප්‍රබලම මූලාශ්‍ර ලෙස මහාවංශය, දීප වංශය ආදිය හැදින්විය හැකියි. සමස්තයක් ලෙස මේ යුගයේ බිහිවූ බොහෝ නිර්මාණ බෞද්ධාගමික මුහුණුවරක් ගෙන තිබෙනවා.  කර්මය, කර්ම විපාක, උපදේශනය මූලික කොටගත් නිර්මාණ බොහෝමයක් මේ යුගයේදි බිහිවී ඇති බව දැකගන්න පුළුවන්. මේ නිර්මාණ බොහෝමයක් ශ්‍රැති සම්ප්‍රදාය අනුව ලියා තිබෙනවා. ඒ වගේම මේ යුගයේදි සිංහල භාෂාවේ වර්ධනයේ ආරම්භයත් සිදුව තිබෙනවා.
මෙම යුගයේදි බිහිවූ සාහිත්‍ය නිර්මාණයන්ට උදාහරණ ලෙස,
  • අට්ඨ කතා
  • සීගිරි කුරුටු ගී
  • සියබස්ලකර
  • සිඛවලද විනිස
  • සෙල්ලිපි
  • ජානකී හරණය
  • විශුද්ධි මාර්ගය 
  • සාරාර්ථ සංග්‍රහය ආදිය දක්වන්නට පුළුවන්. 
අපි ඊළඟ ලිපියෙන් අට්ඨකතා සාහිත්‍ය පිළිබඳ කතා කරමු.

සටහන
හසිනි සෙව්වන්දි ජයසේකර 
 ජනමාධ්‍ය අධ්‍යනය අංශය
තෙවන වසර
  කොළඹ විශ්වවිද්‍යාලය 
  ශ්‍රීපාලි මණ්ඩපය 

Comments