මොකක්ද මේ කතු වැකිය ?

කතෘ වාක්‍ය  යන තත්සම වචනයෙන් බිඳී ආ කතු වැකි යන වචනය,එහි  අර්ථයෙන් ප්‍රකාශ වන පරිදි කතෘ විසින් ලියන ලද්දකි .නොඑසේ නම් කතුවරයා විසින් නම් කරන ලද පුද්ගලයෙක් කතුවැකිය ලියන අතර ඒ පුද්ගලයා සතුව මනා භාෂා පරිචයක් තිබිය යුතුය. එසේම කාලීන සිදුවීම් පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුය.එපමණක් නොවේ, භාෂාව හැසිරවීමෙහිලා මනා සුහුරුතාවක් තිබිය යුතු වේ.කතුවැකිය යන්න සරලම විග්‍රහය මෙයයි.
                          පුවත්පතක  ප්‍රධාන මූලිකාංග වන,

1. ප්‍රවෘත්ති
2.විශේෂාංග
3.දැන්වීම්

       යන අංග අතරින්, විශේෂාංග ගණයට අයත් වන මෙම කතුවැකිය පුවත්පතේ ප්‍රධාන කතෘවරයාගේ මතය නියෝජනය කරයි.කතුවැකියක දක්නට ලැබෙන ලක්ෂණ වශයෙන්;

*සංක්ෂිප්ත බව.
*වැල්වටාරම්,උපමා අලංකාර නොතිබිය යුතුය.
*අවධාරණාත්මක භාෂාවක් තිබිය යුතුය.
*ව්‍යාකරණානුකූල හා සිත්ඇදගන්නා සුළු භාෂාවක් තිබිය යුතුය.
*සරල භාෂාවක් භාවිතා කල යුතුය.
* ප්‍රාදේශීය ව්‍යවහාර භාවිතය අවම කළ යුතුය.

     කතුවැකිය ලියනු ලබන්නේ කාලීන සිදුවීමක් අරභයා ය. එනම් නිදර්ශනයක් ලෙස මේ දිනවල පුවත්පතක කතුවැකියකට කොරෝනා වසංගතය සහ රජයේ ක්‍රියාමාර්ග පිළිබඳ කතුවරයා හෙවත් කතුවැකිය ලියන්නා විසින් දරන අදහස්,මේ අවස්තාවේ රජය විසින් ගත යුතු උචිත ක්‍රියාමාර්ග, ජනතාවගේ හැසිරීම ආදිය පිළිබඳ ,ලෝකයේ මේ වන විට තත්ත්වය ආදිය මාතෘකාවක් විය හැකිය.මෙය ලියවෙන්නේ පුවත්පතක කුඩා ඉඩ තීරුවක බැවින් අවශ්‍ය දේ පමණක් ලිවීමට කතුවැකිය ලියන්නා විසින් අනුගමනය කල යුතු තවත් ක්‍රියාමාර්ගයකි. පුවත්පතක  වැදගත් භූමිකාවක් කතුවැකිය මඟින් ඉටු කරන අතර එහි වගකීම පැවරෙන්නේ පුවත්පතේ ප්‍රධාන කතෘවරයාට ය.

සටහන : සුබෝධා හේමාලි
ජනමාධ්‍ය අධ්‍යනාංශය
තෙවන වසර
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය.

Comments