නවීකරණය

නවීකරණය යනු සමාජය නව ස්වරෑපයකට හැඩ ගැස්වීමයි. මෙය සාම්ප්‍රදායික ලක්ෂණයකට වඩා ප්‍රතිවිරැද්ධ ලක්ෂණයකී. මෙය වූ කලී ඕනෑම සමාජයක දැකිය හැකි සංකීර්ණ ක්‍රියාවලියකී. මේ සදහා භාහිර හා අභ්‍යන්තර සාධක බලපානු ලබයි. මෙම සංකල්පයේ මූල බීජය 16, 17 වන සියවස් වල වැටී ඇත. මානවයාගේ ආරම්භයේ සිට මෙම නවීකරණය දැකිය හැකි විය. බටහිර රටවල නවීකරණය සදහා අභ්‍යන්තර සාධක හා සමාජ පසුබිම හේතු වී ඇත. එම හේතු කිහිපයක් ලෙස ආගමික පුනරැදය, දේශපාලන විප්ලව, කාර්මික විප්ලවය, නව නිපදවීම් හා සොයා ගැනීම් දැක්විය හැක.
ඔගස්ටේන් කොම්ටේන් ගේ ගතිකත්වය, හර්බට් ස්පෙන්සර් ගේ කාර්මික සමාජය, එමිල් ඩුර්කයිම් ගේ ඓන්ද්‍රීය ඒකාබද්ධතාවය, මැක්ස් වෙබර් ගේ හේතුවාදී සමාජය, කාල් මාක්ස් ගේ පන්ති ගැටුම තුළින් නවීකරණය පිළිබිඹු වේ. එනම් සරලව ගත් විට නවීකරණය යනු, අලුත් දෙයක් බිහි වීම හා එය සමාජයේ ව්‍යාප්ත වීමයි. මෙම සංකල්පය අධ්‍යයනය කිරීමේ දී පහත සමාජ විද්‍යාඥයින් ගේ අදහස් වැදගත් වේ. 

එඩ්වඩ් ෂීල්ස් 
දේශපාලන ඒකීයත්වය, ස්වෛරීභාවය පදනම් කර ගත් මහා පරිමාණ දේශපාලන සහභාගීත්වය නවීකරණයේ දී අවශ්‍ය වේ. 
ඩේවිඩ් ආෆ්ටර්
ලතින් ඇමෙරිකානු, අග්නිදිග ආසියානු, දකුණු ආසියානු රටවල් නවීකරණයට උත්සහා දරන අතර එය සාර්ථක වී නැත. 
නීල්ස් J. ස්මිල්සර්
බ්‍රිතාන්‍ය යේ සමහර ප්‍රාන්ත වල කපු කර්මාන්තය ගෘහ මට්ටමේ සිට මහා පරිමාණය දක්වා පරිවර්තනය වූ අයුරැ නවීකරණය තුළින් පෙන්වා දේ. 
ඊශ්‍රයල් ජාතික අයිසෙන්ටාඩ්
දැඩි විභේදනය හා සංකීර්ණත්වය නවීකරණයට හේතු වේ.
ගුනාර් මිල්දාර්
ආර්ථික දරිද්‍රතාවය විසින් නවීකරණයට බාධා පමුණුවයි.
එඩ්වඩ් ෂීල්ස් විසින් Political Development of New States නම් සිය කෘතියේ දී ද නවීකරණය පිළිබද අදහස් දක්වා ඇත.


නවීකරණය ප්‍රධාන වශයෙන් අවස්ථා දෙකක් මුල් කර ගෙන හදුනා ගත හැක. 
  1. පුනරැත්තානගත විසරණය
  2. ප්‍රසාරණ විසරණය
පුනරැත්තානගත විසරණය යනු, නවීකරණය එක් තැනකින් ආරම්භ වී තවත් තැනකට විසරණය වීමේදී ආරම්භ වූ ස්ථානයෙහි නවීකරණය යල් පැන යාමයි. 
ප්‍රසාරණ විසරණය යනු, නවීකරණය එක් තැනකින් ආරම්භ වී තවත් තැනකට විසරණය වීමේදී ආරම්භ වූ ස්ථානයෙහි නවීකරණය එලෙසම පැවතීමයි.
සෑම සමාජයක්ම වර්තමානයේ නවීකරණය දෙසට ගමන් කරයි. එ් අනුව ඕනෑම සමාජයක් සමප්‍රදායේ සිට නවීකරණයට ගමන් කරන බව පෙනේ. එය ප්‍රධාන ස්වරෑප දෙකකි. 
  1. සම්ප්‍රදායේ නවීකරණය
  2. නවීකරණයේ සම්ප්‍රදාය
සාම්ප්‍රදායික සමාජයට නවීකරණය බැහැරින් ආවකී. එසේ වුවත් නවීකරණයට පත් වූ දේ නැවත සාම්ප්‍රදායික තත්වයට පත් වීමට ද ඉඩ ඇත. ඒ සදහා ජන මාධ්‍ය ප්‍රබල කාර්යයක් සිදු කරයි.

ඊළග ලිපියෙන් ඉක්මනට හමුවෙමු. එතකන් පරිස්සමට ගෙදරටම වෙලා ඉන්න.
ජය....!  
        



සටහන:  නවෝද්‍යා ගමගේ
සිව්වන වසර
ජනමාධ්‍ය අධ්‍යනාංශය
කොළඹ විශ්වවිද්‍යාලය
ශ්‍රීපාලි මණ්ඩපය



Comments