නිර්වාචික සන්නිවේදනය - 1 කොටස

සන්නිවේදන ක්‍රියාවලියේ දී යම් සංදේශයක් ග්‍රාහකගත කිරිම සඳහා මූලික වශයෙන් සන්නිවේදන ආකාර 2 ක් භාවිතා කරන්න පුළුවන්. එ් ආකාර දෙක තමයි,
  1. වාචික සන්නිවේදනය
  2. නිර්වාචික සන්නිවේදනය   
මුලින්ම මේ වාචික හා නිර්වාචික සන්නිවේදනය කියන්නේ මොනවද කියලා බලමු.

වාචික සන්නිවේදනයේ දී සිදුවන්නේ කටහඩ මාධ්‍යය ලෙස යොදා ගෙන සංදේශයක් ග්‍රාහකගත කිරීමයි. වචන භාවිත කරමින් නැතිනම් කට වචනය ඇසුරු කර ගනිමින් කෙරෙන සන්නිවේදනය තමයි වාචික සන්නිවේදනය කියලා හදුන්වන්නේ. වර්තමානයේ මිනිසා බොහෝ විට යෙදෙන්නේ වාචික සන්නිවේදනයේ. සරල දිවි පෙවෙතකට අවශ්‍යය සාමාන්‍ය ගැමි වහරේ ඉදලා ලෝකයේ බොහෝ සංකීර්ණ ගැටළු විසදීම දක්වාම ගැමියන්ට වගේම පාලකයන්ට සිය කාර්යය ව්‍යුහයන් සඳහා අවශ්‍යය දෙයක් තමයි වාචික සන්නිවේදනය කියලා කියන්නේ.
නිර්වාචික සන්නිවේදනයේ දී වචන භාවිතයකින් තොරව සන්නිවේදකයා සිය සංදේශය ග්‍රාහකගත කරනවා. සංඥා, සංකේත, හඬ කියන මාධ්‍යයන් උපයෝගී කරගෙන තමයි අවාචික සන්නිවේදනය සිද්ධ වෙන්නේ. සිරුරේ විවිධ අංග ලක්ෂණ වලින් හා ඒවා මුල්කර ගෙනත් අවාචික සන්නිවේදනය සිද්ධ වෙනවා. මේක කාය භාෂාව ( body language ) කියලත් හඳුන්වනවා.
වාචික සන්නිවේදනයට කලින් ලෝකයේ පැවතුනේ නිර්වාචික සන්නිවේදනය. වර්තමානයේ නිවසට වෙලා මුළු විශ්වයට ම නෙත් හෙළීමට හැකි තරම් මේ සියල්ල සංකේත හා සංඥාවලින් බහුල නිර්වාචික සන්නිවේදන ජාලයක් වෙලා තියෙනවා. වාචික සන්නිවේදනය තරම්ම නිර්වාචික සන්නිවේදනය ද ප්‍රබල වෙලා තියෙන්නේ ඒ නිසා.

දැන් අපි බලමු නිර්වාචික සන්නිවේදනය කොහොමද වාචික සන්නිවේදනය තරම් ම ප්‍රබල වෙන්නේ කියලා.
නිර්වාචික සන්නිවේදනයසන්නිවේදන විද්‍යාඥයින් වර්ගීකරණයට ලක් කරන්නේ භාෂා භාවිතයකින් තොරව සිදු කරන සන්නිවේදනයක් විදියට. සන්නිවේදන විද්‍යාඥයින් විසින් නිර්වාචික සන්නිවේදනය පිළිබදව නිර්වචන රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා


යම්කිසි සන්නිවේදනයක් ඉදිරිපත් කරන ක්‍රමයක් හා ශරීරය මාධ්‍යයක් කරගත් භාෂාවක් වශයෙන් හැඳින්විය හැකිය     _ජේම්ස් වොට්සන් හා ඈන් හිල්

කථිකලිඛිතවචන භාවිතයෙන් යුක්ත වූ සන්නිවේදනය වාචික ලෙසත්යම් යම් බාහිර කි%යාකාරකම්අභිනයන්මුහුණින් අදහස් ප්‍රකාශ කිරීම් හා පින්තූර මඟින් කෙරෙන සන්නිවේදනය නිර්වාචික ලෙසත් හැඳින්විය හැකිය”  _බර්ටන් ආර්. කැන්ෆීල්ඞ් සහ එච්.ෆෙසර් මුවර්_   

නිර්වාචික සන්නිවේදනය සලකුණු හා සංඥාමය භාෂාවකට සම්බන්ධය”   _මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර_ 

නිර්වාචික සන්නිවේදනය පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර නිර්වාචික සන්නිවේදනය සිදු කරන ක්‍රම කිහිපයක් දක්වලා තියෙනවා. එනම්, මුහුණෙන් අදහස් ප්‍රකාශ කිරීමඅභිනය, අභිරූපනයනර්ථන රූසංගීතය, ගායනා, චිත%සිතුවම්මූර්ති හා ක්‍රීඩා ආදියයි. 
පුද්ගලයන් දෙදෙනෙකු අතර සන්නිවේදනයක් සිදු වීමේ දී ඉන් 35%ක් වාචික සන්නිවේදනයට ගැනෙන අතර 65% ක් සිදු වන්නේ නිර්වාචිකව සිදු කරන සන්නිවේදනයට යි.” 
                                _ඇල්බට් මෙහෙරායන් ගලී සහ ලෙදර්ස්

වදන් භාවිතයෙන් තොරව ප්‍රකාශිත සියලු ආකාරයේ සංදේශ හා ප්‍රතිචාර අවාචික සන්නිවේදනය වේ _ටෙරි ක්වාල් හා ගම්බල්_

වදනින් බැහැර වූ සන්නිවේදනය නිර්වාචික සන්නිවේදනයයි    _C.S. බයිදු_

නිර්වාචික සන්නිවේදනයේ කාර්යයන් කිහිපයක් තියෙනවා.

  1. පුද්ගලාන්තර සන්නිවේදනයේ දී අර්ථය වටහා ගැනීමට නිර්වාචික සන්නිවේදනය ඉමහත් සේ උපකාරී වීම.
  2. හැගීම් සහ භාවයන් වාචිකව ඉදිරිපත් කරනවාට වඩා හොඳින් නිර්වාචිකව ඉදිරිපත් කළ හැකි වීම.
  3. නිර්වාචික සන්නිවේදනයේ දී අර්ථයන් හා අභිප්‍රායයන් සාපේක්ෂ වශයෙන් අවුල් වියවුල් වලින් තොරව ප්‍රකාශ කළ හැකි වීම.
  4. නිර්වාචික සංඥා හා ඉඟි නිසා උසස් සන්නිවේදන මට්ටමක් ඇති කර ගත හැකි වීම.
  5. වාචික සංඥාවලට වඩා නිර්වාචික සංඥා තුළින් කාර්යක්ෂම ව සන්නිවේදනය කළ හැකි වීම.
  6. යමක් ඇඟවීම හෝ යෝජනා කිරීම සඳහා වඩාත් සුදුසුම මාධ්‍යය නිර්වාචික සන්නිවේදනය වීම.

නිර්වාචික සන්නිවේදනය ප්‍රධාන කොටස් දෙකක් යටතේ බෙදන්න පුළුවන්එනම්,
          01.පුද්ගලයා ආශ්‍රිතව අභ්‍යන්තර වශයෙන් දක්නට ලැබෙන නිර්වාචික සන්නිවේදන %.
          02.පරිසරය ආශ්‍රිතව බාහිර වශයෙන් දක්නට ලැබෙන නිර්වාචික සන්නිවේදන %.

පුද්ගලයා ආශ්‍රිතව අභ්‍යන්තර වශයෙන් දක්නට ලැබෙන නිර්වාචික සන්නිවේදන ක්‍රම ගැන කියද්දී මයිකල් ආර්ගිල් ගේ විවරණය වැදගත් වෙනවා. ඔහු විසින් පුද්ගලයා තුළ තියෙන නිර්වාචික සන්නිවේදන සංඥා දහයක් පමණ ඇති බව පෙන්වා දීලා තියෙනවා.
         01. ශාරීරික ස්පර්ශය
         02. සමීපතාව   
         03. නැඹුරුව
         04. පෙනී සිටීම
         05. හිස සැලීම
         06. මුහුණින් අදහස් %කාශනය
         07. අභිනය
         08. ඉරියව්
         09. අක්ෂි චලනය
         10. භාෂා වියුක්ති බව

පුද්ගලයා විසින් ඇතැම් විටෙක සෘජු ප්‍රකාශනයට පෙර ඉදිරිපත් කරන කරුණු දහයක් පිළිබඳව මයිකල් ආර්ගිල් පෙන්වා දීලා තියෙනවා.

01. සම්බන්ධතාව
02. ලිංගික ආකර්ෂණය
03. ප්‍රතික්ෂේප කිරීම
04. ආකර්මණ්‍යශීලී බව
05. ආධිපත්‍යය
06. යටපත් වීම
07. සමාදානය
08. බිය
09. දුක
10. සතුට

නිර්වාචික සන්නිවේදනය 2 කොටසින් ඉක්මනට හම්බෙමු.
පරිස්සමට ගෙදරට වෙලා ඉන්න.
ජය....!  

සටහන : නවෝද්‍යා ගමගේ
ජනමාධ්‍ය අධ්‍යනාංශය
සිව්වන වසර
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය.

Comments

Post a Comment