ප්‍රවෘත්තියක් යනු කුමක්ද ? News Reporting | 2nd year | 1st semester

මොනවද මේ ප්‍රවෘත්ති ? ප්‍රවෘත්ති, පුවත්, News මේ හැම වචනයෙන්ම අදහස් වෙන්නෙ එක දෙයක්. ප්‍රවෘත්තියක් යනු ඉතිහාසයේ ප්‍රථම දළ සටහන කියලා ජින් බ්‍රැඩ් සඳහන් කරලා තියෙනවා. ගොඩක් අය ප්‍රවෘත්ති ගැන නිර්වචන ඉදිරිපත් කරලා තියනවා. අපි බලමු එහෙම නිර්වචන කිහිපයක්.

"ප්‍රවෘත්තියක් යනු ප්‍රජාවේ විශාල කොටසක් උනන්දුවක් දක්වන හැම දෙයමක්ම වෙයි. මීට කලින් කිසි විටෙක අවධානය යොමු නොවුණු දෙයක් වෙයි."

- චාල්ස් ඒ. ඩානා-

" බල්ලෙක් මිනිසෙකු සපා කෑ විට එය ප්‍රවෘත්තියක් නොවේ. එහෙත් මිනිසෙක් බල්ලෙකු සපා කෑ විට එය ප්‍රවෘත්තියකි"

- ජෝන් ඩී. බොගාඩ්-

"ප්‍රවෘත්තියක් යනු ජනතාවට බලපාන්නාවූත් ඔවුන් තුල උනන්දුවක් ඇති කරන්නාවූත් මෑත කාලීන හා වැදගත් සිදුවීමකට අදාළ අලුත් තොරතුරකි."
- සමරනායක 1998 -

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය “ප‍්‍රවෘත්ති” යන්න අර්ථ දක්වන්නේ මෙසේය.
“New Information about sth that has happened recently. Reports of recent events that appear in newspapers or on television or radio.” 

(hameier, 2005, 95)

ප්‍රවෘත්ති කියන එකේ ඉංග්‍රීසි වචනය "NEWS" කියලා ඔයා දන්නවනෙ. ඒත් මේ වචනෙ තේරුම නම් ගොඩක් අය දන්නෙ නැතුව ඇති.

N - North
E - East 
W - West
S - South

සතර දිශාවන්ගෙන් එන තොරතුරු කියන එක තමයි NEWS කියලා කියන්නෙ. 

අද ඕනිම මාධ්‍ය ආයතනයක ප්‍රධාන දේ තමයි ප්‍රවෘත්ති. ලෝකයේ මේ වෙනකොටත් ඕනෑතරම් සිදුවීම් සිදු වෙනවා. ඒත් ඒ හැම සිදුවීමක්ම ප්‍රවෘත්ති විදිහට මාධ්‍ය ආයතන වලින් ඉදිරිපත් කරන්නෙ නෑ. අන්න ඒ නිසා ඔයා දැනගන්න ඕනි ප්‍රවෘත්ති‍යක් ඉදිරිපත් කරනකොට මොනවගේ දේවල්ද තියෙන්න ඕනි කියන එක.

1. කාලීන වීම.
2.සමීප සහ සම්බන්ධ බව.
3. අදාල බව.
4  බලපෑම. (මේ දවස් වල නම් කොරෝනා කියන්නෙ ලෝකෙටම අදාල ප්‍රවෘත්තියක් නෙ)
5. ආකර්ෂණීය බව.

ප්‍රවෘත්ති ජනතාව අතරට ගෙනියන්නෙ මාධ්‍ය ආයතන. පුරවැසි මාධ්‍යත් අද වෙනකොට ඒ දේ අවිධිමත්ව කරනවා. රූපවාහිනිය, ගුවන්විදුලිය, මුද්‍රිත මාධ්‍ය විතරක් නෙවෙයි අද වෙනකොට අන්තර්ජාලයෙන්ද ප්‍රවෘත්ති වාර්තා කරනවා. 

හැබැයි අද වෙනකොට ප්‍රවෘත්ති කියන්නෙ වාණිජමය ව්‍යාපාරයක් වෙලා. අදාල බවට වඩා මිනිස්සු වැඩියෙන්ම ආකර්ශනය වෙන ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න ගොඩක් මාධ්‍ය ආයතන කටයුතු කරලා තියෙනවා.

අලියෙක් ලිදකට වැටුණ එක, කඩයකින් බඩු හොරෙන් කරන සීසීටීවී දර්ශන, සියදිවි හානි කරගැනීම් අද වෙනකොට බහුලව නිරතුරුවම වාර්තා කරන ප්‍රවෘත්ති වෙලා තියෙනවා. ප්‍රවෘත්ති වෙනුවට ගොසිප් වාර්තා කිරීමක් අද නිරතුරුවම සිදු වෙනවා.

අන්තර්ජාතික ප්‍රවෘත්ති වල නම් කඳුලු, ලේ සලකුණු, සංවේදී දෑ පෙන්වන්නෙ නෑ. හැබැයි ලංකාවෙ නම් මුල් තැන හම්බෙන්නෙ ඒ වගේ ප්‍රවෘත්ති වලට. අන්න ඒ නිසා අනාගතේ මාධ්‍ය ක්ශේත්‍රයට යන්න ඉන්න හැම කෙනෙක්ම ප්‍රවෘත්ති කියන්නෙ මොකක්ද කියලා දැනගන්න එක වැදගත්.

මම හිතනවා ප්‍රවෘත්ති ගැන පොඩි හරි අවබෝධයක් ගන්න ඇති කියලා. එහෙන්ම් සුභ දවසක්...!


සටහන : උදේනි පෙරේරා
ජනමාධ්‍ය අධ්‍යනාංශය
සිව්වන වසර
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය.

Comments