මාධ්‍ය සමාජ විද්‍යාව(Media Sociology)


අද අපි කතා කරන්න යන්නෙ අපේ Degree එකේ 1st year - 1st Semester  subject එකක් විදියට අධ්‍යයනය කරන්න තියෙන මාධ්‍ය සමාජ විද්‍යාව(Media Sociology) subject එක ගැන..
මේ subject එක ප්‍රධාන(Main) විෂයයක් ලෙස හැදෑරීමට සිදු වනවා වගේම ඉතා වැදගත් විෂයක් විදියටත් සලකන්න පුළුවන්....  මෙම විෂයේදී අප හදාරනු ලබන විෂය කරුණු පහත ආකායට ගොනු කරල දක්වන්න පුළුවන්.
    සමාජයක් යනු, (Society)
    සමාජ විද්‍යා විෂය ක්ෂේත්‍රය හඳුනා ගැනීම(Sociology)
    ජනමාධ්‍ය සමාජ විද්‍යාව යනු(Media Sociology)
    නවීකරණය(Modernization)
    නවීකරණය හා ජනමාධ්‍ය අතර සම්බන්ධතාවය
    සංස්කෘතිය
    සංස්කෘතිය හා ජනමාධ්‍ය 
    ගෝලීයකරණ සංකල්පය
    ගෝලීයකරණ හා ජනමාධ්‍ය
    ජනමාධ්‍ය, ගෝලීයකරණය හා සමාජ වෙනස්වීම
මේ විදියට විෂය අන්තර්ගතය පෙළගැස්විලා තියෙනවා.... ජනමාධ්‍ය හදාරන විද්‍යාර්ථීන් පිරිසක් විදියට අපට සමාජ විද්‍යාව අවශ්‍ය ඇයි? කියලා ඇහුවොත් ඔබ දෙන පිළිතුර මොකක්ද
සරලවම මෙහෙම ගත්තොත් අපි ජන මාධ්‍ය හරහා තොරතුරු සන්නිවේදනය කරන්නේ කාටද? ඒ මහජනතාවට, මිනිස්සුන්ට.... මිනිසුන් සමූහයක් ලෙස එකිනෙකාට  අන්තර් සම්බන්ධතා පවත්වමින් ජීවත් වන්නේ කෙසේද? , විවිධ වූ ජන සමාජයන් ලෙසය.... මිනිසාට තනි තනිව පැවැත්මක් කිසිසේත් නොමැත.... එසේනම් සියල්ල සිදුවන්නේ ජන සමාජයන් තුළය.... මාධ්‍ය සන්දේශ නිර්මාණය වන්නේත්, ඒවා විසරණය වන්නේත්.... ග්‍රහණය කරනු ලබන්නේත් සමාජයක ජීවත්වන මිනිසුන් විසින්ය... ඒඅනුව සමාජ සම්බන්ධතා, සමාජය තුළ පුද්ගලයා සංවිධානය වී ඇති ආකාරය, ඒ ඒ සමාජයේ පුද්ගලයන්ගේ සමාජ භූමිකාව(තත්ත්වයන් හා කාර්යකොටස) යනාදිය පිළිබඳ දැනුවත්භාවයක් තිබීම, එනම් එසේ සමාජය පිළිබඳ අධ්‍යයනය ජනමාධ්‍යවේදියකු හට අත්‍යාවශ්‍ය කරුණකි.
  • ඔබ දන්නවාද සමාජීය විද්‍යා(Social Sciences) හා ස්වභාවික විද්‍යා(Natural Sciences) අතර වෙනස?

  • සමාජීය විද්‍යා(Social Sciences) හා සමාජ විද්‍යාව(Sociology) අතර වෙනස?
විද්‍යාවන්(Science) පුළුල් ක්ෂේත්‍රයක පැතිර පවතින්නකි. විද්‍යාවන් ප්‍රධාන වශයෙන්,
1.    ආනුභවික විද්‍යා
2.    ආනුභවික නොවන විද්‍යා
වශයෙන් කොටස් 2 කට බෙදා දක්වනවා. මේ අතරින් ආනුභවික පරීක්ෂණ(සම්පරීක්ෂණ හා නිරීක්ෂණය) ඇසුරින් එනම් ඉන්ද්‍රීය ඝෝචර ප්‍රත්‍යක්ෂයට(දැනීමට) මුල් තැනක් දෙමින් දැනුම ඒකරාශී කර ගන්නා විද්‍යාවන් මේ යටතට ගැනේ.. මෙම විද්‍යා නැවත කොටස් 2කට වර්ග කරනවා ඒ තමයි
  1. සමාජීය විද්‍යා (Social Sciences)
  2. ස්වභාවික විද්‍යා(Natural Sciences)
  • ස්වභාවික විද්‍යා කියන්නෙ අප අවට ස්වභාවික ලෝකය පිළිබද ව හදාරනු ලබන විෂයයන්, ඊට සම්බන්ධ භෞතික හා ජෛව ක්‍රියා පටිපාටීන් පිළිබදව හැදෑරීම අරමුණු කර ගත් විද්‍යාවන් ස්වභාවික විද්‍යාවන් කියල කියනවා. ස්වභාවික වස්තූන්, ද්‍රව්‍ය, ජීවීන්, අලෝකය, විද්‍යුතය වැනි ක්ෂේත්‍රයන් අධ්‍යයනය කරනු ලබන ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, පරිසර විද්‍යාව, කෘෂි විද්‍යාව,  උද්භිත විද්‍යාව, තාරකා විද්‍යාව, භූගෝලය, ජෛව රසායන විද්‍යාව වැනි විෂයන් මේ යටතට වැටෙනව.

  • මිනිසා හා මිනිස් සමාජය පිළිබ‍දව හදාරනු ලබන, මිනිස් සමාජයේ සාමාජීය ලක්ෂණ, මිනිස් සබදතා හා ඒ ආශ්‍රිත ගැටළු, අන්තර් සබදතා පිළිබදව හදාරනු ලබන විද්‍යාවන් සමාජීය විද්‍යාවන් ලෙස හදුනා ගන්න පුළුවන්. සමාජ විද්‍යාව,(Sociology) මානව විද්‍යාව(Anthropology), මනෝ විද්‍යාව(Phychology), ආර්ථික විද්‍යාව(Economics), දේශපාලන විද්‍යාව(Political Science), ඉතිහාසය(History) වැනි විෂයයන් හදුන්වා දෙන්න පුළුවන්.
  • සමාජීය විද්‍යා යටතේ තවත් එක් විද්‍යාවක් නැත්නම් විෂයයක් ලෙස සමාජ විද්‍යාව හදුනාගත හැකිය. 

හරි.... මං හිතනවා ඔයගොල්ලන්ට Media Sociology විෂය යටතේ අධ්‍යයනය  කරන්න තියෙන විෂය කරුණු සම්බන්ධව දළ අවබෝධයක් වගේම විෂය මොනවගේ විෂයක්ද කියන එක සම්බන්ධයෙනුත් හොද අවබෝධයක් ලැබෙන්න ඇති කියල..... අපි ඊළග ලිපියෙන් ඒ ඒ විෂය කරුණු ගැන කතා කරමු....  ලිපිය ගැන ඔයගොල්ලන්ගෙ අදහස් වගේම ලිපියට අදාල කරුණු තියෙනවනම් Comment කරන්න... 
ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න....☻☻☻ සුභ දවසක්....

සටහන:  ඩිලින පැතුම්
තෙවන වසර
ජනමාධ්‍ය අධ්‍යනාංශය
කොළඹ විශ්වවිද්‍යාලය
ශ්‍රීපාලි මණ්ඩපය

Comments

  1. ඊලඟ ලිපියත් ඉක්මනින් පුලුවන්නම් දාන්නකෝ අයියේ media sociology වලට එන්න ඕනේ කරුණු ගැන අදහසක් එහෙම 🙄🙂

    ReplyDelete

Post a Comment