INTRODUCTION TO COMPUTING - PART 2

අපි කලින් කතා කලේ basic ම කොටසක් ගැන. අපි අද ඒ කොටසේ ඉතුරැ ටික මෙතන සාකච්ඡා කරමු. පොඩි මතක් කිරීමක් විදිහට කලින් කතා කල ඒව තමයි computer  කියන්නෙ මොකද්ද ඒකෙ basic words , computer එකේ components(සංරචක) මොනවද හා ඒ තුල තියෙන ප්‍රධාන කොටසක් වන HARDWARE එකේ කොටස් කිහිපයක් කතා කලා. අද අපි නතර කරපු තැන ඉදල කතා කරමු.

INPUT DEVICES 
 Input device කියන්නේ පරිගණකයට දත්ත ආධානය කරන ආකරයයි. ක්‍රම කිහිපයක් ගැන අපි කලින් කතා කල . තවත් ඒ වගේම input devices ගොඩක් තියෙනවා.
3. Game devices 
මෙපමන කාලයක් අපි game play කරන්න use කල ඔක්කොම Game devices අයිති වෙන්නෙ Input device වලටම තමා.

4. Pen input
Pen එකක් වගේ දෙයක් බාවිතා කරල ලියනවා අපි කොච්චර නම් දැකල තියේ ද. ඒ වර්ගයත් අයත් වෙන්නෙ මේ Input devices වලටම තමා. [මේවා විශේෂයෙන් භාවිතා වෙන්නෙ PDA හෙවත් Personal digital assistants වලයි. ]

5. Touch screen
මෙකෙදි වෙන්නෙ තමාට අවශ්‍ය කාර්‍ය්ය කර ගැනීමට අදාල පසුබිම ඇල්ලීමය.(touch)

6. Digitized and graphics tablets 
චායාරෑප(photos), චිත්‍ර (drawings) වැනි දේවල් digital signal හෙවත් අංකිත තරංග බවට පරිවර්තනය කරනු ලැබේ. 
ඉහත සදහන් වෙන්නේ ඔක්කොම pointing input devices හෙවත් ලක්ෂීය ආධාන උපාංගයි. 
අපි දැන් අපගේ අවධානය යොමු කරන්නෙ Multimedia Input devices (බහු මාධ්‍ය ආධාන උපාංග)

Multimedia Input devices කියන්නෙ පඨිත (text), චිත්‍රන(Graphic) ඇතුලත් රෑපයන්(images) හා ශබ්ද(sound) කාණ්ඩයන් ඇතුලත් කරන ආකරයන් ය. [මේක සරලවම කිව්වොත් ශබ්දයක් රෑපයක් පරිගණකයකට ඇතුලු ඕනම දේකට අතුලත් කරන එකයි.] අපි දැන් බලමු ඒ වගේ පාවිච්චිකරන උපකරණ ටිකක්. 

1)… SOUND INPUT 
ශබ්ද ආධානය කරන්න ප්‍රසිද්ධම උපකරණය වන්නේ Microphone එක සරලවම මයික් එකයි. මෙකෙන් වාතයේ තිබෙන ශබ්ද තරංග අවශෝෂණය කර ගන්නවා.

2)… VIDEO INPUT 
මේකට අයිති වෙන්නෙ Digital camera ,Webcam,Video camera ,Barcodereader, වගේ දේවල් තමා.(exam එකට මේ මොනව ලිව්වත් හරි)මේ හැම එකකින්ම still photos නැත්නම් ස්ථිතික චායාරෑප ගැනීම සිදුවේ. එහෙත් video camera මගින් Dynamic photos(ගතික රෑප) ගනු ලැබේ.  

3)… SCANNER DEVICE 
මෙහි SCANNERS වර්ග කිහිපයක් ඇති අතර අපි Page scanner හා Hand scanner ගැන බලමු.* Page scanner හරියට copy machine එකක් වගේ. අපි ලබා දෙනු ලබන සම්පූර්ණ page එකම  digital image(අංකිත රෑපයක්) බවට  හරවනු ලැබේ. *Hand scanner මෙයට තරමක් වෙනස්කම්ක් දක්වනු ලැබේ. අවශ්‍ය ස්ථානය හරහා ගෙන යාමට මෙමගින් හැක.

විශේෂ උපාංග වලට භාවිතා කරන Input devices ද මේ අතර වේ. ඒ අතර

4)… BARCODEREADER 
මේක අපි එදිනෙදා ජීවිතයේ දක්නට ලැබෙන Input device එකක්. Barcode එක කියවීම කරන අතර ඒ තුලින් අදාල දත්ත ලබා ගැනීම සිදු කරනු ලැබේ. 

5)… OPTICAL MARK READER
මේ වගේ ඒව පාවිච්චි කරන්නෙ exam paper වලය (බහුවරණ ප්‍රශ්නවල දි)

6)… MAGNETIC INK READER
බැංකුවට යන අය බොහෝ විට මේ උපකරණය දැකල ඇති. Bank account number එක Print කරනු ලබන්නේ විශේෂ Ink එකක් භාවිතා කරමින්. ඉතින් එක කියවන්න (read) කරන්න පුලුවන් වෙන්නෙ මෙම උපකරයෙනි. 

INPUT DEVICES මීට වඩා කොටස් වලට වෙන් කරල නම් කරන්න පුලුවන් අතර මේ ගොඩවල් අතරට තව තව අංගයන් එන්නත් පුලුවන්. BASIC IT හා 1ST YEAR එකට අදාල වන කොටස් තමා මම ඔයාලට ගේන්නෙ. ඒ අතට මොනවල හරි ගැටලු තියේ නම් ඔයාලට COMMENT කරල කියන්න පුලුවන්. (ආයිම කියනව මේ තියෙන ENGLISH  වචන වලටත් අවධානය යොමු කරන්න කියල)

සුභ දවසක්..!

සටහන : ඕෂධී සම්මානි
තෙවන වසර 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්ව විද්‍යාලය 
ශ්‍රීපාලි මණ්ඩපය

මෙහි පළවෙනි කොටස පහතින්


Comments