INTRODUCTION TO COMPUTING | Lesson 16

අපි අද කතා කරන්නෙ පරිගණකයේ මූලික සංරචක එහෙමත් නැතිනම් පරිගණකය හදුන්වා දීමක්. Computer එක කියන්නේ ඉලෙක්ට්‍රොනික උපාංගයකි. Computer එක දැන ගන්න අපිට මූලිකව දැන ගෙන සිටිය යුතු වචන කිහිපයක් තිබේ. 
1). Data හෙවත් දත්ත : මේව යමෙකු දැනුවත් නොකරන අතර මේවා ස්වදීනව පිහිටනු ලැබේ. උදා නමක් , අංකයක් 
2). Information හෙවත් තොරතුරැ : ඉහත සදහන් දත්ත ක්‍රමානුකූල සැකසුමකට භාජනය කිරිමේන් තොරතුරැ ලැබේ.
උදා ලෝක කුසලානය දිනාගත් රට
3). Hardware දෘඪාංග :අපට computer එකේ භාහිර දැකිය හැකි සියල්ල මීට අයත් වේ. 
උදා motherboard 
4). Software මෘදුකාංග : computer  සදහා කුමක් කල යුතුද යන්න පවසන වැඩසටහන් වර්ය වේ. Msoffice

අපිට දැන් computer එක කියන එක ගැන පොඩි අවබෝධයක් තියෙන නිසා ඊලඟට computer system එක ගැනත් අවබෝධයක් ලබාගමු. Computer system එක සරලව කොටස් 3කින් මම මෙහිදී පෙන්වන්නම්. ඒ ඇතුලෙ තියෙන සංරචකත්(components) මම ඒ සමගම කතා කරනව. 
          1). Hardware දෘඪාංග 
          2). Software මෘදුකාංග 
          3). Live ware  ජීවාංග

1). Hardware  
අපි කලින් hardware කියන්නෙ මොකක්ද කියල කතා කලා. පරිගණකයේ දක්නට ලැබෙන physical part හෙවත් භාහිරව දක්නට ලැබෙන් සියල්ල මේ ගනයට වැටේ. සියලු පරිගණකයන් හරහා ප්‍රධාන කාර්යන්(functions ) 4ක් සිදුවේ. මෙම අංගයන් එකිනෙකට සම්බනදය . එම අංගයන් පිළිවෙලින් මෙසේය. 
           -INPUT DEVICE 
           - PROCESSING 
           - OUTPUT DEVICE 
           -STORAGE DEVICE වශයෙනි. 
අපි මෙහිදී Input හෙවත් ආධාන ක්‍රියාව ගැන පමනක් දැන සාකච්ඡා කරමු.  

[INPUT  DEVICE ] : පරිගණකයට අපි කරන කියනු ලබන සියල්ල ආධාන ක්‍රියාව නම් වේ. 

උදාහරණයක් ලෙස raw data හෙවත් අමුදත්ත ලබා දීම Input process එක වේ.

මෙලෙස දත්තයන් පරිගණකයට ලබා දීම අප සිදුකරනු ලබනුයේ Input device එසේත් නැතිනම් ආධාන උපාංග භාවිතයෙනි. ඒවා එකින් එකට අපගේ අවධානය දෙමු.
[1]… key board යතුරැ පුවරැව : පරිගණකයට දත්ත input කරන ප්‍රධානම ආකරයක් වනුයේ මෙයයි.
[2]… pointing device ලක්ෂීය උපාංග : මෙය භාවිතා කරනු ලබනුයේ පරිගණකයේ  cursor එක එහා මෙහා කිරීමටය. ඒ  සදහා භාවිතා කරනු ලබන ප්‍රධාන උපාංග කිහිපයක් ඇති අතර එකක් වනුයේ mouse එක වේ. Trackball යනු අනිත් අංගය වේ. මෙහි ඇති වෙනස වනුයේ Mouse එකම එහා මෙහා කරකවනවා වෙනුවට Trackball හීදි කරනු ලබන්නෙ එය මතුපිටින් අති ball ය කැර කැවීමයි. 

අදට මෙපමණක් විතරක් ගෙන එනු ලැබේ. එක වර IT ගොඩක් ඔලුවට දමාගැනීම අපහසු කටයුත්තක් බැවිනි. මෙහි ඉදිරිපත් කර තිබෙන English වචන වලට ද දැඩි අවධානයක් ලබා දීම ද සිදුකල යුතුය.

සුභ දවසක්..!

සටහන : ඕෂධී සම්මානි
තෙවන වසර 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්ව විද්‍යාලය 
ශ්‍රීපාලි මණ්ඩපය

Comments