සංස්කෘතිය තුළින් ගොඩනැඟුණු අන්තර් සංස්කෘතිය

ලෙස්ලි වයිට් ප්‍රකාශ කර තියෙන පරිදි සංස්කෘතිය වනාහි සංකේතාත්මකවූත්, අඛණ්ඩවූත්, අළුතින් දේවල් එකතු කර ගන්නාවූත් %ගතිශීලී ක්රියාදාමයකි වර්තමාන සමාජය අතිශය සංකීර්ණ වූවක්. මෙම සංකීර්ණත්වයට ආර්ථික, සමාජීය, දේශපාලනය යන සාධක බලපා තියෙනවා. ඊට අමතරව භූගෝලීය සාධක මෙන්ම සංක%මණ, ආක%මණ වැනි හේතූන්ද බලපා තියෙනවා. වර්තමාන සමාජයේ සංස්කෘතික ස්වභාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී භාෂා රටාව, ඇදහලි හා විශ්වාස, සිරිත් විරිත් මෙන්ම ඇඳුම් පැළඳුම්වල වෙනස්කම් සිදු වී ඇත්තේ පවතින සමාජයට අනුකරණය වීමක් ලෙස බව පෙනී යනවා. මේ අනුව අපගේ සියළු ක්‍රියාකාරකම් හා සිතුම් පැතුම් සංස්කෘතිය මත තීරණය කෙරෙනවා. අපි සියළු දෙනාම සමාජය තුළ පිළිගත් ජීවන රටාවකට අනුව හැඩගැසී සිටින අය. මේ හැඩගැස්ම හෙවත් හැදියාව සංස්කෘතිය කියලා හදුන්වනවා. පුද්ගලයෙකු වශයෙන් උපතේ සිට මරණය දක්වා අපි හැසිරෙන්නේ එකිනෙකාට උරුම වූ සංස්කෘතියකට අනුව වෙනවා. ඒ අනුව ජන සමාජයේ දක්නට ලැබෙන සියළුම බලවේග මෙහෙයවන ලක්ෂණ සංස්කෘතියට අයත් වෙනවා.

සංස්කෘතිය යන පදය නිර්මාණය වෙලා තියෙන්නේ ඉංගී%සියේ යෙදෙන Culture නමැති වදනට අනුරුපීව. මානව චර්යාව එනම් වාචික හා වාචික නොවන නිෂ්පාදන ඇතුළත් භෞතික නොවන සංස්කෘතිය අදාළ කරගත් සියල්ල පොදුවේ සංස්කෘතිය ලෙස සැලකෙනවා. එහෙත් සංස්කෘතිය යන පදය විවිධ අවස්ථාවල නොයෙකුත් අර්ථ නිරූපණය කරනවා. මෙහිදී ජීවන රටාව මෙහෙයවන ආර්ථික චර්යාවසමාජ චර්යාවදේශපාලන හා ආගමික චර්යාව, විනෝද කටයුතු ආදී මේ සියල්ලම සංස්කෘතිය තුළින් විද්‍යමාන වෙනවා. සංස්කෘතිය යන සංකල්පය සමාජ විද්‍යාව තුළ මෙන්ම මානව විද්‍යාව තුළ ඉහළ වටිනා කමක් උසුලන හා සාකච්ඡාවට ලක් වෙන වැදගත් සංකල්පයක් ලෙස හදුන්වන්න පුළුවන්. සෑම සමාජයකටම ආවේනික වූත් අනන්‍යය වූත් සංස්කෘතියක් තියෙන අතර එය අවියෝජනීය සාධකයක් වෙනවා. මානව විද්‍යාවේ පියා ලෙස හදුන්වන ඉංග්‍රීසි ජාතික එඩ්වඩ් ටේලර් විසින් 1873 දී සංස්කෘතිය යන්න නිර්වචනය කරන ලද්දේමානව සමාජයන් අතර ඇති වෙනස්කම් ලෙස යි. එඩ්වඩ් ටේලර් ගේ නිර්වචනයට අනුව සංස්කෘතිය යනු දැනුමවිශ්වාස, ඇදහිලිකලාවනීතියආචාරධර්මසිරිත් විරිත් සහ මිනිසා විසින් සමාජ සත්වයෙකු ලෙස අත් කර ගන්නා ලද අනෙකුත් හැකියාවන් සහ උපාංග පිළිබඳ හදාරනු ලබන සංකීර්ණ ඒකකයකි.  මෙම සියලූ උපාංග මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ ඉතිහාසය පුරාවට නොනවතින කි%යාදාමයක් තුළ නිරන්තර සංවර්ධනයට ලක්වූ ඒවා වෙනවා.

සංස්කෘතික අධ්‍යනය කියන්නේ, විවිධ සමාජවල සංස්කෘතික ප්‍රබවය අධ්‍යයනය කිරීමට භාවිත කෙරෙන අතිශය සංකල්යවාදී අධ්‍යයනයක්. එහිදී ස්ත්‍රීවාදී න්‍යාය, සමාජ න්‍යාය, දේශපාලන න්‍යාය, ඉතිහාසය, දර්ශනය, සාහිත්‍ය න්‍යාය, මාධ්‍ය න්‍යාය , චිත්‍රපට හා වීඩියෝ අධ්‍යයනය, සන්නිවේදන අධ්‍යයනය, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, කෞතුක හා කලා විචාරය යන විෂය ක්ෂේත්‍ර ගණනාවකින් සම්බන්ධව ඇති අයුරු හදුනාගන්න පුළුවන්. මේ සංස්කෘතික අධ්‍යයනයේදී යම් සංස්කෘතියක් තුළ විවිධ අර්ථ උත්පාදනය කරන, ඒවා සමාජය පුරා විසුරුවා හරින, එමෙන්ම නැවත %ති නිෂ්පාදනය කරන සමාජයේ ඇති විවිධ ව්‍යවහාරයන්, භාවිතයන්, විශ්වාසයන්, ආයතන සහ දේශපාලන, ආර්ථික හා සමාජීය ව්‍යුහයන් මොනවාද යන්න හඳුනා ගැනීමට උත්සාහ ගන්නවා

අන්තර් සංස්කෘතිය ලෙස හදුන්වනු ලබන්නේ  විවිධ සංස්කෘතික පසුබිම්වල පුද්ගලයන් හා සමාන අයුරින් එකිනෙකා අතර හුවමාරු කරගන්නා ආකාරය හා සංස්කෘතීන් හරහා සන්නිවේදනය කරන ආකාරය දෙස බලනු ලබන අධ්‍යයනය ක්ෂේත%යක්.

මෙහිදී තම නිර්මාණකරනයේ දී අන්තර් සංස්කෘතිය ප්‍රබල යොදාගත් පුවත්පත් කලාවේදියෙකු මාධ්‍යවේදියෙකු මෙන්ම දේශපාලන විචාරකයෙකු ද ලෙස වික්ටර් අයිවන් මහතා හදුන්වාදිය හැකි ය. එතුමා සිය නිර්මාණකරනයේ දී අපූර්ව ආකාරයෙන් යොදාගෙන ඇත්තේ දේශපාලන සංස්කෘතිය බව හෙලි වෙනවා. එතුමා සිය නිර්මාණකරනයේ දී දේශපාලන සංස්කෘතිය යොදාගත් ආකාරයත් සදහා උදාහරණත් විමසා බැලිම තුළින් එතුමා ගේ නිර්මාණකරනයේ උසස් බව මනාව ගම්‍ය වෙනවා

සංස්කෘතිය තුළින් ගොඩනැඟුණු අන්තර් සංස්කෘතිය වනාහි අද ලොව පුරා විහිදී යන්නක්. විවිධ සංස්කෘතීන් තුළ පවත්නා විවිධත්වය නොතකමින් එක් එක් සංස්කෘතීන්ට හැඩගැසීම අන්තර් සංස්කෘතිය කියලා හදුන්වන්න පුළුවන්.

මේ සදහා උදාහරණයක් ගතහොත් ලාංකීය ජනතාව ඉන්දියානු ඇඳුම් විලාසිතාවලට හැඩ ගැසී තියෙනවා. ඊට අමතරව තවත් ආකාරයට එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියක පවත්නා සිරිත් විරිත්, ඇදහිලිවලට %මයෙන් ඇදීයාමක් දක්නට ලැබෙනවා. තුළ දක්නට ඇත්තේ අන්තර් සංස්කෘතියක් ගොඩනැඟීම යි. මෙහිදි අනුකරණය වීමක් දක්නට ලැබෙනවා යන්න පැවසීම වරදක් නෑමෙම අන්තර් සංස්කෘතිය බිහිවීමට දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලය බලපා තියෙනවා. ගෝලීයකරණයේ %තිඵලයක් වශයෙන්ද ලොව පුරා අන්තර් සංස්කෘතියට මිනිසා %මයෙන් හැඩගැසීමක් දක්නට තියෙනවා. එකී හැඩගැසීම තුළ ලාංකීය ජනතාව තමන්ට ආවේණික සංස්කෘතික ගති ලක්ෂණයන්ගෙන් ඔබ්බට යමින් අන්‍ය සංස්කෘතික ලක්ෂණ තම ජීවිතවලට ඈඳා ගැනීමක් දකින්නට පුළුවන්.


අනුව භාෂාවෙන් ඔබ්බට ගිය නිර්මාණකරුවා නව නිර්මාණකරණය තුළින් අන්තර් සංස්කෘතිය හුවා දැක්වීම ට මහත් වෙහෙසක් දරනවා. ඔස්සේ ගීතයට, නර්තනයට, සිනමාවට ආදී බොහෝ කලා ක්ෂේත%යන්ට අන්තර් සංස්කෘතික ලක්ෂණ අන්තර්ගත කිරීම දැක ගන්න පුළුවන්. විශේෂයෙන් ලාංකීය ජනතාව තම සංස්කෘතික ලක්ෂණයන්ට හැඩගැසෙමින් අන්තර් සංස්කෘතික ලක්ෂණයන්ට හැඩගැසුණේ දකුණු ඉන්දියාවේ සංස්කෘතික ලක්ෂණයන් අනුකරණය කරමින්. එදා සිට අද පවත්නා තත්ත්වය දෙස බලන කල්හි එය මනාව තහවුරු වෙනවා.

වැඩකරන ජනතාවගේ සංස්කෘතියවැඩ කරන ස්ථානයේ වැඩ සංස්කෘතිය සහ අනිකුත් සංස්කෘතීන්වල කි%යාකාරී සහභාගිකයා බවට පත්වෙන හෝ සෙමින් ඉවත්ව යන අතරඑය දිනපතා නිරාවරණය වන බහුතර සංස්කෘතිය මුල් සංස්කෘතිය හා ගැටුමක් ඇති කරගන්නවා. සංස්කෘතික ගැටුම් සිදුවන්නේ ඔවුන්ගේ සංස්කෘතිය අන් අයට වඩා හොඳ යැයි විශ්වාස කරන පුද්ගලයින්ගේ %තිඵලයකින්. අද වෙද්දි අන්තර් සංස්කෘතික සන්නිවේදනය විවිධාකාර ශාස්ත%ලික විනයකින් බලපෑමට ලක්ව තියෙනවා. පුද්ගලයන් හෝ කණ්ඩායම් අතර ඇතිවන ගැටුම්වලට තුඩු දිය හැකි වැරදි වැටහීමක් වැළැක්වීම සඳහා එය අවශ්‍ය වෙනවා. විවිධ සංස්කෘතීන් දෙකක පුද්ගලයන් දෙදෙනෙකු එකිනෙකා මුහුණට මුහුණලා කතා කිරීම වෙනස් වෙන්න පුළුවන්. එසේ වෙන්නේ ඔවුන් ට එකිනෙකට වෙනස් සංස්කෘතික පසුබිමක් ඇති නිසා. සංවාදයේ භාවිතා කරන %මයන් ගැන කථිකයින් දෙදෙනාම දැනුවත්ව ම අන්තර් සංස්කෘතික සන්නිවේදනය වඩාත් කාර්යක්ෂම සහ පහසු කර ගන්න පුළුවන්.

ඊළග ලිපියෙන් ඉක්මනට හමුවෙමු. එතකන් පරිස්සමට ගෙදරටම වෙලා ඉන්න.
ජය....!  

සටහන : නවෝද්‍යා ගමගේ 
සිව්වන වසර
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්ව විද්‍යාලය 
ශ්‍රීපාලි මණ්ඩපය



Comments

  1. එඩ්වඩ් ටේලර් කියන්නෙ කවියෙක්. එඩ්වඩ් බර්නෙට් ටයිලර් තමා මානව විද්‍යාඥයෙක් විදිහට මේ සංස්කෘතිය කියන එක නිර්වචනය කලේ

    ReplyDelete

Post a Comment