සන්නිවේදනය හදුන්වාදීම


සරලවම ගත්තොත් සන්නිවේදනය කියන්නේ මොකක්ද ? එක එක්කෙනාට මේ සදහා විවිධ අර්තකතන දෙන්න පුලුවන් . නමුත් සන්නිවේදනය කියන සක්කල්පය සරලවම ගත්තොත් "තොරතුරු හුවමාරු කරගැනීමේ ක්‍රියාවලිය කියලා අපිට හදුනා ගන්න පුලුවන් (Information transmission )

මේක තව ටිකක් ගැඹුරු විදියට පහැදිලි කරගත්තොත්
"යමෙක් යම්කිසි පනිවිඩයක් යම්කිසි මාධ්‍යක් උපයෝගී කර ගනිමින් යමෙකුට යම්  බලපෑමක් ඇති කිරීම සදහා කරනු ලබන ක්‍රියාවලියයි"
                 
මානව සමාජය ආරම්භ වූ දිනයේ ඉදලාම මේ සන්නිවේදනය පවතිනවා. සන්නිවේදනය කියන්නේ පුද්ගල බද්ද ක්‍රියාවලියක් වෙනවා වගේම ජීව විද්‍යාත්මක අකන්ඩ සංකල්පයක්. මේක කොච්චර වටිනවාද ජීවීන්ගේ පැවැත්මට කියලා තේරුම් ගන්න මන් ඔබට පොඩි උදාහරණයක් කියන්නම්. ඔයාට කවුරු හරි කියනවා කිසිම ආකාරයකින් සන්නිවේදනය නොකර ඉන්න කියලා විනාඩි කීපයක් ඔබට ඒක කරන්න පුලුවන් වෙයිද?
  
 සන්නිවේදනය කියන්නෙ භාෂා භාවිතා කරමින් තොරතුරු හුවමාරුවේ යෙදීම විතරක්ම නෙවෙයි. සන්නිවේදනය ප්‍රදාන වශයෙන්ම කොටස් 2 ක් තියෙනවා .

                   1. වාචික සන්නිවේදනය (Verbal Communication)
                   2. අවාචික සන්නිවේදනය (Non verbal communication)

මුලින්ම මිනිස්සුන්ට තොරතුරු හුවමාරු කරගන්න ක්‍රමවත් භාෂාවක් තිබ්බේ නෑ . ඔවුන් ඒ සදහා විවිධ නිර්වාචික ක්‍රම උපායන් භාවිතා කලා . මානවයාගේ අතීතය ගැන කතා කරද්දි අපි දන්නවා ඉස්සෙලාම මිනිස්සු උන්නේ ගල් ගුහා වල . හිතට දැනෙන යම් යම් දේවල් අනෙකා සමග හුවමාරු කරගන්න මොවුන්ට විශාල අවශ්‍යතාවක් මතු වෙනවා. මිනිස්සු මුලින්ම සන්නිවේදනය කලා කියන්නේ මෙකී ගල් ගුහාවල චිත්‍ර හා රේඛා සටහන් ඇදලා .ඒවට නිදසුන් තමා
                           1.ප්‍රංශයේ ලැස්කෝ
                            2.ස්පාඤ්ඤය ඇල්ටමීරා කියන ගුහා චිත්‍ර කලාවන්.
   
මිනිස්සු ටික ටික මානසික වශයෙන් දියුණුවට පත් වෙනකොට ඔවුන්ටම සන්නිවේදනය කිරීම සදහා භාෂාවක අඅවශ්‍යතාව මතු වෙනවා.ඕනෑ එපාකම් වැඩි වෙනකොට මිනිස්සු සංකීර්ණ වෙනකොට අර කීව නිර්වාචික සන්නිවේදනය ප්‍රමානවත් වෙන්නේ සන්නිවේදනය සදාහා.ඉන් පසුව මිනිසා භාෂාවක් සෙවීමට පෙලබෙනවා . ඒ ක්‍රියාවලිය සදහා මිනිස්සු ස්වභාවික පරිසරයේ විවිධ හඩවල් උපයෝගී කරගන්නවා.

               1.සතුන්ගේ හඩ
               2. ගල් පෙරලෙන හඩ
               3. සුලගේ හඩ
              4.අතු රිකිලි කැඩෙන හඩ  මේවා කීපයක් .ඔය කියන ශබ්ද අනුකරනය මරමින් මිනිස්සු ප්‍රතමික භාෂාවක් නිර්මානය කරගන්නවා. කතාකරන්න භාෂාවක් නිර්මානය කරගත්ත ඔවුන් හෝඩියක් නිර්මානය කරගෙන අකුරු නමින් සක්කේත නිර්මානය කරගන්නට වෙනවා. ඉන් පසුව සන්නිවේදනය සදහා මැටි පුවරු වල ලිවීම් ආදිය පටන් ගන්නවා.

සන්නිවේදන ක්‍රියාවලිය විකාශනයේදී  මම මුලින් කතා කරපු සම්ප්‍රදායික සන්නිවේදනය කියන සංකල්පය බිහිවිම සන්නිවේදන ක්‍රියාවලියේ තීරනාත්මක පියවරක් කීවොත් නිවැරදී. ඒ සදහා නිදසුන් දැන් ඔබ දන්නවා . 
       
සන්නිවේදනය හදුනාගැනිම සහ එහි විකාශනය ගැන කතා කරද්දි අපිට චීන ජාතික සායිලූන් අමතක කරන්න බෑ . ඔහු තමයි සන්නිවේදනයේ ප්‍රබල හැරවුම් ලක්ශයක් උනු කඩදාසිය සොයා ගන්නේ. ඉන් පසුව සන්නිවේදන ක්‍රියාවලිය සදහා තාක්ෂණය උපයෝගී කරගන්නවා. ජොහැනස් ගූටන්බෙග් විසින් මුද්‍රණ යන්ත්‍රය සොයා ගන්නවා. මේවා ඔබට ඉතාම වැදගත්.

                                   ඉන්පසුව ජනමාධ්‍ය බිහි වෙනවා.

                                      1. මුද්‍රිත මාධ්‍ය
                                  2. විද්‍යුත් මාධ්‍ය විදියට ප්‍රධාන වශයෙන් කොටස් 2යි. පසුව නූතන මාධ්‍ය , නව මාධ්‍ය දක්වා සන්නිවේදන ක්‍රියාවලිය අද වන විට පෝෂණය වෙමින් ඉදිරියට එමින් පවතින්නේයි.


වැදගත් ..........
1   " සන්"යන පදය තුලින් සන්දේශය , සන්නස, පනිවිඩය යන අර්ත ජනනය කරන අතර " නිවේදනය " යන්නෙන් දැනුම් දීම,පැහැදිලි කිරීම ,තේරුම් ගැනීම යන අරුත් නිශ්පාදනය කරයි.

2. Communication  යන්න ලතින් භාෂාවෙන් නිර්මානය වූ වචනයකි. මෙහි අර්ථය පොදු බවට පත් කිරීම යන්නයි.

3.සන්නිවේදනය කවදා කොතනින් කෙසේ ආරම්භ වූවාද යන්න කිසිවෙක් නොදනී.

( මෙම ලිපියේ තවත් දිගුවක් බලාපොරොත්තු වන්න)


සුභ දවසක්..!

සටහන : මාධව ජයසිංහ 
තෙවන වසර 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්ව විද්‍යාලය 
ශ්‍රීපාලි මණ්ඩපය

Comments