මාධ්‍ය බාධක

සන්නිවේදනය ලෙස සරලවම හදුන්වනු ලබන්නේ තොරතුරු හුවමාරු කිරීමේ ක්‍රියාවලියකි.මෙකී සන්නිවේදනය තුලදී දැකිය හැකි මූලිකාංග අතර සන්නිවේදන බාධාක වලට වැදගත් තැනක් හිමිවේ.

ඕනෑම සන්නිවේදන වර්ගීකරණයක, විධියකදී රටාවකදී ම මෙම සන්නිවේදන බාධක මතු විය හැකිය. සරලවම සන්නිවේදන බාධාවක් ලෙස හදුන්වන්නේ සන්නිවේදකයා විසින් ග්‍රාහක ගතකරන සන්දේශය නිවැරැදි ව ග්‍රාහක ගතවීමට නොහැකිව සිදුවන සියලු අවහිරතාවයන්‍ ය.

එම බාධාවන් නිසා සන්නිවේදන ක්‍රියාවලියට පහත බලපෑම් ඇතිවිය හැකිය.

 1සන්නිවේදනය අසාර්ථක විය හැක
2  අකාර්යක්ෂම විය හැක. 
3 සන්නිවේදනයේ අරමුණු ඉටු නොවිය හැක.
4 ග්‍රාහකයාට පණිවිඩය නොලැබීමට හැක
5 පණිවිඩය ලැබුණද එය නිවැරැදිව වටහා ගත නොහැකි විම.

සන්නිවේදයේ දී මෙම බාධාවන් විවිධ ස්වරූපයෙන් දැකිය හැකිය. අර්ථ බාධක,
 යාන්ත්‍රික බාධක ,පාරිසරික බාධක ,ශාරීර හෝ මානසික බාධක ආදී බාධක වර්ග රැසක් පැවතුනද අධ්‍යනයේ පහසුව සදහා වර්තමානයේ මෙම සියලු බාධක ඇතුලත් වන  පරිදි සන්නිවේදන බාධක ප්‍රදාන වර්ග 2ක් ඔස්සේ අධ්‍යනය කරයි. එනම්

1අර්ථ බාධා 
2 මාධ්‍ය බාධා 

1අර්ථ බාධා
   සන්වේදකයා විසින් ග්‍රාහකයාට ලබා දෙන පණිවුඩයේ අර්ථ නිවැරැදිව අවබෝධ කරගැනීමට නොහැකිව අර්ථයට එල්ලවන බාධාවන් වේ. මෙය සිදුවන ආකාරය අනුව වර්ග 2ක් දැකිය හැකිය.

* සන්නිවේදකස්ථානයේ අර්ථ බාධා 
 ග්‍රාහකයා කෙතරම් දක්ෂ උවත් ග්‍රාහකයාට අවබෝධ වන පරිදි පණිවුඩයේ අර්ථ සන්නිවේදන කිරීමට සන්නිවේදකයාට නොහැකිව සිදුවන අවහිරතාවයන්‍ සන්නිවේදකස්තානයේ බාධා වේ.

* ග්‍රාහකස්ථානයේ අර්ථ බාධා
  
සන්නිවේදකයා කෙතරම් හොදින් පණිවුඩය සන්නිවේදන කලද එහි අර්ථය ග්‍රාහකයාට අවබෝධ කරගැනීමට නොහැකි වීම ග්‍රාහකස්ථානයේ අර්ථ බාධා වේ. 
           සන්නිවේදකයාගේ හා ග්‍රාහකයාගේ ඇති භාෂා විෂමතාව, අධ්‍යාපන විෂමතාව ,සංස්කෘතික විෂමතා,විවිධ  වයස් මට්ටම්, ශාරීරික දුබලතා ආදිය අර්ථ බාධා සදහා බලපායි.

2 මාධ්‍ය බාධා 
සන්නිවේදකයා විසින් ග්‍රාහකයාට සංදේශ සම්ප්‍රේෂණය කිරීමට භාවිතා කරන මාධ්‍යට එල්ලවන අවහිරතා මාධ්‍ය බාධා වේ.

- සන්නිවේදකයාගේ උගුරේ ඇතිවෙන අපහසුතා
- රූපවාහිනී ගුවන්විදුලි  භාවිතයේදී විදුලි ඇනහිටීම
- ගුවන්විදුලි නිවැරැදිව සුසරනොවීම 
- පුවත්පතක තීන්ත විසිරී තිබීම
-දේශනයක් අතරතුර භාහිර පරිසරයෙන් එල්ලවන ශබ්ද 
-දුරකථන විසන්ධි වීම

ආදිය මාධ්‍ය බාධක වලට උදාහරණවේ.

 කෙසේ නමුත් සාර්ථක සන්නිවේදකයකු විසින් කළ යුත්තේ එම බාධක අවම කරගෙන සන්නිවේදනය සිදු කිරීමයි.


සටහන : පුබුදු ලක්මාල්
ජනමාධ්‍ය අධ්‍යනාංශය 


ආදි විද්‍යාර්ථ 
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය.

Comments