ගුවන්විදුලිය පරිකල්පනමය මාධ්‍යක් කියන්නෙ ඇයි?

මීඩියා ඉගෙනගන්න එන ඕනිම කෙනෙක් ෆස්ට් ඉයර් ෆස්ට් සෙම් එකේදි මූලිකම දේවල් ඉගෙනගන්න ඕනි. ටීවී එක, පුවත්පත්, ගුවන්විදුලිය ඒ අතරින් මූලික වෙනවා. මම අද කියන්න යන්නෙ හරිම පොඩි කතන්දරයක්. හැබැයි මේ පොඩි පොඩි කතන්දර දැනගෙන ඉන්න එක ඔයාට ගොඩක් වැදගත් වෙයි.

ගුවන්විදුලිය කියන්නෙ පරිකල්පනමය මාධ්‍යක්.ඒ කිව්වෙ? පරිකල්පනය කියන්නෙ අපිට සිතින් චිත්ත රූප මැවීමේ හැකියාව තියෙනවා කියන එක. තේරුනේ නැත්නම් තව ටිකක් පැහැදිලි කරගමු.

ගුවන්විදුලිය  කියන්නෙ දෘශ්‍ය මාධ්‍යක් නෙවෙයි .ඒ කියන්නෙ අපිට බලන්න කියවන්න දේවල් ගුවන්විදුලියෙ නෑ. ගුවන්විදිලිය කියන්නෙ ශ්‍රව්‍ය මාධ්‍යයක්. අපිට අහගෙන ඉන්න තමයි තියෙන්නෙ. මෙහෙම අහගෙන ඉන්නකොට ඒ කියන දේවල් අපේ කන හරහා මොලයට යනවා. එතකොට අපි ඒ කියන දේවල් සිතින් මවා ගන්නවා.

උදාහරණයක් කියන්නම්. ගුවන්විදුලියෙ යන ගුවන්විදුලි නාට්‍යක් ගැන හිතන්න. ඒකෙ කුරුල්ලන්ගෙ සද්දෙ, අඩි සද්දෙ , හුළගෙ සද්දෙ ඇහෙනකොට අපි දන්නවා මොකද වෙන්නෙ කියලා. රණ්ඩුවක් යනවා නම් අපිට ඒක මැවිලා පේනවා. ටීවී එකේ නම් ශබ්ද වලින්ම අදාල සිදුවීම කියන්න ඕනි වෙන්නෙ නෑ. ඇවිදගෙන එනවා නම් ඇවිදගෙන එන රූපරාමුවක් පෙන්නන්න පුලුවන්. ගුවන්විදුලියෙ එහෙම බෑ. ශබ්ද මගින් තමයි හැම දේම සිද්ධ වෙන්නෙ.

මේක පොඩි වචනයක් වුණාට හරිම වැදගත්. ඒක නිසා මේ වචනෙ ගැන ඔයා දැනගන්න එක වටිනවා. එහෙනම් සුබ දවසක්..!

සටහන : උදේනි පෙරේරා
ජනමාධ්‍ය අධ්‍යනාංශය
සිව්වන වසර
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය.

Comments