රූපවාහිනී මාධ්‍ය තාක්ෂණික ඉතිහාසය

මානව සංවර්ධනයත් සමඟම සන්නිවේදන ක්ෂේත්‍රයේ සිදුවූ තාක්ෂණික විපර්යාසයන් අතර 20 වන සිය වසේදී රූපවාහිනී මාධ්‍ය ආගමනය විශේෂ සංධිස්ථානයක් හැටියට සලකන්න පුළුවන්. ඊට කලින් ගුවන් විදුලි මාධ්‍යය ට ප්‍රබලත්වයක් හිමිව තිබුවත් දශක ගණනාවක සිට සිදු කරන ලද විවිධ අත්හදා බැලීම් වල ප්‍රතිඵලයක් ලෙස කැතොඩ කිරණ නල(Cathode Ray Tube) තාක්ෂණය යොදා ගනිමින් 1925 දී ස්කොට්ලන්ත ජාතික ජෝන් ලොගී බෙයාර්ඩ්(John Logie Baird) විසින් රූපවාහිනී යන්ත්‍රය ලොවට හඳුන්වා දුනි. ඉන් අනතුරුව, රූපවාහිනී මාධ්‍යය පද්ධතියක් වශයෙන් ව්‍යාප්ත වන්නට වූ අතර  සතුව පවතින සුවිශේෂීතා එනම් ශක්‍යතා එහි ජනප්‍රියභාවය කෙරෙහි සෘජුවම ඉවහල් වී ඇති බව හඳුනාගත හැකිය.

මෙසේ රූපවාහිනිය බිහිවීමට ලොව බොහොමයක් තාක්ෂණික සොයා ගැනීම් ඉවහල් උනා... කියල අපි ඉගෙන ගන්නවා.... ඉතින් අද අපි මේ ලිපියෙන් ඒවගේ රූපවාහිනිය බිහි වීමට බලපාපු තාක්ෂණික සොයා ගැනීම් ගැන කතා කරමු....
  • 11 වන සියවසේදී පමණ චීන ජාතිකයන් විසින් කිසියම් වස්තුවක සෙවණැල්ලක් විශාල තිරයක් මතට ප්‍රක්ෂේපණය කිරීමෙන් චලන සිතුවම් මැවීමට උත්සාහ ගත්තේය.(Shadow Movies)

  • 1845 දී ඇතැමේසියස් රේචර් නම් පූජකවරයා විසින් ජායාරූපය හරහා එලියක් යැවීමෙන් එය විශාල තිරයක් මතට ප්‍රක්ෂේපණය කිරීමේ ක්‍රමයක් ලෙස මැජික් ලන්තෑරුම සොයා ගැනීම.
  • ස්වභාවික ලෝකය අයුරින්ම පිටපත් කිරීමට හැකි ක්‍රමයක් ලෙස ලියනාඩෝ ඩාවින්චි( Leonardo da Vinci) විසින් කැමරා ඔබ්ස්ක්‍යුරාව(camera obscura) නිපදවීම.

  • ඔබ්ස්ක්‍යුරා යන්ත්‍රය කුඩා කරමින් Pinhole Camara නිපදවීම

  • හිරු එළියෙන් රූප ඇඳීමේ ක්‍රමයක් ලෙස ජෝසප් නිසපෝර් නීප්සෙ(Joseph Nicphore nipce-(1765-1833) විසින් 1826 දී හේලියෝ ග්‍රැෆි(Heliography) ක්‍රමය හඳුන්වා දීම.


  • 1865 වර්ෂයේදී ජූලියස් මරේ(Jules Marey) නැමාත්තා විසින් කැමරා තුවක්කුව(Photographic Rifle) නිපදවමින් ජායාරූප සමූහයක් කිසියම් වේගයකට අනුව චලනය කරමින් එහි චලනීය ස්වරූපය අධ්‍යයනය කිරීම .

  • 1891 දී තෝමස් අල්වා එඩිසන්(Thomas A. Edison) විසින් කිනටෙස්කෝප් (Kinetoscope)යන්ත්‍රය නිපදවීම මෙය එක් වරකට එක් අයෙකුට පමණක් නැරඹිය හැකි ප්‍රක්ෂේපණ යන්ත්‍රයකි. 

  • පසුව එය W.K.L. Dickson සහ Herman Casler විසින් එය වැඩි දියුණු කර මියුටෙස්කෝප් (Mutoscope) යන්ත්‍රය නිපදවීය. එමඟින් එකවර කිහිප දෙනෙකුට දර්ශන නැරඹිය හැකි විය.

  • 1895 දී ලුමියර් සහෝදරයින්(Lumiere Brothers) Cinamatography ක්‍රමය සොයා ගැනිනි.එහිදී ඔවුන් සිමාවට නැඟුවේ සිය කර්මාන්ත ශාලාවකින් සවස පිටව යන සේවක පිරිසකගේ දසුනකි. මෙය සිනමාවේ මූලාරම්භයයි.

  • 1883 දී ජර්මනියේ පෝල් නිප්කොව් (Paul Nip Kow) විසින් Scanning disc ක්‍රමවේදය මඟින් රූප පද්ධතියක් විසුරුවා හැරීමේ හැකියාව ලැබුණි. මෙය ප්‍රක්ෂේපණ යන්ත්‍රයකින් ඒහා ගිය මුල්ම රූපවාහිනී අත්දැකීමය. 


  • වීදුරු සිලින්ඩරයක් ඇතුළත විදුලි ආලෝකයක් වරින් වර දල්වා දර්ශන මැවිය හැකියැයි ඇමෙරිකානු විද්‍යාඥයෙකු වූ ජූලියස් ප්ලාකර් (Julius plucker)අදහස් ඉදිරිපත් කළේය මෙය කැතෝඩ කිරණ නල(Cathode Ray Tube) තාක්ෂණය යි. 


  • 1923 දී ව්ලැඩ්මිර් වොරිහින්(Vladimir Kosma Zworykin) විසින් ඉකොනොස්කෝප් (Iconoscop) නලය සොයා ගැනීම.


  • කෙසේ වෙතත් රූපවාහිනිය හා සම්බන්ධ ස්වර්ණමය අත්දැකීම එකතු කරන්නේ 1925 දී ස්කොට්ලන්ත ජාතික ඉංජිනේරුවෙකු වූ ජෝන් ලොගී ‍බෙයාර්ඩ් (John Logie Baird)විසිනි. 


  • ඔහු විසින් රූපවාහිනී තිරයේ පෙන්වන ලද මුල්ම රූපය වන්නේ බෝනික්කෙකි. රූපවාහිනී තිරයේ පෙ‍නී සිටි මුල්ම මිනිසා ලෙස හිමිකම් කීවේ වෙන්ටන් නැමැති මෙහෙකාර ළමයාය. 


    මේ විදියට රූපවාහිනී මාධ්‍ය තාක්ෂණික ඉතිහාසයේ වැදගත් සොයා ගැනීම් කිහිපයක් සාරාංශ කරල දක්වන්න පුළුවන්... මීට අමතරව තවත් බොහොමයක් සොයා ගැනීම් හා සිදු වීම් ලෝක රූපවාහිනී ඉතිහාසය අධ්‍යයනයේදී අපට හමුවෙනවා..  ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් වැඩි දුරටත් ඔයාලගෙ දැනුමට එකතු කර ගන්න....මං හිතනවා ඔයගොල්ලන්ට මේ ලිපිය ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල.... ඉතින් මේ දිනවල අපේ රටේ වගේම මුළු ලෝකයේම කොරෝනා වසංගතය නිසා ජන ජීවිතය අඩාල වෙලා තියෙන මොහොතක අපිටත් ජීවිත බේරගන්න ගෙදරට කොටු වෙලා ඉන්න වෙලා තියෙනවා ඉතින් මේ කාලය නිකන්ම ගෙවිල යන්න දෙන්නෙ නැතුව එකෙන් ප්‍රයෝජනයක් ගන්න.... දැනුමට යමක් එකතු කරගන්න.... 
ඉතින් අයෙත් මේ වගේ තවත් ලිපියකින් ඔයගොල්ලන්ව හම්බවෙන්නන්..... ඔයාලට සුභ දවසක්!!!

ඩිලින පැතුම්
තෙවන වසර
ජනමාධ්‍ය අධ්‍යයනාංශය
ශ්‍රීපාලි මණ්ඩපය - කොළඹ විශ්වවිද්‍යාලය

Comments