සාම්ප්‍රදායික මාධ්‍ය

සන්නිවේදනය නැත්නම් communication මානව සමාජයේ පැවැත්ම සදහා අත්‍යාවශය සාදකයි වී හමාරයි. සන්නිවේදනය කියන සංකල්ප අපිට පැහැදිලි කරගන්න අපහසු නෑ . මානව සමාජය ආරම්භයේ ඉදලාම මිනිස්සු සන්නිවේදනය කලා. ඒ සන්නිවේදනය සදහා මමිනිස්සු විවිධ ක්‍රමවේදයන් භාවිතා කරලා තියෙනවා. තාක්ෂණය (Technology ) දියුණු නැති සමයේ මිනිසා තමාගේ අදහස් , තොරතුරු සම්ප්‍රේෂණය නැතිනම් හුවමාරු කරගැනීම සදහා භාවිතා කලේ සම්ප්‍රදායික සන්නිවේදනය එහෙම නැත්නම් Traditional Media තමයි.
    
 ඇත්තෙන්ම මේ සම්ප්‍රදායික සන්නිවේදනය කියන්නේ මොකක්ද ? මානව සමාජය බිහි උන යුගයේ මිනිස්සුන්ට කතා කරන්න වාචික භාෂාවක් තිබුනේ නෑයි කියලා ඔබ දන්නවා . ඒ යුගයේ මිනිසාගේ සිතේ ඇති වූ අදහස් ප්‍රකාශ කරන්න මිනිස්සු කලේ අවාචික සන්නිවේදනය . ඒ ආරම්භක අවදියේ ඉදලා නූතන මාධ්‍ය ( පුවත්පත්, ගුවන්විදුලිය , රූපවාහිනීය) බිහි වීම දක්වා අපේ මිනිස්සු සන්නිවේදනය කරන්නේ සම්ප්‍රදායික සන්නිවේදනය භවිතයෙන් තමයි.

මේ සසංකල්ප තව දුරටත් අපි විස්තර කරගත්තනම් හොදයි. මුලින්ම අපි කතා කරමු මේ සම්ප්‍රදායික සන්නිවේදනය තුල මිනිසා අදහස් තොරතුරු සංජානනය කරගත්තේ කොහොමද කියලා.  ඔබේ අද්‍යනයේ පහසුවට මම මේකට උදාහරණ සපයනවා.මූලික යුගය තුල මිනිස්සු සම්ප්‍රදායික සන්නිවේදනයේ යෙදෙන්න භාවිතා කලේ බොහොම සරල දේවල් උදාහරණ විදියට,

  • කොල අතු එල්ලීම
  • දුං ගැසීම
  • හූව
  • ඊතල විදීම
  • සිනහව
  • සතුන් මගින් සන්දේශ යවීම
  • විවිධ කෙම් ක්‍රම භාවිතය
  • යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්


දැන් අපි බලමු මේවා කොහොමද ප්‍රායෝගිකව හා ග්‍රාගකයාට සමාජයට ප්‍රයෝජනවත් වන ආකාරයට භාවිතා කලේ කියලා. මේවට අමතරව පාහැය භාවිතා කිරීම කියන්නෙත් ප්‍රබල සම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමෝපායක්. නිවසක  අවමඟුලක් උනාම ඒක දැනුම් දෙන්න ගම්මුන්ට සුදු කොඩියක් නිවස ඉදිරි පිට දැම්මා.  ඒ වගේම  විරුද්ධත්වය පෙන්වීමට කලු ආදී වශයෙන් සාම්ප්‍රදායික සන්නිවේදන කලාව තුල වර්නය ඉතා ප්‍රබල සන්නිවේදන මෙවෙලමක් බවට පත් උනා.

මේ සාම්ප්‍රදායික සන්නිවේදන සංකල්ප තුල තිබෙනව ලක්ෂන කිහිපයක් . ඒ මොනවාද කියලා බලමු අපි දැන්.

1. සරල ආකෘතියක් පැවතීම .

ඕනෑම සන්නිවේදකයෙකුට , ග්‍රාහකයෙකුට තේරුම් ගැනීමට පහසු ක්‍රමවේදයක් සම්ප්‍රදායික සන්නිවේදනය සතු වෙනවා උදාහරනයක් ගත්තොත් බෝ වෙන රෝගයක් තිබෙන ගෙදරක මිනිස්සු කොහොඹ වගේ කොල අත්තක් තමාගේ නිවසේ ඉදිරිපිට ගම්මුන්ට පේන්න එල්ලුවා එය අපූරු සන්නිවේදන මාර්ගයක් උනා

2. බොහෝ විට සාක්ශරතාවක් අවශ්‍ය නොවීම

සාම්ප්‍රදායික සන්නිවේදනය තුල් සන්නිවේදකයාට හෝ ග්‍රාහකයාට ලොකු සාක්ශරතාවක් අවශ්‍ය වෙන්නෙ නෑ තමාගේ සංස්කෘතිකමය දැනුම තුලින් ග්‍රාගකයාට සංජානනය කරන්න පුලුවන් සන්නිවේදකයාගේ අරමුන කුමක්ද යන්න

3. යම් සාදක පිලිබව බියක් ආරූඪ කර තිබීම .

සාම්ප්‍රදායික සන්නිවේදනය බෙහෙවින් සංස්කෘතිකමය සංකල්පයක් වෙනවා . මේ තුල මානවයාට යම් යම් දෘශ්‍ය අදෘශ්‍යමාන දේ ගැන බියක් ඇති කරනවා .උදාහරණ ලෙස තොවිල් යාග ශාන්තිකර්ම ගන්න පුලුවන්

මීට අමතරව සම්ප්‍රදායික සන්නිවේදනය තුලට බලි තොවිල් , ශාන්තිකර්ම , යාග හෝම වැනි දේ අදල වෙනවා . මන්ද යත් ග්‍රාමීය ග්‍රාහකයාට තොරතුරු සම්ප්‍රේෂණය සදහා හැමවිටම ඔවුන්ට ගැලපෙන මාදිලි භාවිතා කල යුතුයි. එපමණක්ම නෙවෙයි  සම්ප්‍රදායික සන්නිවේදනය මිනිස්සු තුල විවිධ නිර්මාණාත්මක හා පරිකල්පනීය සාදක මවන්න සමත් වෙලා තිබීම වැදගත් කාරනයක් සරලවම කිවුවොත් නාට්‍ය , කවි  ,නවකතා, කෙටිකතා , චිත්‍රපට මේ කරුනට නිදර්ශන බවට පත්වෙනවා.

අවසාන වශයෙන් කෙතරම් ඉක්මනින් සන්නිවේදනය හා තාක්ෂණය එකතු වෙලා මේ ලෝකය ජය ගන්න උත්සාහ කරත් සම්ප්‍රදායික සමාජය අදත් විවිධ අවස්ථා වලදී හා නිර්මාණාත්මක කාර්‍යන් සදහා මෙන්ම අද්‍යන කටයුතු සදහා සම්ප්‍රදායික සන්නිවේදන සංකල්පය භාවිතා කරනු ලබනවා.

සටහන : මාධව ජයසිංහ 
ජනමාධ්‍ය අධ්‍යනාංශය
තෙවන වසර
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය.                             


පළමු පාඩම - මාධ්‍ය අභිසාරීතාවය - උදේනි පෙරෙර්රා


දෙවන පාඩම - මාධ්‍ය සාක්ෂරතාවය - මිතිලා පාඨලී සෙනෙවිරත්න 


Comments