මාධ්‍ය අභිසාරීතාවය.

මාධ්‍ය අභිසාරීතාවය.

මේ ලිපි සමූහය අපි ලියන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යානාශයේ පළමු වසර සහෝදරත්වය වෙනුවෙන්. පවතින අර්බුධකාරී තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාලයට ආගන්තුක ඔයා අතරමං නොවී අපි දන්න දෙයක් කියාදෙන්න හොදම මාර්ගය සහ හොදම විදිහ මේක කියලා අපි හිතුවා. හරි එහෙනම් අපි වැඩිය කතා නොකර පළවෙනි මාධ්‍ය ලිපියට යොමු වෙමු.

Mass media එහෙම නැත්නම් ජන මාධ්‍ය ඉගෙනගන්න එන අයට අලුත් වචන ගොඩක් දිනපතාම ඉගෙනගන්න වෙනවා. වෛද්‍යවරයෙක්ට තියෙන පාරිභාෂික පද වගේම මාධ්‍යවේදියෙක්ටත් පාරභාෂික පද සමූහයක් තිබෙනවා.

මාධ්‍ය අභිසාරීතාවය කියන්නෙ මොකක්ද ? මේ වචනෙ මමත් මුලින් ඇහුවෙ පළවෙනි වසරට ආවම. ඔයා තාමත් මේ වචන අහපු නැති කෙනෙක් වෙන්නත් පුළුවන්.. අපි මේ සාකඡාව සරලව අරගෙන ඉස්සරහට යමු.

මිනිසා උපන්නෙ කවදා සිටද එදා සිට අද වෙනකන් මිනිසා සන්නිවේදන සත්වයෙක්. මිනිසා යනු සන්නිවේදන සත්වයෙක් කියලා හැදින්වූවත් ඒකෙ වරදක් නෑ.

සන්නිවේදනය අධ්‍යනයේ පහසුවට අපිට සන්නිවේදනය ගලාගෙන එන විදිහ ප්‍රධාන ක්‍රම තුනක් යටතේ හදුන්වන්න පුලුවන්. ඒ තමයි,

1. සාම්ප්‍රදායික සන්නිවේදනය.
2. නූතන සන්නිවේදනය
3.  නව සන්නිවේදනය.

මේ සන්නිවේදන ක්‍රම තුන යටතේම,

1. සාම්ප්‍රදායික මාධ්‍ය
2. නූතන මාධ්‍ය
3. නව මාධ්‍ය 

කියන මාධය බිහි වී තිබෙනවා.

සාම්ප්‍රදායික මාධ්‍ය කියන්නෙ මිනිසාගේ පැවැත්ම ඇරඹුණ දා ප්‍රාථමික අවධියේදී භාවිතා කරන ලද මූලික සන්නිවේදන ක්‍රමයි. උදාහරණ විදිහට බෙර ගැසීම, හූ හඬ, දුම් යැවීම, කොඩි ක්‍රම වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. මේ සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම අදත් ඕන තරම් භාවිතා වෙනවා.

කල් යනකොට කාර්මික විප්ලවය, නාගරික විප්ලවය, පුනරුදයත් එක්ක තාක්ෂණය සම්බන්ධ වෙලා මිනිසා නව සොයා ගැනිම් කර තිබෙනවා. ඒකෙ ප්‍රතිපලයක් විදිහට රූපවාහිනිය, ගුවන්විදුලිය , පුවත්පත් වගේ මාධ්‍යන් හදුන්වන්න පුලුවන්.

එතැනින් නොනැවතී අන්තර්ජාලය ලොවට සම්ප්‍රාප්ත වීමත් එක්ක නව මාධයන්ගේ නැගී ඒම සියලුම මාධ්‍යන් අභිබවා නැගී එනවා. ඔබ මේ ලිපිය කියවන්නේත්, අපි ඔබ වෙනුවෙන් සිදු කරන මේ වැඩ පිලිවෙලට ඔබ සම්බන්ධ වෙන්නේත් නව මාධය නිසා.

පසු කාලීනව මේ මාධ්‍ය ප්‍රභේදයන්ගේ එකතුවීම් අපිට දැකගන්න ලැබෙනවා. එනම් මාධ්‍ය අභිසාරීතාවයයි. මාධ්‍ය අභිසාරීතාවය කියන්නෙ වෙන්ව පැවති මාධ්‍ය කිහිපයක් එක්ව සන්නිවේදන කටයුතු කිරීමයි.

උදාහරණයක් විදිහට රූපවාහිනියෙ විකාශනය වන ප්‍රවෘත්ති යූටියුබ් සමාජ මාධ්‍ය හරහා නැරඹීම මාධ්‍ය අභිසාරීතාවයයි. පුවත්පතක තියන සම්මුඛ සාකච්ඡාවක් වෙබ් පිටුවකින් කියවීම මාධ්‍ය අභිසාරීතාවයයි.

”මාධ්‍ය අභිසාරීතාවය යනු තොරතුරු ඒකරාශී කිරීම හා බෙදා හැරීම සදහා විවිධ උපකරණ හා මෙවලම් ඒකරාශී විමයි යනුවෙන් හෙන්රි ජෙන්කින්ස් පවසා තිබෙනවා. වර්තමානය වන විට සංහතික මාධ්‍ය හා සංහතික සන්නිවේදන ක්ෂේත‍්‍රයේ අපට දක්නට ලැබෙන මූලික ප‍්‍රවණතාවක් වන්නේ නූතන මාධ්‍ය හා නව මාධ්‍ය අතර සිදුවන අන්තර් ක‍්‍රියාකාරීත්වය අන්තර් විනිවිදභාවය සහ අනෞන්‍ය සම්බන්ධතාවයි.

ඔබ විශ්වවිද්‍යාලයේ දේශනයකින් ඉගෙනගන්නා මාධ්‍ය පිළිබඳව දැනුම මෙම ලිපි මාලාව ඔස්සේ ඉගෙනීම මාධ්‍ය අභිසාරීතාවය ලෙස හදුන්වන්න පුලුවන්. මාධ්‍ය කිහිපයක් එකට ඒකරාශී වී සන්නිවේදන කාර්‍යයක නිරත වීමයි.

මාධ්‍ය අභිසාරීතාවය ගැන කිසියම් දැනුමක් ඔබ ලබාගන්නට ඇතැයි සිතමි. ලිපිය පිලිබදව ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. පවතින කොරෝනා වෛරසය (Covid 19) ඔබගේ අධ්‍යාපනයට බාධාවක් නොවීමට උපකාරී කිරීම මෙහි අරමුණයි.

පරිස්සමින් ඉන්න..සුභ දවසක්..

සටහන : උදේනි පෙරේරා
ජනමාධ්‍ය අධ්‍යනාංශය
සිව්වන වසර
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය.

Comments

  1. මම 2021 උසස්පෙල විභාගයට කළා අන්ශයෙන් පෙන් සුටින ශිෂ්‍යයෙක් . ලොකු උදව්වක් උනා මෙම ලිපිය .........

    ReplyDelete
    Replies
    1. මම විවාද කටයුතුවල නිරත වන්නෙක් ඔබගේ ලිපිය මට බොහෝ උපකාරී වුණා

      Delete
  2. අපේ මීඩියා සර් අද දාලා තිබ්බ පෙපර් එකකත් මාධ්‍ය අභිසාරීතාව යනු කුමක්ද කියලා ප්‍රශ්නයක් තිබ්බා. ඉතිං මේ ලිපිය මට ගොඩාක් උදව් වුනා. ඒ ප්‍රශ්නයට උත්තරෙත් ලැබුණා. බොහොම ස්තූතියි. තව තවත් මේ වගේ ලස්සන ලස්සන ලිපි ලියන්නට ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  3. එතකොට මාධ්‍ය අභිසරණතාවය කියන්නේ මොකක්ද ??? මට ඒකත් ටිකක් දැන ගන්න ඕන. කියලා දෙන්න Please.

    ReplyDelete
  4. මාධ්‍ය අභිසාරිතාව මගින් ලැබෙන වාසි මොනවද

    ReplyDelete

Post a Comment