ඔස්කාර් සම්මාන උළෙල ( Academy Awards )

චිත්‍රපටි ගැන උනන්දුවක් තියෙන ඕන කෙනෙක් අහලා තියෙන නමක් තමයි ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන උළෙල කියන්නේ. ඉතින් අපේ කැම්පස් එක ඇතුලෙත් film , television වගේ විශයන් ඉගෙන ගද්දි අපිට වැඩිපුර මේ ඇකඩමි සම්මාන උළෙල ගැන අහන්න ලැබෙනවා.විභාග වලට පවා අපිට ඕනි වෙන අවස්ථා තියෙනවා. ඉතින් නංගියේ මල්ලියේ මම අද කියන්න හදන්නේ ඉතාම කෙටියෙන් ඇකඩමි සම්මාන උළෙල කියන්නේ මොකක්ද කියලා.
ඉතික් ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකාවේ වාර්ෂිකව පවත්වනු ලබන සිනමා උළෙලක්. මේක  සංවිධානය කරන්නේ ඇමරිකාවේ Academy of Motion Picture Arts and Sciences (AMPAS) කියන  ආයතනය. මෙහිදී  සිදුවන්නේ සිනමා කර්මාන්තයේ විශිෂ්ටතා දැක්වූවන් හට විවිධ අංශ ඔස්සේ ත්‍යාග ප්‍රධායන කිරීමයි.මේ සම්මාන උළෙලේ හරි නම ඇකඩමි සම්මාන උළෙල උනත් ලෝකයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය වන්නේ " ඔස්කාර් " යන සුරතල් නම තමයි..  1929 මැයි 16 දින ආරාධිතයන් 270 කගේ සහභාගිත්වයෙන්  Hollywood Roosevelt හෝටලයේදී තමය් පළමු ඇකඩමි කම්මාන උළෙල පවත්වලා තියෙන්නේ. එහිදී විවිධ අංශ ඔස්සේ සම්මාන 15ක් පමණ ප්‍රධානය කරලා තියෙනවා.

ඉතිහාසයේ පලමු ඔස්කාර් සම්මානයට හිමිකම් කියන ලද්දේ Emil Jannings ය.  The Last Command සහ The Way of All Flesh  යන චිත්‍රපට වල රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය ඔහුට ලැබෙනවා.
ඉතිහාසයේ වැඩිම ඔස්කාර් සම්මාන ගණනකට හිමිකම් කියූ රංගන ශිල්පිනිය වන්නේ සම්මාන 4 කට හිමිකම් කියූ Katharine Hepburn ය. සම්මාන 3 කට බැගින්  හිමිකම් කියූ Walter Brennan , Jack Nicholson සහ daniel day-lewis වැඩිම සම්මාන ලැබූ රංගන ශිල්පින් වෙනව.. ඒ අතරින් daniel day-lewis හොදම නළුවාට හිමි සම්මානට තුන්වරක් දිනාගෙන තියෙනවා.වැඩිම සම්මාන ගණනක් ලබාගත් චිත්‍රපට වන්නේ සම්මාන 11 බැගින් ලබා ගත් Ben-Hur (1959), Titanic (1997) සහ The Lord of the Rings: The Return of the King (2003) යන චිත්‍රපටයි. 
ඔස්කාර් සම්මානය  සඳහා පිළිගන්වන කුඩා පිළිරුව නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ Cedric Gibbons නම් නිර්මාණ ශිල්පියා හටය. මෙය අඟල් 13.5 ක් පමණ උසකින් ද , පවුම් 8.5 ක් බරකින් ද යුතු britannium නම් ලෝහ මිශ්‍රණයෙන් සදා රත්‍රන් අලේප කරන ලද පිළිමයක්. ඔස්කාර් සම්මාන ලාභීන් හට එය මුදල් පිණිස අලෙවි කිරීම තහනම් වන අතර විකිණීමට අවශ්‍යය නම් පළමුව එය ප්‍රධානය කල පාර්ශවය වන Academy of Motion Picture Arts and Sciences (AMPAS) වෙත ඩොලර් 1 කට විකිණිය යුතු බවට ගිවිසුම් අත්සන් කල යුතු වනවා . ප්‍රථම වතාවට ඔස්කාර් සම්මාන උළෙල සජීවීව රුපවාහිනිය  ඔස්සේ විකාශනය කරන ලද්දේ 1953 දිය. වර්තමානය වන විට රටවල් 200 ක පමණ රුපවාහිනිය ඔස්සේ සජීවීව විකානය කරනවා. ඉතා කෙටියෙන් අපිට මේ විදියට ඔස්කාර් සම්මාන උළෙල සදහන් කරන්න පුලුවන්. ඉතින් ඒ වගේම 2015 ( 88TH – 92ND ) ඉදන් මේ වෙනකල් තිබ්බ  Oscar සම්මාන උළෙලවල් වල  best film දිනපු film 5 යි , හොදම නළුවෝ 5, නිලියෝ 5 යිත් දාන්නම් . වැඩිපුර මේ ගැන උනන්දු අය ඔය ෆිල්ම් ටික බලන්න.

Best Picture
Best actor
Best 
2015
Bird man 
Eddie Redmayne 
Julianne Moore 
2016
Spotlight
Leonado Dicaprio 
Brie Larson 
2017
Moon light
Casey Affleck 
Emma Stone 
2018
The shape of water
Gray Oldmen 
Frances Mcdormand 
2019
Green book
Rami Malek 
Olivia Colman
2020
Parasite
Joaquin phoenix 
Renee Zellweger 

සුභ දවසක්..!

සටහන : කවිදු අමරතුංග 
තෙවන මාධ්‍ය 
ජනමාධ්‍ය  අධ්‍යනාංශය 
කොළඹ විශ්ව විද්‍යාලය 
ශ්‍රීපාලි මණ්ඩපය






Comments