අරාබි වසන්තය - Arab Spring


අරාබි වසන්තය - Arab Spring 



අරාබි වසන්තය ආරම්භ වෙන්නෙ හේතු කිහිපයක් බලපා තිබෙනවා. ඒ අතර,

  • විරැකියාව.
  • ආගමික මතවාද.
  • තරුණයින්ට නිදහස අහිමි වීම.
  • මානව හිමිකම් උල්ලංඝනය.


වගේ සිදුවීම් විශේෂයි.

අරාබි වසන්තය කියලා කියන්නෙ පැවති අසාධාරණය පාලයට එරෙහිව අරාබියේ රටවල් පුරා ශීඝ්‍රයෙන් පැතිරී ගිය නැගී සිටීමේ ව්‍යාපාරයකටයි.

ඇතැම් අය මේ අරාබි වසන්තය "මුස්ලිම් වසන්තය" කියලත් හඳුන්වනවා. අරාබි වසන්තය පිළිබඳව අවධානය යොමු කරන්න ඕනි ප්‍රජාවක් අතරින් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ප්‍රජාව සඳහා පිබිදුණ ව්‍යාපාරයක් වන නිසයි.

අරාබි වසන්තයට හේතු කාරකය වාර්තා වෙන්නෙ 2010 වසරෙදි ටියුනීසියාවෙන්. ටියුනීසියාවේ පළතුරු හා එළවළු වෙළදාමේ යෙදෙන තරුණයෙක් පෙට්‍රල් තබාගෙන සිය දිවි හානි කරගන්නවා. ඒකට හේතුව එම තරුණයා වෙළදාම් කරපු කරත්තයට බලපත්‍ර නැති වීම නිසා දූෂිත රාජ්‍ය නිළධාරීන් ඒ වෙනුවට ඔහුගෙන් අල්ලස් ඉල්ලීමයි. එම අල්ලස් ප්‍රතික්ෂේප කිරීම නිසා මේ තරුණයා වෙළදාම් කරන කරත්තය මේ දූෂිත රාජ්‍ය නිළධාරීන් රාජසන්තක කරනවා. එහි ප්‍රතිපලයක් විදිහට මේ වෙළෙන්දා ගිනි තියාගෙන සියදිවි නසාගෙන තිබෙනවා.

මේ සිදුවීමෙන් ටියුනීසියාව ගිනි ගන්නවා. සාමාන්‍ය ජනතාව අතරෙ මේ අසාධාරණය ගැන ඇති වුණ කතා බහේ ප්‍රතිපලයක් විදිහට රට පුරා විවිධ අරගල ආරම්භ වෙනවා. කැරලි සංවිධානය වෙනවා. මේ සිදුවීම් මාලාව මාසයකටත් වඩා අඩු කාලයකින් විශාල ලෙස ව්‍යාප්ත වෙනවා. ඒකට හේතුව මෙම ව්‍යාපාරයේ කටයුතු වෙනුවෙන් සමාජ ජාලා මාධ්‍ය උපකාර කර ගැනීමයි. මේ පළවෙනි අදියරේ ප්‍රතිපලයක් විදිහට ටියුනීසියාවේ වසර 20 ක් අසාධාරණ විදිහට රට පාලනය කරපු බේන් අලීව නෙරපා දමන්න එරට වැසියන් සමත් වෙනවා.

2011 දී ටියුනීසියාවෙන් ආරම්භ වුණ මේ අරාබි වසන්තය එතනැනි නොනැවතී උතුරු අප්‍රිකාවේත්, මැද පෙරදිග රටවලත්, දකුණු ආසියානු රටවලත් ව්‍යාප්ත වෙනවා.

ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව, මාලදිවයින, යේමනය වගේ රටවල තිබුණ අරාජික පාලන අධිකාරිය පෙරළා දමන්නට මේ අරාබි වසන්තය හේතුවක් වෙනවා.

අරාබි වසන්තයේ ඊළග හමායෑම සිදුවෙන්නෙ ඊජිප්තුවටයි. ඊජිප්තුවේ 1981 වසරේ සිට පාලනය මෙහෙය වූ හොස්නි මුබාරක්ට මේ හේතුව නිසා තම ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස් වෙන්න සිදු වෙනවා.

ලිබියාවේ ගඩාෆි කැරලිකරුවන් අතින් ඝාතනය වෙන්නේත්, අද දක්වාම සිරියාවේ පවතින සිවිල් යුද්ධයට හේතුවෙන්නෙත් අරාබි වසන්තයයි.

අරාබි වසන්තය ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය ජාල හරහා එහි ආධාර ඇතිව සන්නිවේදන කාර්‍යයේ නිරත වූ නිසා සීඝ්‍ර ලෙස ලොව පුරා ව්‍යාප්ත වෙන්න ඒක හේතුවක් වෙනවා. අරාබි වසන්තයට වැඩිහිටි ප්‍රජාවට වඩා දායකත්වය දී තිබෙන්නෙ තරුණ ප්‍රජාවයි.

නමුත් අද දක්වාම පවතින සිරියාවේ නිමා නොවෙන ඛේදනීය සිවිල් යුද්ධය, හුතී කැරලිකරුවන්ගේ ගැටුම්, isis ත්‍රස්ත පහර දීම් වලට මූලික වුණ අරාබි වසන්තයේ ප්‍රතිපල අදටත් අවසන් වී නැහැ.

අරාබි වසන්තය ඇමරිකාව වගේ බලලෝභී රටවල කුමන්ත්‍රණයක් විදිහටත් ඇතැම් අය අදහස් පල කරනවා.

සටහන : උදේනි පෙරේරා
Udeni0115perera@gmail.com

Comments