පරිකල්පනය සහ ගුවන්විදුලිය

පරිකල්පනය සහ ගුවන්විදුලිය



                    වර්තමානය තුළ ජීවත් වන මිනිසාට අත්‍යාවශ්‍යම සාධකයක් ලෙස සoහතික මාධ්‍යය අපට හඳුනාගත හැකිය.මිනිසා සන්නිවේදන කාර්යයන් සිදු කරන විට සoහතික මාධ්‍යන්ගෙන් ලැබෙන්නේ නොමද සහයෝගයකි.සoහතික මාධ්‍යයන් අපට ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදා වෙන්කර දැක්විය හැකිය.එනම් ,

1.සාම්ප්‍රධායික මාධ්‍ය (හූව , අඬබෙර , දුම යැවීම, කොඩි ක්‍රම)
2.නූතන මාධ්‍ය (පුවත්පත , ගුවන්විදුලිය , රූපවාහිනිය)
3.නව මාධ්‍ය (අන්තර්ජාලය ,සමාජ ජාලා වෙබ්)

               ප්‍රාථමික අවධීන් තුළ භාවිතා කරන ලද මාධ්‍ය අප විසින් සාම්ප්‍රධායික මාධ්‍ය ලෙස හඳුන්වනු ලැබේ,ක්‍රමයෙන් මිනිසා විවිධ යුග සහ ශිෂ්ඨාචාරයන් පසුකරගෙන පැමිණි විට මිනිස් සරල අවශ්‍යතා සකීර්ණ වන්නට විය.තම සරල අවශ්‍යතාවයන්ගෙන් තෘප්තිමත් නොවූ මිනිසා විවිධ දෑ සොයමින් , නිර්මාණය කරමින් කාලයෙහි හැසුරුණි.එහි ප්‍රතිඵලයක් වශයෙන් නව සoහතික මාධ්‍ය (ජන මාධ්‍ය) ලොවට දායාද විය.පිලිවෙලින් පුවත්පත් මාධ්‍ය , ගුවන්විදුලි මාධ්‍ය ,රූපවාහිනී යන මාධ්‍යන්ගේ ගමනාගමනය සන්නිවේදන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කිරීමට සමත් විය.



           මෙම සහතික මාධ්‍ය අතුරින් ගුවන්විදුලි මාධ්‍යට එදා සිට අද දක්වාම තිබෙන වැදගත්කම අඩු වී නොමැත.ඊට ප්‍රධානතම හේතු සාධකය ලෙස අපට දැක්විය හැක්කේ ගුවන්විදුලිය සතු පරිකල්පන ශක්තියයි.

              ගුවන්විදුලිය අයත් වන්නේ ශ්‍රව්‍ය මාධ්‍යය ගණයටයි.අසා රසවිදිය හැකි මාධ්‍යක් ලෙස ගුවන් විදුලිය ජනතාව අතර ප්‍රකට වී තිබේ.තවද , තනි පුද්ගලයෙකුට ආමන්ත්‍රණය කරනු ලබන මාධ්‍යක් ලෙසද අපට ගුවන්විදුලිය හඳුනාගත හැක.

           පරිකල්පනය ලෙස අපට සරලවම හඳුනාගත හැක්කේ චිත්ත රූප මැවීමට හැකි වීමයි.රූපවාහිනියෙන් අප සීගිරිය පිළිබඳව වැඩසටහනක් නරඹනවා යැයි සිතමු.එවිට එහි සීගිරිය ආශ්‍රිත රූපරාමු දර්ශනය කරමින් පසු කථන ලබා දෙන බැවින් අපට සීගිරිය පිළිබඳව වෙනත් චිත්ත රූප මවමින් මොළය වෙහෙසීමට අවශ්‍ය නොවේ.නමුත් ශ්‍රව්‍ය මාධ්‍යක් පමණක් වන ගුවන් විදුලි මාධ්‍ය තුළ රූප රාමු දර්ශනය කිරීමට හැකියාවක් ඇත්තේ නැත.එම නිසා එම වැඩසටහන ශ්‍රවනය කරන ශ්‍රාවකයාට සීගිරිය පිළිබඳව තමන්ගේ අත්දැකීම් , තමා නරඹා ඇති සීගිරිය ආශ්‍රිත මතකයන් , සීගිරිය පිළිබඳව තමා දුටු වෙනත් දෑ ආදිය මතකයට නැගේ.ගුවන් විදුලි මාධ්‍යට සවන් දෙන ශ්‍රාවකයෙක් හට මෙම ක්‍රියාවන් සිදු කිරීමට මොළයෙන් අමතර වෑයමක් දැරීමට අවශ්‍ය වන්නේ නැත.එය ඉබේම සිදු වන ක්‍රියාවලියකි.මෙය අප හඳුන්වන්නේ පරිකල්පනමය ශක්තිය ලෙසය.


අනිකුත් සහතික මාධ්‍ය (ජන මාධ්‍ය) අතුරින් ගුවන්විදුලිය වෙනස් වන්නේ එකී පරිකල්පනමය ශක්තිය මුල් කර ගනිමිනි.පුවත්පතක් ගත් විට අප එය කියවීම ඔස්සේ එහි ඵල කර ඇති ඡායාරූප මගින් අවබෝධය ලබා ගනී.රූපවාහිනියේත් ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රමවේදයන් ඔස්සේ අප විසින් අවබෝධය ලබා ගනී.නමුත් ගුවන් විදුලි මාධ්‍ය තුල තිබෙන පරිකල්පනමය ගුණය හේතුවෙන් තමාට පමණක් ආවේණික වූ චිත්ත රූප මැවීමට ශ්‍රාවකයාට අවකාශය උදාවේ.මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

Comments